වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
“අභියෝගයට” අභියෝගයක්

ශ්‍රීපාලි හෙට්ටිආරච්චි රිදී තිරයට රැගෙන එන නවතම සිනමා නිර්මාණයයි “අභිෂේක” . 2016 වසරේ දී සුජාත පුත්‍ර සිනමාට තිළිණ කළ ඔහු , “පැල්ලම” , “සිතට නිවනක්” , “කිරි අම්මා”, “හිරුට රතු පලසක් ” , “බෝපත් නිල්ල” වැනි ටෙලි නිර්මාණ රැසකම නිර්මාණකරුවා ද වෙයි. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේ දී තිරගත වීමට ද නියමිතව ඇත.
වෘත්තියෙන් පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වන සුමිත්, විවාහක දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ සකුන්තලා වන අතර , අභිෂේක සහ සඳලි ඔවුනගේ දූ දරුවෝ. දිනක් හදිසියේම අසනීප වන සුමිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ දී, ඔහුට භයානක සමාජ රෝගයක් වැලදී ඇති බවට වෛද්‍යවරු සැක පළ කරති. මේ තත්ත්වය සමාජ ගත වීම නිසා සුමිත් නිවසින් පිටව යන අතර, දරු දෙදෙනාට ද පාසලේ දොරටු වැසී යයි. ගම්මුන්ගේ තාඩන පීඩන පරදීම් මත නිවස අහිමි වන මව සහ දරුවන් සීසීකඩ විසිර යති. දරු දෙදෙනාට ද විවිධ හිරි හැර කරදර වලට මුහුණ දීමට සිදුවන අතර, ඔවුහු තම මවත් පියාත් සොයා ගැනීමට වෙහෙසෙති. සකුන්තලා ද තම දරුවන් දෙදෙනා සහ ස්වාමියා සෙවීමේ උත්සාහයක යෙදේ. එක්තරා දිනයක තම දරුවන් සහ බිරිඳ සොයා නිවසට යන සුමිත්ට එම නිවසේ ඔවුන් නොමැති බව වැටහේ. ඔහුද ඔවුන් සොයා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. එකිනෙකා, එකිනෙකාව සොයමින් කාලය ගත කරන අතර, පාතාල කණ්ඩායමකට නතුවන දරුවන් දෙදෙනා පසුව මහ පාරේ හිඟමනට ද වැටෙන අතර එක්තරා කාරුණික මහත්මයෙකු විසින් දරු දෙදෙනා භාරගෙන ඔවුන් පාසැල් යවමින් හදා වඩා ගනී. නොසිතු මොහොතක අහඹු ලෙසින් එකිනෙකා යළි හමු වෙති.
අභිෂේක රංගන දායකත්වය
දුලානි අනුරාධා, මිහිර සිරිතිලක, ආරියසේන ගමගේ, නන්ද වික්‍රමගේ, කුමාර රණේපුර, මහේෂ් රන්දෙණිය, සුනිල් ධර්මසිරි, දමින්ද මෙන්ඩිස්, පවිත්‍රා වික්‍රමසිංහ, ශ්‍රීමාලි ෆොන්සේකා, අනුෂා දිල්හානි, නිලංගනී පෙරේරා, මල්කී ප්‍රනාන්දු, නුවන් අසේල මාදිවෙල, ඩයනා හෙට්ටිආරච්චි, අනුර කුමාර, චමිල ගුණසේකර, රනින්ද ෂෙහාන්, ප්‍රියා විතානාරච්චි, ආශා දර්ශනී විතානගේ, සංජීව පතිරගේ, මධූ කුලතුංග, දිනේෂ් රාජපක්ෂ, අසංග ලක්මාල්
ගරු රඟපෑම් - ජීවන් කුමාරතුංග, නිරංජලා සරෝජිනී, ලාල් ආනන්ද අබේධීර, ජයරත්න ගලගෙදර, නලින් ප්‍රියදර්ශන හේරත්
ළමා චරිත - අභිෂේක ඉසිවර වඩුගේ, හර්ෂි රසාංගා, නටලි ජයතිලක, මොවිඳු සුබසිංහ, තිලින්දිකා පීිරිස්
අභිෂේක කාර්මික දායකත්වය -
අධ්‍යක්ෂණය - ශ්‍රීපාලි හෙට්ටිආරච්චි
තිර රචනය - අමිල සම්පත් පෙරේරා
නිෂ්පාදනය - නිශාන්ත ජූඩ්, පී.ඩී. මලීෂා, පී.ඩී. මෙලන්, පී.ඩී. මෙලනි
කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරක්පෙරුම (ශැගී)
සහය අධ්‍යක්ෂණය - තරිඳු ඉලංකෝන්, ඉඳුනිල් දැරණියගල, සුගන්ද ජනප්රසාද්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තුෂාල් දසනායක
ශබ්ද සැකසුම සහ 5.1 ශබ්ද පරිපාලනය- තනුෂ්ක කහඳවල
කලා අධ්‍යක්ෂණය - සුජිත් ලක්මාල් සහය දිනේෂ් වැල්ලවාය
අංග රචනය - තාරක අධිකාරී සහය රන්දික ටිෂාන්
නිෂ්පාදන කළමණාකරණය - ළසඳා ගුණවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - විශාරද ලාල් ආනන්ද අබේධීර
ගී පද රචනය - ආනන්ද පද්මසිරි, විශාරද ලාල් ආනන්ද අබේධීර
ගීත ගායනය - විශාරද සන්ධ්‍යා බුලත්සිංහල, නිවනි දේදුනු ශ්‍රී,
නිර්මාණි තත්සරා, උමේෂා සෙව්වන්දි
තේමා සංගීතයේ විශේෂ හඬ දායකත්වය - විශාරද ජනනාත් වරකාගොඩ
නිශ්චල ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ, ශ්රීතන් ගුණවර්ධන
වාදක මණ්ඩලය - සරත් ප්‍රනාන්දු, විදූෂ චානක, අජිත් ඇලෝසියස්,
පුෂ්ප බණ්ඩාර කරුණාරත්න, තුසිත අරවින්ද ලියනගේ
ගීත පටිගත කිරීම - විශාරද ජනනාත් වරකාගොඩ
නිරූපණ ශිල්පිනී - ජයනි සේනානායක
හඬ කැවීම් - තරිඳු ඉලංකෝන්, නිශානි තෙන්නකෝන්, දිල්රුක්ෂි වීරපරාක්රම, අසංක ලක්මාල්, ලක්ෂ්මි රණසිංහ, තුසිත් බණ්ඩාර, ඉන්තුශී රික්ෂා නින්නාදි, චනුකි ගිහන්සා, හෂිකා ඉෂානි, දෙව්මි තාරුකා, අනීශා සතරසිංහ, දිනුති ඉමාෂා, මෙතදි මෙත්සදී, තසගි ප්රවිංගා, සදීප හිමාෂ්, හිමක මෙත්මිණ, ලලිත් ගිම්හාන, උතුම් සදෙව්, රොෂෙන් ශෙවාන්, යශොන් උදීෂ