වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
පිනි සුළඟේ විසිරුණු ආදර කතාව

වයෝවෘද්ධ ධනවත් වතු හිමිකරුවකු වූ ක්ලිෆර්ඩ්ගේ එකම සුරූපී තරුණ දියණිය වන ඉෂාරාව කප්පම් කරුවන් පිරිසක් විසින් පැහැරගෙන යනු ලබයි. ක්ලිෆර්ඩ්ට තම දියණිය බේරා ගැනීම සඳහා විශාල මුදලක් කප්පම් කරුවන්ට ගෙවීමට සිදුවෙයි. කලින් සැලසුම් කළ පරිදි, කප්පම් මුදල් ලබා ගැනීමේ දී, පොලිසිය විසින් එම පිරිස කොටුකර ගැනීමට උත්සාහ කළද ඔවුහු පලා යති.
තම වත්තේ පවතින රැකියා ඇබෑර්තු කිහිපයක් සඳහා තරුණයන් පිරිසක් බඳවා ගැනීමට ක්ලිෆර්ඩ් කටයුතු කරයි. කල්ගත වීමේ දී එම තරුණයන් අතර සිටි සමීර ක්ලිෆර්ඩ්ගේ දියණිය වූ ඉෂාරා සමඟින් පෙම් කතාවකට මුල පුරයි. වතු අධිකාරිවරයා වන ග්‍රේෂන්, ක්ලිෆර්ඩ්ගේ තරුණ බිරිඳ වූ ෂෙරින් සමඟින් රහසිගතව සබඳතාවයක් පවත්වාගෙන යනු ලබන අතර ඉෂාරා පිළිබඳව ද අවධානයෙන් පසුවේ. දිනක් ක්ලිෆර්ඩ් හා බිරිඳ අතර සිදුවන ආරවුලකදී ඔහුගේ පහරකෑමෙන් ෂෙරින් මිය යයි. එම මරණය වසං කිරීම සඳහා ග්‍රේෂන්ගේ සහය පතයි.
තම මවගේ මරණය පිළිබඳව සැක කරන ඉෂාරා තම පෙම්වතා වන සමීර හා ඔහුගේ මිතුරා වන ශාන් සමඟින් එක්ව මෙම අභිරහස සෙවීමට රහසිගතව කටයුතු කරයි. ඔවුනට මෙම අබිරහස සොයා ගැනීමට හැකි වේ ද? ක්ලිෆර්ඩ්, ග්‍රේෂන්ට ඉෂාරා සරණපාවා දේවි ද? යන පැනයන්ට පිළිතුර ප්‍රේක්ෂක ඔබට ළඟදීම දැනගැනීමට හැකි වනු ඇත.
ප්‍රවීණ තිර රචකයකු අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු වන මොහොමඩ් මොහාන් නියාස් තිරයට ගෙන නවතම සිනමා නිර්මාණයයි. බඹර වසන්තේ. ඔහු මෙයට ප්‍රථම, යසෝමා (1997) ඕතඥදඤඪදඨඵ (1997), අනුරාගයේ අනන්තය (2000) සඳ යහනට (2000), කළු සුදු මල් (2000), එක මලක පෙති (2006) අපි මැරෙන්නේ නෑ (2014) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී වික්‍රම සහ මායාවී යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත. උසාවි තහනමකට ලක්වූ, ගිනි සිළු චිත්‍රපටයද ඔහුගේ නිර්මාණයකි. රිදී තිරයේ මෙන්ම පුංචි තිරය තුළින් ද ප්‍රේක්ෂකයා හමුවට ආ ඔහු, පාට පාට හීනයක්, ලොක්කයියා, මං නැතිදා, හිතට වහල් වීමි, ගිනි දලු මැද, සිහින ඉසව්ව, ගජමුතු යාය, සිටු දියණියෝ, සීතාම්බර සළු, සමනලයා වැනි ටෙලි නිර්මාණ හතළිහකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කර ඉදිරිපත් කර ඇත. අඛණ්ඩව නිර්මාණකරණයේ නියැළෙන ඔහු මේ දිනවල, මළ දරුවෝ නමින් නවතම චිත්‍රපටයක රූපගත කිරීම් සිදු කරමින් සිටී.
බඹර වසන්තේ චිත්‍රපටයේ රංගන දායකත්වය
චන්න පෙරේරා, තනාෂා සතරසිංහ, ජගත් ගලප්පත්ති, ගයේෂා පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධික ජයරත්න, චංචලා වර්ණසූරිය, උපාලි කීර්තිසේන, නන්දන හෙට්ටිආරච්චි, ටෙඩී විද්‍යාලංකාර, අරුණ රූපසිංහ, චරක තුෂිර, කුමාර තිලකරත්න, සුනිල් හේරත්, ජීවක සම්පත්, දිල්කි ලියනගේ, නිලුපුල් නෙත්තිකුමාර, අජන්ත පුෂ්පකුමාර ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක් වී ඇත.
බඹර වසන්තේ කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය - මොහාන් නියාස්
නිෂ්පාදනය - ටී.ටී. නඩේෂ්
කතාව , දෙබස් සහ තිර රචනය - ජගත් ගලප්පත්ති
සහය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග
කැමරා අධ්‍යක්ෂණය - කේ.ඩී. දයානන්ද
කැමරා සහය -හර්ෂණ කරුණාතිලක
අතිරේක කැමරාකරණය - යාපා විජේබණ්ඩාර
සංස්කරණය - අනුර බණ්ඩාර
වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර
අංග රචනය - ගයනි සතරසිංහ සහය - සජිත් මධුරංග
ශබ්ද සංකලනය සහ දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
5.1 ශබ්ද සංකලනය - සංගීතා
(චෙන්නායි - ඉන්දියාව)
කලා අධ්‍යක්ෂය සහ ගී පද රචනය - මල්ලවගෙදර සුනිල් ආනන්ද
කලා සහය - නීල් රවින්ද්‍ර, ප්‍රදීප් ලංකා, ප්‍රබෝධ සේනාරත්න, ධනංජය අලහකෝන්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නිෂ්පාදන කළමණාකරණය -
මලිත් ප්‍රසන්ත, ලලිත් ගලප්පත්ති
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
දෘශ්‍ය ප්‍රයෝග - වික්‍රම දීගල්ල
සංගීත අධ්‍යක්ෂණය - නීල් වර්ණකුලසූරිය (සන්ෆලර්ස්)
බඹර වසන්තේ ගීතයේ සංගීතය - ෆර්හාන් ශාන්
ගීත ගායනය - උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, සුරංග ද සිල්වා, අමිලා නදීශානි, නීල් වර්ණකුලසූරිය, ජගත් ගලප්පත්ති
සජීවීකරණ නාමාවලිය - කවිත සල්ගාදු
ගීත පටිගත කිරීම - සොනික් ශබ්දාගාරය
සංස්කරණ මැදිරිය හා කාර්මික උපකරණ සැපයීම - ෆයින් විෂන් ගෘාප්
යුනි ලංකා චිත්‍රපට ඉදිරිපත් කිරීමක්