කුලයට නතු වූ රමණීය ආදරය

“ගාඩි”
ජනවාරි 12, 2023

 

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ තිරයට ගෙන එන දසවන සිනමා නිර්මාණයයි ගාඩි. මේ වන විටත් ජාත්‍යයන්තර සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරන්නට වරම් ලැබූ ගාඩි , ඕස්ට්‍රේලියාවේ පැවැති ආසියා පැසිපික් සම්මාන උළෙලේ , ආසියා පැසිපික් සංස්කෘතික විවිධත්ව සම්මානය (යුනස්කෝ සම්මානය) ද , ඉන්දියාවේ පැවැති චෙන්නායි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය වෙමින් , හරිත පරවියා සම්මානය ද හිමි කර ගත් අතර , බංග්ලාදේශයේ පැවැති අන්තරජාතික ඩකා චිත්‍රපට උළෙලේ ජූරි ගෞරව සඳහා ද නිර්දේශ විය. “සිසිල ගිනිගනී” (1992) සිනමා පටය සමගින් ක්ෂේත්‍රයට එක් වූ ඔහු , “පවුරු වළලු ” (1999) , “අනන්ත රාත්‍රිය ” (2001) , “පුරහඳ කළුවර ”(2001),“ඉර මැදියම ”(2005 ), “ආකාශ කුසුම්” (2009) , “ඔබ නැතිව ඔබ එක්ක ” (2015), “උසාවිය නිහඬයි”(2016) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේය.

1814 වසරේ දී කන්ද උඩරට නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලනය නොඉවසූ ඇහැළේපොළ අදිකාරම් ඇතුළු සිංහල බෞද්ධ රදල නායකයන් විසින් ඉංග්‍රීසින්ගේ සහය ඇතුව රජු බළයෙන් පහ කිරීමට කැරැල්ලක් ගසන ලදී. ඉංග්‍රීසීන් විසින් පොරොන්දු වූ සහය අවසන් මොහොතේ දී නොලැබී යාම නිසා කැරැල්ල පරාජයට පත් වූ අතර, කැරැල්ල මෙහෙය වූ රදළ නායකයෝ ඉංග්‍රීසීන් පාලනය කළ මුහුදුබඩ පළාත් වලට පැන ගියහ.

කන්ද උඩරට නීතිය යටතේ ද්‍රෝහීන්ගේ බිරින්දෑවරු රොඩීන්ට පාවාදීමට රජු විසින් අණ කරන ලදී. රොඩීන් සමග සරණ යාමට වඩා තම කුල ගෞරවය ආරක්ෂා කර ගනිමින් මිය යාම යෙහෙකැයි සිතූ බිරින්දෑවරු මහවැලි ගඟට පැන සියදිවි හානි කර ගනිද්දී , ඔවුන් අතර සිටි එක් තරුණ බිරිඳක් වන ටිකිරි ගඟට බිලි වීම ප්‍රතික්ෂේප කරයි. රජුගේ අණින් ඇයව විජයා නැමති රොඩියෙකුට පාවා දෙයි. විජයා ඇයව රොඩී බිරිඳක් බවට පත් කර ගැනීමට උත්සාහ දරද්දී , ටිකිරි රොඩී ගැහැනියක් නොවී සිටීමට උත්සාහ කරයි. ගාඩි තුළින් කියවෙන්නේ ඔවුන්ගේ කතාවයි.

 

“ගාඩි” රංගන දායකත්වය

සජිත අනුත්තර, ඩිනාරා පුංචිහේවා (හඳුන්වාදීම), රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර උන්නැහේ, ඩිස්නි රාජපක්ෂ, තුසිත ලක්නාත්, නෙතලි නානායක්කාර, මොහොමඩ් ඇඩම් අලී, මර්වින් කෘත් ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත.

 

 

“ගාඩි” කාර්මික දායකත්වය

තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ

නිෂ්පාදනය - ෆිල්ම් අයිලන්, ජා පික්ස්චර්ස්,

එච්.ඩී. ප්‍රේමසිරි, ප්‍රසන්න විතානගේ ප්‍රඩක්ෂන්

සහය අධ්‍යක්ෂණය - රංජන් ප්‍රසන්න,

ටි‍රලාන් ශාස්ත්‍රි, කෝසල සූරියරත්න

කැමරා අධ්‍යක්ෂණය - රාජිව් රවී

අතිරේක කැමරාකරණය - එම්.ඩී. මහින්දපාල, මධූ තිලකන්ඩන්

සංස්කරණය - ඒ.ශ්‍රීකර් ප්‍රසාද්

සංගීත නිර්මාණය - කේ. ක්‍රිෂ්ණ කුමාර්

ශබ්ද පරිපාලනය - තපස් නායක්

අංග රචනය - සමරසිරි කඳනගේ

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

ඇඳුම් නිර්මාණය - ජනක බණ්ඩාර උලදුපිටිය,

පියතිස්ස අකුරම්බොඩ, බුද්ධි සංජය එදිරිසිංහ

නිෂ්පාදන කළමනාකරණය - ඉරන්ති අබේසිංහ

කොණ්ඩා සැකසුම - තුෂාර විදානගමගේ

ශබ්ද පටිගත කිරීම - ලාල් දිසානායක

දර්ශනතල දෙබස් පටිගත කිරීම - නන්දා නන්දි ජයකොඩි

තිර රචනා සහය - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ,

මාමලාන් කාර්ති, විශ්ව මිත්‍රන් සිවකුමාර්

නළුවරණය - දමයන්ති ෆොන්සේකා

 

 

[email protected]