වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ත්‍රස්තවාදයේ නොනිවෙන ගින්න

එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව, උතුරු නැගෙනහිර ජනතාව මුදාගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේදී මුළු රටේම ආරක්ෂක විධිවිධාන තරකර තිබුණු අතර, එම කාලය සියලුම ජනතාවට අභියෝගකාරී සමයක් විය. ‘දිනුජය’ පුවත්පතෙහි දේශපාලන පුවත් වාර්තාකරුවකු ලෙස සහන් සේවයේ නිරතව සිටි, එහි ප්‍රධාන කර්තෘගේ උපදෙස් මත, ඊ. පී. ආර්. එල්. එෆ් සංවිධානයේ හිටපු නායක පද්මනාබාගේ ඝාතනය සම්බන්ධව වාර්තාවක් සැකසීම සඳහා ඉන්දියාවට යාමට සිදුවෙයි. දේශපාලන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන විශ්වජිත් මහතාව මුණගැසෙන සහන්, තම රාජකාරිය සඳහා ඔහුගේ සහයෝගය බලාපොරොත්තු වන අතර, මහාචාර්යවරයා විසින් ඉන්දීය රහස් ඔත්තු සේවයේ සංදීප් නැමැත්තාව සහන්ට හඳුන්වාදෙනු ලබයි. සංදීප් විසින් වාර්තාවට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔවුනට ලබාදෙන අතර, ඉන්දියාවේ වෙසෙන තම්බිදොරේ නමැති එල්. ටී. ටී. ඊ. සාමාජිකයා විසින් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ වත්මන් නායකයා වන වර්ධරාජා පෙරුමාල් ව ඉන්දියාවේදී පැහැරගැනීමේ සැලසුමක් පිළිබඳවද තොරතුරු අනාවරණය කරයි. මහාචාර්ය විශ්වජිත් මෙන්ම සහන්ව ද දඩයම් කිරීමට තම්බිදොරේ ඇතුළු කණ්ඩායම මාන බලයි. මහාචාර්යවරයාගේ සහ සහන්ගේ ඉරණම කෙලෙස විසඳේද ? තම්බිදොරේ තම අරමුණ ජයගනීද යනු “සයනයිඩ්” තිරගත වූ කල තීරණය කිරීමට හැකිවනු ඇත.
නලින් රාජපක්‍ෂගේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය ලෙසින් “සයනයිඩ්” චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. අධ්‍යක්‍ෂවරයකු පමණක් නොව චිත්‍රපට නිෂ්පාදකවරයකු, තිර පිටපත් රචකයකු, ගීත රචකයකු සහ සටන් අධ්‍යක්‍ෂකවරයකු ලෙසද කටයුතු කරන ඔහු මෙයට ප්‍රථම “අඟර දඟර” (2011) සහ “රන් දේදුන්නක්” (2016) යන චිත්‍රපට ද්විත්වය සිනමා ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කර ඇත.
සයනයිඩ් රංගන දායකත්වය
රාජා ගනේෂන්, රනිෂ් හේවගේ, ප්‍රකාශ් දසාරි, ගීතා කාන්ති ජයකොඩි, ජගත් ගලප්පත්ති, නිසුලි රාජපක්‍ෂ, ක්‍රිස්ටිනා බිටෝ, යාරා සේතු, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නංගර, මහේෂ් කුමාර, ආර්. එම්. හේරත්, මොහාන් පඩාලා, බාලු අකුලා, සතීෂ් ගෝදි, නුවන් ශාලික නවගමුව, තුවාන් නජීම් සලීම්, වීනු මල්ලා වීදි ඇතුළු පිරිසකි.
සයනයිඩ් කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය
සටන් අධ්‍යක්‍ෂණය සහ අධ්‍යක්‍ෂණය - නලින් රාජපක්ෂ
සහය අධ්‍යක්‍ෂණය, දෙමළ භාෂාව සහ හඬ පුහුණුව - රාජා ගනේෂන්
කැමරා අධ්‍යක්‍ෂණය - විශ්වජිත් කරුණාරත්න, ටෝනි භරනිකනා
සංස්කරණය සහ දෙබස් පටිගත කිරීම - අනුර බණ්ඩාර
වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර
සහය කැමරාකරණය -
චින්තක බණ්ඩාර, ඉන්දික අත්තනායක, ආර්. රාමු
අංගරචනය - තරංග රුක්මල්
කලා අධ්‍යක්‍ෂණය - ඇලෙක්ෂි ප්‍රනාන්දු
වස්ත්‍රාභාරණ නිර්මාණය - චන්දි චමාලි
7.1 ශබ්ද සංකලනය - ශසික රුවන් මාරසිංහ
නිෂ්පාදන කළමනාකරණය - රාජා බාලසූරිය
ආලෝකකරණය - සමන් කුමාර
ඩ්‍රෝන් කැමරා ක්‍රියාකරු - වෙන්කටේෂ් මුෂිරිකා
නිෂ්පාදන සම්බන්ධීකරණය - වෛද්‍ය කපිල ර්‍ථධ්ඕඊ
පරිගණක සැකසුම - ශානිකා නදීශානි
පසුබිම් සංගීතය, ගී තනු සහ ගායනය - දුල්ෂාන් සුලක්ෂණ
විශේෂ ප්‍රයෝග හා නාමාවලිය - අමිල ශ්‍රී කුමාරසිංහ
හඬ දායකත්වය - මහින්ද කුමාර්, ජගන්නාතන් චන්ද්‍රහසන්, ඉලංගෝ අනාතක්‍රිස්නන්, සුප්පියා මනෝහරන්, අනාතක්‍රිස්නන් සුරේෂ් කුමාර්
පටිගත කිරීම - හෙලෝ ඕඩියෝ ස්ටූඩියෝ
සැකසුම - සරසවි චිත්‍රාගාරය - දළුගම, කැලණිය.
වාද්‍ය වෘන්දය - චමිත් හේෂාන්, ඉසුරු එරන්දික, ශෙනාල් ඈගල්ල, හිරුෂ ලියනගේ
මූන් ලයිට් චිත්‍රපට ඉදිරිපත් කිරීමක්