වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
විලාසිතාවක් නොවූ ආදරය යාළුවෝද? යාළුයිද?

මෙරට වෙළඳ දැන්වීම් ප්රචාරක ක්ෂේත්රයේ වසර විස්සකට අධික කාලයක පළපුරුද්දක් සහිත, නිර්මාණශීලි වෙළඳ දැන්වීම් දාහකට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ, දිල්ෂාර ජයමාන්නගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි, යාළුවෝද? යාළුයිද? සිනමා නිර්මාණය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ දිල්ෂාර, ලන්ඩනයේ වෙස්ට් තේම්ස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා, එහිදී වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ග්‍රැෆික් නිර්මාණය ද හැදෑරීමට කටයුතු කර ඇත. යන්ග් ඒෂියා රූපවාහිනී ආයතනයේ කලක් සේවය කළ ඔහු, මේ වනවිට The Mullen Lowe Group of Sri Lanka ආයතනයෙහි ප්‍රධාන නිර්මාණ අධීක්ෂකයා ලෙසින් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් කිහිපයකදීම ඔහුගේ වෙළද දැන්වීම් රූගත කොට ඇත. නැවුම් මාවතක් ඔස්සේ දේශීය සිනමා කර්මාන්තය මෙරටට පමණක් සීමා නොකොට, එය අන්තර්ජාතික තලය වෙත ගෙනයාම ඔහුගේ ඒකායන අපේක්ෂාව වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විලාසිතා සිනමා සිත්තම ලෙසින් තිරයට එක්වන ‘යාළුවෝද? යාළුයිද?’ සිනමා පටය තුළින්, ආදරය හමුවේ තාරුණ්‍යය අත්විදින, මුහුණදෙන විවිධ ගැටලු හා හැලහැප්පීම්, වත්මන් තරුණ පරපුර වෙත විවිධ කෝණයන් ඔස්සේ ගෙන ඒමට අධ්යක්ෂවරයා කටයුතු කොට ඇත. ස්ටෙෆි, මිතූන්, චතු, යොහාන්, කොකෝ, ඉහාන්, ලූකා, මිනෙල්ලා යන චරිත වටා ගෙතී ඇති මෙය, මිත්‍රත්වය, ආදරය අතර ඇති සමීප සබඳතාව මෙන්ම, වර්තමානයේ ඉහළ විලාසිතා ලෝකය හා තරුණ තරුණියන්ගේ ජිවිත කෙරෙහි සමාජ මාධ්‍ය ජාලාවන් තුලින් කෙරෙන බලපෑම පිළිබඳව කදිම පණිවිඩයක් මේ තුළින් ඉදිරිපත් කර ඇත. වර්තමාන ශ්‍රී ලාංකේය තාරුණ්‍යය තුළ දකින හා දැනෙන දේ අනුව අන්තර්ජාතික ප්‍රජාව අනුව යමින් විලාසිතා, සංගීතය හා වෘත්තීය කැමැත්ත පමණක් නොව තම තමන් දරන විවිධ ආකල්පයන් හී ස්වභාවයන් විවිධ පැතිකඩයන් ඔස්සේ යමින්, සංස්කෘතික වෙනස්කමෙහි මුලික හරය මනාව ග්‍රහණය කර ගනිමින්, සෑම වයස් කණ්ඩායකම ප්‍රේක්ෂකයන් හට ඉහළ රස වින්දනයක් ලබාදීම සඳහා කදිම වේදිකාවක් තැනීමට යාළුවෝද? යාළුයිද? සිනමා සිත්තම සමත්වනු ඇත. ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයේ ආරම්භක අවස්ථාවන් කිහිපයක්ම මේ හරහා සනිටුහන් කිරීමට හැකිවීම සුවිශේෂි විශේෂත්වයකි. ඒ සුවිශේෂිත්වය කෙබඳුද, කුමක්දැයි දැන ගැනීමට යාහළුවෝද?, යාළුයිද? සිනමා පටය නැරැඹිය යුතුම වනු ඇත.
යාළුවෝද? යාළුයිද? රංගන දායකත්වය
ශෙරින් විලිස්, එරාජ් ගුණවර්ධන, ධනු සින්නතම්බි, මාස් රමිල්, රොමෙයිනි විල්ස්, සාරංග දිසාසේකර, යුරේනි නොෂිකා, නදිෂ් සිල්වා, දිනක්ෂි ප්‍රියසාද්, මීනා කුමාරි, කුමාර තිරිමාදුර, සාරා ඉල්ලියාස්, ජනිත් වික්‍රමගේ, නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ, ටනාෂා හතරසිංහ, රොෂාන් රණවන, කුෂ්ලානි රණවන, ආකාශ් පරණවිතාන, හිමාෂි විජේවීර, නවීන් ඉෂිකා දසනායක, එම්.ජි.පී. සමීර, මනීෂා සඳරගේ, තිසුරි කාරියවසම්, සහනි විජේකෝන්
යාළුවෝද? යාළුයිද? කාර්මික දායකත්වය
තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - දිල්ෂාර ජයමාන්න
නිෂ්පාදනය - රසිත ජිනසේන
විධායක නිෂ්පාදනය - තරින්දි ෆොන්සේකා, හර්ෂණී කිතුලේගොඩ
කැමරා අධ්‍යක්ෂණය - රංගන එස්. බණ්ඩාර සහාය - හසිත වර්ණසූරිය
සංස්කරණය - කාවින්ද ජූඩ් මුදලිගේ සහාය - නාමක පෙරේරා
සහය අධ්‍යක්ෂණය - ධනුෂ්ක එන්. පෙරේරා, චන්දිම කාරියවසම්, ශලිනි කොරයා, සොඳුරු ලොකුපෝතාගම
ඇඳුම් නිර්මාණය - ජූඩ් ගයන්ත පෙරේරා සහාය - ඩබ්.ඒ. සුසන්ත නිමේෂ්
නර්තන වින්‍යාශය - සඳරංගි පෙරේරා
වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර
වේශ නිරූපණය සහ කේෂාලංකරණය - ප්‍රියන්ත දිසානායක
නිශ්චල ඡායාරූප - තිසුන් ඉන්දීවර, අරන්ත සිරිමාන්න, ජේසන් වර්කෘස්
කලා අංශය - ජොනි අසංක, දීප්ති නන්දන, ප්‍රසාද් පතිරාජ, හිමාල් බණ්ඩාර, සාරංග යොෂාන්, ශ්‍යාමල් ගිහාන්, සුඛිත මධුභාෂණ
සංගීත අධ්‍යක්ෂණය - නිශාන් ඩැනියෙල්
ගී තනු නිර්මාණය - මාස් රමිල්, නිශාන් ඩැනියෙල්
ගීත ගායනය - ඩෙබොරා ඩැනියෙල්, රොමෙයිනි විල්ස්, දිනේෂ් ගමගේ
නිෂ්පාදන කළමනාකරණය - එරන්ද දේවනාරායන සහාය - උපුල් පුෂ්පකුමාර
ආලෝකකරණය - නිශාන්ත එන්. රාජපක්ෂ, සුනිල් ජයකොඩි, රිකාෂ් මාෂ්,
ඩී.සී.පී. මාස්ටරින් - ආනන්ද බණ්ඩාර
සිංහල දෙබස් රචනය - නදීෂ් සිල්වා
කොණ්ඩා මොස්තර - පවන් පෙරේරා, අවිශ්ක චතුරංග
පසු නිෂ්පාදන කටයුතු අධීක්ෂණය - ඔෂාන් සඳකැලුම්
කැමරා අංශය - ප්‍රසාද් රුෂාන් ද සිල්වා, හර්ෂණ කරුණාතිලක, කසුන් විමුක්ති, කසුන් චාමර, රනිල් වසන්ත, යසස් ශ්‍රී අත්තනායක
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - දර්ශන පුෂ්පකුමාර
විශේෂ ආලෝකකරණය - දිනේෂ් චතුර
වේශ නිරූපණ සහාය - අවිශ්ක චතුරංග, මෙෂාන් හේවාපන්න
විශේෂ වේශ නිරූපණ - දුලාංජි මුදිතා, මීනු දසනායක