සරාගී සුසුමේ නුරා ගීතය

Flying Fish
ජනවාරි 26, 2023
 
අන්තර්ජාතික සිනමා සම්මානයන් රැසකට හිමිකම් කියන ලද , සංජීව පුෂ්පකුමාරගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ ඉගිල්ලෙන මාළුවෝ විවිධ හේතුන් මත මෙතෙක් තිරගත වූයේ නැත. ඉන් අනතුරුව ඔහු නිර්මාණය කර 2018 වසරේ තිරගත වූ දැවෙන විහඟුන් සිනමා පටය ද අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් රැසක් නියෝජනය කරමින් සම්මානයන්ට පාත්‍ර විය. අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා නිර්මාණයන් වන ආසූ සහ විහඟ ප්‍රේමය ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත. ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සංජීව , ආත්ම බද්ධ සිනමාරූප , කොරියානු සිනමාව සහ කිම් කී දුක් ගේ සිනමා රූප හා ජම්ප් කට් එකක් නමින් කෘති ත්‍රිත්වයක් ද එළි දක්වා ඇත. ඉගිල්ලෙන මාළුවෝ වැඩිහිටියන් ට සුදුසු චිත්‍රපටියක් ලෙස නුදුරේ ම තිරගත වීමට නියමිතව ඇත. 
 
ත්‍රස්ත්‍රවාදී ගැටුම් පැවැති සමයේ සිංහල මායිම් ගම්මානයක තරුණියක් හමුදා සෙබළෙකු සමග ඇති කර ගත් ආදර සබඳතාවයක් හේතුවෙන් ගැබ් ගනී. ඔවුන් දරු ගැබ විනාශ කිරීමට උත්සාහ කරයි. අතහැර දැමූ එක්තරා පාළු ගොඩනැගිල්ලක් තුළ ඔවුන් ආදරයෙන් එක්ව සිටින අයුරු ඇයගේ පියා දකී. දුටු දේ සිය දියණියට නොහඟවන ඔහු , ඇයට මුහුණ නොදෙමින් සිතින් විඳවමින් සිටී. යුද්ධය උත්සන්න වීමත් සමගම ගමේ මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි හිටි ගම් වැසියන් සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගනී. ඒ අතර තරුණියගේ පියා ද වෙයි. එක් දිනක් මුර සේවයේ නොයෙදීම සම්බන්ධව තරුණියගේ පෙම්වතාගේ කණ්ඩායමේ සොල්දාදුවකු විසින් ඔහුව නින්දාවට පත් කර දඩුවම් ලබා දෙයි. එයින් මානසික පීඩනයට පත් වන ඔහු , පාළු බංකරයක් තුළට ගොස් සියදිවි නසා ගනී. පෙම්වත් සොල්දාදුවා වෙනත් දුරස්ථ ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබ පිටව යයි. තම පියාගේ වියෝවත් , පොරොන්දු කඩ කළ පෙම්වතාගේ දුරස්ථ වීමත් හේතුවෙන් ආදරය වෛරයකට පෙරළී ඈ ඔහු සොයා ගමෙන් පිටව යයි. 
 
ඉගිල්ලෙන මාළුවෝ රංගන දායකත්වය
කෞශල්‍යා ප්‍රනාන්දු, ආලෝක සම්පත්, චාමින්ද සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, රත්නායක මාරසිංහ, සිත්ති මාරියම්, සංජීව දිසානයක, සුමති සිවමෝහන්, මයුර කාංචන පෙරේරා, තිස්ස බණ්ඩාරනායක, වසන්ති රංවල, මොහොමඩ් අලී රාජාබ්දීන්, ප්‍රියන්ත ලලිත්, තුසිත ලක්නාත්, ඔමාලි රාධිකා, පූජිත මැල්, නිම්මි ප්‍රියදර්ශනී, නිමල් ජයසිංහ, එරික් මදනායක, ප්‍රසාද් මහේන්ද්‍ර, ඒ.එම්. යසවතී, සහන් එරන්ද, රමෝද්‍ය විශ්වකුමාර, සඳුනි දිසානායක, අතුල ජයසිංහ, ජයතිස්ස අතුලසිරි, නිහංසා දිසානායක ඇතුළු ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත.
 
ඉගිල්ලෙන මාළුවෝ කාර්මික දායකත්වය 
කතාව , අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - 
සංජීව පුෂ්පකුමාර
තිර රචනය - සංජීව පූෂ්පකුමාර සහ 
චින්තන ධර්මදාස
සහය අධ්‍යක්ෂණය - අරුණ තිලකරත්න, 
ලක්රුවන් විතානගේ, ප්‍රියන්ත මල්හාමිආරච්චි, 
සසංක ඉඳුනිල්
විධායක නිෂ්පාදනය - චන්දන අලුත්ගේ
කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න සහය 
අසංක ජයවර්ධන
නාභිගත කිරීම - ඩබ්.එම්. කපිල සුගත්
විධායක සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
සංස්කරණය - අජිත් රාමනායක
වේශ නිරූපණය - ප්‍රියන්ත සිරිකුමාර සහය 
ඉෂාර ලක්මාල්
නිෂ්පාදන සැලසුම්කරණය , කලා අධ්‍යක්ෂණය හා 
ඇඳුම් නිර්මාණය - බිමල් දුෂ්මන්ත
කලා අංශ සහය - ආසිරි උදාර, තාරකා කාරියවසම්, 
මදුරංග රොෂාන් , කපිල සංජීව
නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න, 
හැරල් කරුණාතිලක
සංගීත අධ්‍යක්ෂණය - තරිඳු ප්‍රියංකර ද සිල්වා
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි 
සහය පුබුදු ධනංජය කරුණාරත්න
ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජී. පොඩිරත්න, 
ප්‍රියන්ත නිරෝෂන්
නිශ්චල ඡායාරූප - ඉසුරු වීරක්කොඩි
ආලෝකකරණ අංශය - සංජීව විකුම්, 
ස්ටැන්ලි රාමානායක , දිලංග දිනූෂන්, 
ලලිත් වීරසේකර, සුරේෂ් මධුසංඛ
ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - මංජුල නිලන්ත
පරිගණක චිත්‍රක නිර්මාණය - ජයන්ත් ධර්මවර්ධන
පරිගණක අක්ෂර නාමාවලිය - ඉෂාර ලක්මාල්, 
පුෂ්පිත නිර්මාල්
හඬ කැවීම් - රාජා ගනේෂන්, එස්.රාමේෂ් කෙෂාන්, 
එස්. ශර්මා , ඒ . ක්‍රිස්කන්ද
ඉංග්‍රිසි උපසිරැසි - හරින්ද බී. දසනායක
නිෂ්පාදන සම්බන්ධීකරණය - යෝෂිතා ගිණිගේ