වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
වංකගිරියක අතරමං වූ පෙම්වතුන්

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ගෞරව උපාධි පාඨමාලාවේ කථිකාචාර්යවරයකු වන ප්‍රභාත් අගම්පොඩිගේ කුලුඳුල් සිනමා වියමණයි, වියසිදුරු, චිත්‍රපටය. මෙය පශ්චාත් නුතනවාදී සිනමා ශානරයට අයත් සිනමා කෘතියකි. මේ වනවිටත් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් රැසක් නියෝජනය කරමින් සම්මානයට හා ඇගයීමටද, වියසිදුරු, පාත්රව ඇත. තිර පිටපත් රචකයෙකු හා සාහිත්‍යවේදියකු ද වන ප්‍රභාත් අගම්පොඩි විසින් පශ්චාත් නුතන සිනමාව යන මැයෙන්, සිනමාව පිළිබඳව ගාස්ත්රීය කෘතියක්ද එළිදක්වා ඇත.
පර්යේෂණාත්මක සිනමාවක් තුළ ගොඩනැගෙන මෙම කතා තේමාවේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන හිරන්ත සහ ටානිටා එක් දිනකදී අහඹු සිදුවීමකට මුහුණ දෙනවා. එම සිදුවීමෙන් ඔවුන් ප්රකම්පනයට ලක්වුවත්, එම සිදුවීම කිසිවෙක් නොදුටු බවට තරයේම විශ්වාස කරනවා. ඔවුන්ගේ සිතුවිලි නිරපේක්ෂකභාවයට පත්කරමින්, තුන්වෙනි පාර්ශවයක් මේ සිදුවීම දන්නා බව සිතෙන්නට පටන් ගන්නවා. ඒ හේතුවෙන් මෙම යුවළ පරිකල්පන ලෝකයක් තුළ හිරවීමකට ලක්වෙනවා. ඉතාමත් අහඹු වෙලාවක සිදුවන එකම එක් වරද වුවද සංකේත නීතියට අවනත වෙනවා යන සිතුවිල්ලෙන් ඔවුන්ගේ හදවත් ගිනි ගන්නවා. මෙම සිදුවීම් සියල්ලටම මුහුණ දෙන ආකාරය නිරූපණය කරමින් ඔවුන්ගේ ජිවිත ඉදිරියට ගලාගෙන යනවා. අවසානයේ ඔවුන් නොදැනුම්වත්වම ඔවුන්ගේම ගොදුරු බවට පත්වෙනවා. මෙම යුවළගේ ඉරණම කෙසේ විසඳේද? සිදුවීම දුටු තුන්වෙනි පාර්ශවයේ අරමුණ කුමක්ද? වරදක් සිදුකොට නීතියෙන් සැඟවී සිටීමට හැකිවේද යනු, වියසිදුරු තුලින් ප්‍රේක්ෂක ඔබ වෙත පහදා දෙනු ඇත.
වියසිදුරු රංගන දායකත්වය
කලණ ගුණසේකර (හිරන්ත), ශලනි තාරකා (ටානියා), ලක්ෂ්මන් මෙන්ඩිස් (අල්විස්), ධර්මප්‍රිය ඩයස් (රියදුරු), තුමිදු දොඩන්තැන්න (අල්විස්), චතුර ප්‍රභාත් (තරුණයා) සංජිව දිසානායක (උදව්කරු), ක්‍රිෂාන් මධුසංක, සුරංග දිසානායක
වියසිදුරු කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රභාත් අගම්පොඩි
සම නිෂ්පාදනය - පියුමි අගම්පොඩි, ඇන්ජෙලා කුරුප්පු, කමල් කිත්සිරි ලියනගේ, චන්ද්‍රසිරි බෝගමුව, චතුර ප්‍රභාත්, සුරංග දිසානායක, රංග සේනාරත්න, දර්ශික ෆොන්සේකා, ක්‍රිශාන් මධුසංඛ, සරත් කුමාරසිරි, දර්ශන නුවන්, කසුන් සන්ජන, චලන විමලසුරිය.
සහාය අධ්‍යක්ෂණය - හසන්ත දිසානායක, රුවන් ජයසිංහ, රුවන් මොරැන්දගේ, චමිල් දේශාන්, මධුසංඛ හේරත්
කැමරා අධ්‍යක්ෂණය - සුසන්ත මහගල්ගමුව
කැමරා සහාය - විරංග පතිරාජ, දර්ශික ෆොන්සේකා, ජගත් සුසන්ත, ධනුෂ්ක ගයාන්, චින්තක දුමිත් බණ්ඩාර
සංස්කරණය - චලන විමලසූරිය, ප්‍රභාත් අගම්පොඩි
කලා අධ්‍යක්ෂණය - ඩොමිනික් චන්ද්‍රසාලි සහාය -
සුරංග දිසානායක
අංග රචනය - ලක්ෂික සංකල්ප සහාය - අනු පෙරේරා
විශේෂ ප්‍රයෝග සැලසුම - අකිල සුබුද්ධි වනිගරත්න
වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර
ඩ්‍රෝන කැමරා ක්‍රියාකරු - දර්ශික ෆොන්සේකා
ආලෝකකරණය - පුලින්ද කැකුලාවල, බ්‍රැන්ඩි ගම්පොල, සමන් කුමාර, තරංග සම්පත්, ගයාන් කඟඵපහන
සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්
ශබ්ද ප්‍රයෝග - ප්‍රියන්ත නිරෝශන් සහාය - හසිත ලක්මාල් ජයශාන්ත
5.1 ශබ්ද මිශ්‍රණය, සංගීතය පටිගත කිරීම, ශබ්ද පරිපාලනය - මංජුල බණ්ඩාර
නිෂ්පාදන කළමනාකරණය - චතුර ප්‍රභාත් සහාය -
ක්‍රිශාන් මධුසංඛ, රශ්මි උදීප
දර්ශනතල ශබ්ද පටිගත කිරීම - අරුණ සංජය
නිශ්චල ඡයාරූප - ගයාන් සුලක්ෂණ, විරංජ පතිරාජ
ඇදුම් නිර්මාණය - ඉෂාර කොඩිතුවක්කු සහාය - චමිල් ජනන්ත, බුද්ධි පතිරාජ
කලා අංශය - තිලාන් සංදීප බණ්ඩාර, තරිඳු ධනංජය, සරත් කමලසිරි, නදීක උඩුකුඹුර, ප්‍රසාද් ලක්මාල්, අමිල වීරතුංග
වාද්‍ය වෘන්දය - දිල්පහන් මල්ලිකාආරච්චි, රෝචන රාමනායක, ගීසර විජේකොන්, මිලින්ද තෙන්නකෝන්
දර්ශනතල ශබ්ද සහ බූම් ක්‍රියාකරුවන් - රේනක ගමගේ, දිනුක සසිත්, නවීන් දහනායක, මිලින්ද ගමගේ, ආලෝක බණ්ඩාර