වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ගුරු ගෝල සටනේ ප්‍රතිරාවය

දීර්ඝ කාලයක් තිස්සේ පුංචි තිරය හරහා නිර්මාණකරණයේ යෙදුණ සනත් අබේසේකර පළමුව සිනමාව ජයගන්නේ 2011 වසරේ තිරගත කළ, මහින්දාගමනය, සිනමා පටය සමගිනි. ඉන් අනතුරුව, අනගාරික ධර්මපාල, (2014) සහ මහරජ අජාසත්, (2015) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි ‘ගුත්තිල’. පුංචි තිරය ඔස්සේ ටෙලි නිර්මාණ පනහකට අධික සංඛ්‍යාවක් ප්‍රේක්ෂක ආලින්දයට රැගෙන ආ ඔහුගේ නිර්මාණ අතර, දෙවෙනි අම්මා, දරුවන්ගේ අම්මලා, දඹුලුගල සක්මන, සමනලයානෝ, උරුමයක අරගලය, මහවිරු පණ්ඩුල සහ අසිරිමත් දළදාගමනය ද විය.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය පාලනය කරන සමයේ බෝධිසත්වයාණන් වහන්සේ ගාන්ධර්ව විද්වත් කුලයක ඉපදී ගාන්ධර්ව නම් ශිල්පය නිමවා ගුත්තිල යන නමින් දඹදිව ප්‍රසිද්ධ වූහ. එපමණක් නොව බ්‍රහ්මදත්ත රජුගේ රජ වාසලේ ප්‍රධාන ගාන්ධර්වයාද විය.
බරණැස සිට වෙළඳාමේ ගිය වෙළඳුන් සතර දෙනෙකුට උදේනි පුරදී ගීත වාදනයකින් සතුටු වීමට අවැසි වු නිසා ඒ පුර විසු ප්‍රධාන ගාන්ධර්වයා වු මූසිල හමුවිය. ඔහුගේ වීණා වාදනයෙන් සතුටු නොවු වෙළෙන්දෝ ඔහුට සිනාසුණි. එහිදී මට වඩා දක්‍ෂ වීණා වාදකයෙක් තව තැනෙක දැක තිබේදැයි ඇසීය. එවිට වෙළඳුන් බරණැස සිටින ගුත්තිල නම් මහා ගාන්ධර්වයා ගැන ගුණ වර්ණනා කළ නිසා මූසිල ඔවුන්ගේ මාර්ගයෙන් ගුත්තිල ඇදුරු හමුවට පැමිණියේය. එහිදී මූසිල ගුත්තිල ඇදුරුහට තමාට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්නැයි නිතර ඇවිටිලි කරන්නට විය. තම අන්ධ දෙමව්පියන්ගේ ඉල්ලීම මත මූසිලට වීණා වාදනය උගැන්වීමට ගුත්තිල ඇදුරු තීරණය කරයි.
අවසානයේ මූසිල ගීත ගායනයෙත්, වීණා වාදනයෙත් අති දක්‍ෂයෙකු විය. ඉන්පසුව මූසිලට උවමනා වූයේ, ගුත්තිල ඇදුරු මෙන් බරණැසම කාලය ගෙවමින් රජුගේ ප්‍රධාන ගාන්ධර්වයා වීමටයි. රජු මූසිලගේ ඉල්ලීමට අවනත නොවීය. එහිදී මූසිල රජුට පවසා සිටියේ තමා ගුත්තිල ඇදුරුට සමාන බවත් ගුත්තිලට ගෙවන වැටුප තමාටත් ගෙවන ලෙසයි. එසේ නොවු තැන දෙදෙනාගේ වීණා වාදයක් පැවැත්වීමට රජුගෙන් අවසර පැතීය. එයට රජුගේ කැමැත්ත ප්‍රකාශ විය. අවසන ගුත්තිල මූසිල වීණා වාදයෙන් ගුත්තිල ඇදුරන්ට ජය අත්විය.
ගුත්තිල චිත්‍රපටයේ රංගන දායකත්වය
විශාරද එඩ්වඩ් ජයකොඩි, අඛිල ධනුද්ධර, අයිරාංගනී සේරසිංහ, යශෝධා විමලධර්ම සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චූලක්‍ෂි රණතුංග, ශ්‍රීමාල් වෙඩිසිංහ, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, ගිරිරාජ් කෞශල්‍ය, අමිල කරුණානායක, මහින්ද පතිරගේ, සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, නදීකා ගුණසේකර, අනුර බණ්ඩාර රාජගුරු, පූජනී භාග්‍යා, රෝහිත් මාන්නගේ, ජයරත්න ගලගෙදර, ගයාන් මාපලගම, රිචඩ් අබේවර්ධන, ඩැනී සමරවීර, ආලෝකා ධනංජනි ඇතුළු පිරිසකි.
ගුත්තිල චිත්‍රපටයේ කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිරරචනය සහ අධ්‍යක්‍ෂණය - කලාකීර්ති ශී‍්‍ර සනත් අබේසේකර
සංකල්පය - පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල
කාව්‍ය කෘතිය ඇසුරිනි.
නිෂ්පාදනය - හරේන් නාගොඩ විතාන, දිලිනි සිල්වා
අධීක්‍ෂණය - තිස්ස නාගොඩවිතාන
කැමරා අධ්‍යක්‍ෂණය - සුජිත් නිශාන්ත
කැමරා සහය - ඩබ්ලිව් වී. නුවන් නිරෝෂන්
සහය අධ්‍යක්‍ෂණය - ආනන්ද එස් කපුගේ, ඉසංකා ගුණවර්ධන, සහන් වීරවර්ධන
විධායක නිෂ්පාදක - රොෂාන් සංජේ හේරත්
කලා අධ්‍යක්‍ෂණය සහ පසුතල නිර්මාණය - ධම්මික හේවාදුවත්ත
අංග රචනය - තරංග රුක්මලවල
සටන් අධ්‍යක්‍ෂණය - සුමුදු අමල්ක
නර්තන නිර්මාණය - චන්දන වික්‍රමසිංහ, චන්න විජේවර්ධන
වර්ණ සංයෝජනය සහ සංස්කරණය - ප්‍රවීන් ජයරත්න
ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න, සශින් ගිම්හාන් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - විරංග විශ්ව රණසිංහ සහය - නතාෂා පෙරේරා
ඇඳුම් නිර්මාණය - රමේෂා ඕෂිණි
කොණ්ඩා මෝස්තර - රුචිර දිනෙෂ්ක කහඳ, තිලේෂ් ෂොවොන් දිසානායක
ගී තනු සහ සංගීත අධ්‍යක්‍ෂණය - දිනේෂ් සුබසිංහ
ගීත රචනය - පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්ස, මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි, අඛිල ධනුද්ධර
කවි ගායනා - ඉනෝකා අහංගම, දයානාත් බණ්ඩාර
අත්වැල් ගායන වෘන්දය - උරේෂා රවිහාරි, කාව්‍යා සත්සර,
ශාමිකා ප්‍රනාන්දු, රෝෂියා ප්‍රනාන්දු, අකිහේල් එල්සියා,
දිල්රූ ජිනාජිත් කොස්තා, ෂෙහාන් උදේෂ් ප්‍රනාන්දු,
චන්දුල රාමින් තමෙල්, චමිත් තරංග, ක්‍රිෂාන්ත වර්ණකුල,
ධම්මික ඩයස්, තරංග ප්‍රසංග, අර්ජුන් මිරැන්ඩෝ, සංජිව පීරිස්, ඇරන් ප්‍රනාන්දු, දිනේෂ් සුභසිංහ.
ගසල් නර්තන නිර්මාණය - ශානිකා දිල්රුක්ෂි රූපසිංහ
ගසල් නර්තනය - ශානිකා දිල්රුක්ෂි රූපසිංහ, නිමේෂිකා රත්නායක, උත්තරී ජයවර්ධන,
සෙව්වන්දි වත්තේ ගෙදර, දුලාංජලී ශෂිනිකා චන්ද්‍රරත්න.
නිශ්චල ඡායාරූප - ජනිත් ප්‍රියංකර
ශබ්ද ප්‍රතිවාදනය - රංජිත් පෙරේරා
තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ ඉදිරිපත් කිරීමකි