වෙඩි උණ්ඩ රෝසමල් කරන මැජික් එක

වෙඩි නොවදින ළමයි
පෙබරවාරි 9, 2023

ඒ, 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැති සමයයි. ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැති තරඟය දෙපිලටම මෙන්ම, ක්‍රීඩා ලෝලීන්ටද අතිශය තීරණාත්මක තරඟයක් විය. එසේම, එකල මෙරට දමිළ විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර උච්චතම සටන් ඇවිලී ගිය සමයක්ද විය.රට වටා මාර්ගයන්හී ආරක්ෂක කපොලු රැසක් ස්ථානගත කර තිබිණ.මෙවන් පරිසරයක් හා වටපිටාවක් සහිත වූ තීරණාත්මක අවසන් මහා තරඟය පැවැති රාත්‍රියේ, කොළඹින් පිටත් වීමට නියමිත දුරගමනාන්ත බස් රථයක් වෙත ගොඩ වන විවිධාකාර මගීන් පිරිසකි. ඒ අතර කාඩ් බෝඩ් පෙට්ටියක් තුරුලුකර ගත් යුවළක් ,ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක්, වයෝවෘද්ධ රජයේ සේවයේ නියුතු බීමත් මිතුරන් දෙදෙනෙක්, සංගීත භාණ්ඩ රැගෙන කොළඹ පැවැති තරඟයකට සහභාගී වීමට පැමිණ, නැවත ගම්බිම් කරා යන ගුරුවරයෙකු සහ ළමයින් පිරිසක්, සිය නිවෙස්වලින් හොර රහසේ පැන යන තරුණ පෙම්වතුන් යුවළක් හා වීදි මැජික් කරුවෙකු, භික්ෂුවක හා සාමණේර හිමිනමක ඇතුළු විවිධ අවශ්‍යතාවයන් සඳහා යනෙනා මගීන් පිරිසක්ද මේ අතර වෙයි. ගමනාන්තය ළංවීමට ප්‍රථම මගීන් සියල්ලන්ට මුහුණ දීමට සිදුවන්නේ කිසිවිටෙකත් තම තමුන් අපේක්ෂා නොකළ අන්දමේ අතිශයින්ම සංකීර්ණ වූ සිදුවීම් දාමයකටයි. යුවළ රැගෙන යන පෙට්ටියේ ඇත්තේ කුමක්ද? පැනයන තරුණ යුවළගේ හැගීම් සහ ආතතිය, වීදී මැජික්කරුගේ මැජික් දර්ශන මේ සියල්ල හමුවේ භීතියට පත්වසිටින පාසැල් ළමුන්ගේ ඉරණම කෙලෙස විසඳේ ද යනු සැකහැර දැන ගැනීමට ‘වෙඩි නොවදින ළමයි’ නැරඹිය යුතුම වනු ඇත.

මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ තිරයට ගෙන එන ඔහුගේ දෙවන සිනමා නිර්මාණයයි. ‘වෙඩි නොවදින ළමයි’ ජාතික හා අන්තර්ජාතික සම්මානලාභි නාට්‍යකරුවකු හා චිත්‍රපට නිෂ්පාදකවරයකු ද වන ඔහු, මෙයට ප්‍රථම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ‘හෝ ගානා පොකුණ’ සිතුවම් පටය 2015 වසරේදී තිරයට ගෙන ආ අතර, ‘වීරයන් දෙදෙනෙකු’ නැමැති කෙටි චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයකි. ඕස්ට්‍රේලියාවේ මොනැන්ස් විශ්ව විද්‍යාලයේ රංගකලාව පිළිබඳව හැදෑරු ඔහු , නාට්‍ය හා රංගකලාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්ථන හා නාට්‍ය පීඨයේ මහාචාර්යවරයා ලෙස මේ වන විට කටයුතු කරයි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මිත ‘වෙඩි නොවදින ළමයි’ ළඟදීම තිරය මත දිග හැරෙනු ඇත.



වෙඩි නොවදින ළමයි - රංගන දායකත්වය
කලණ ගුණසේකර ,අනසුයා සුභසිංහ, ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ, ස්ටෙෆාන් තිරිමාන්න , දයාදේව එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, සෙතික දිසස් ගුණසිංහ, අනුලා බුලත්සිංහල, ලක්ෂිත සංකල්ප ජයකොඩි, ප්‍රබෝධිනි චන්ද්‍රසේන, සේවියර් කනිෂ්ක, අශාන් ඩයස්, උදේනි චන්ද්‍රසිරි, සංජීව දිසානායක, දිලුම් බුද්ධික, නිපුනි සාරදා පතිරගේ, කරින්ද්‍ර යසස් එදිරිසිංහ, නදුනි වනිගසුන්දර, දිනායා රමින්ති ජයසේකර, රන්දික ගුණතිලක, ජේ.චන්ද්‍රහසන්, නයනතාරා ද සිල්වා, වෂීකර් චන්ද්‍ර හසන්, චාමල් රණසිංහ, චන්දිමා සිරිනායක, ඩිහාන් කවීෂ, ජයරත්න ගලගෙදර, දයා වයමන්, චමී සේනානායක, උදිත ලියනගේ ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී ඇත.

වෙඩි නොවදින ළමයි - කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය - ඉන්දික ෆර්ඩිනැන්ඩු
සිනමා රචනය - ඉන්දික ෆර්ඩිනැන්ඩු, 
පියල් කාරියවසම්
නිෂ්පාදනය - දීපා එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය -
දිමුතු කාලිංග දහනායක
අතිරේක කැමරා හැසිරවීම -
චානක විජේමුනිගේ
සහය අධ්‍යක්ෂණය - තරිඳු රණේපුර,
ප්‍රියන්ත ශ්‍රි සමරකෝන්,රංග මනුප්‍රිය
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර සහය
අසංක වික්‍රමසිරි
වේශ නිරූපණය - බුවනෙක රණවක
වේශ නිරූපණ සහය - චතුර මදුරංග,
මධුෂ්ක දිසානායක, දර්ශන ප්‍රියන්ත
කලා අධ්‍යක්ෂණය - කසුන් මහවඩුගේ
කලා අධ්‍යක්ෂණ සහය - ඉසුරු තිසේරා,
විහඟ දෙව්මින්, සඳුන් මදුරප්පෙරුම
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ සහය
ළහිරු මදුශංක
හඬපට නිර්මාණය සහ ශබ්ද පරිපාලනය -
සසික රුවන් මාරසිංහ
ශබ්ද පරිපාලන සහය -
කේ.වී.නන්ද කුමාර, අනුර මුණසිංහ
ඇඳුම් නිර්මාණය - වසන්ති අල්විස් සහය
නාමල් ගමගේ
දෘශ්‍ය ප්‍රයෝග - කසුන් මලින්ද,
ක්‍රිස්ටෝ ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය -
මධුරංග ජාගොඩ සහය අංජන අශුබෝධ
සංගීත අධ්‍යක්ෂණය -
නදීක වැලිගොඩපොල, තිලංක ගමගේ
ගීත ප්‍රබන්ධනය - රුවන් බන්දුජීව,
ටිම්රාන් කීර්ති, පියල් කාරියවසම්
ගී තනු නිර්මාණ - තිලංක ගමගේ,
ස්ටෙෆාන් තිරිමාන්න,
නදීක වැලිගොඩපොල,
නිපුනි ශාරදා පතිරගේ

ගායනය - නිපුනි ශාරදා, ස්ටෙෆාන් තිරිමාන්න, තිලංක ගමගේ, දිනුපා කෝදාගොඩ, නිමල් ජයසිංහ, කේෂික සංකල්ප ජයකොඩි, හේෂාන් කුරුප්පු, චමල් නිමාශ් නයනජිත්, තනුක විකාශ් මහවත්ත, නදීක වැලිගොඩ පොල, අනසුයා සුභසිංහ, නදුනි වනිගසුන්දර
ඩීප් මෝෂන් පික්චර්ස් ඉදිරිපත් කිරීමක්.