මානව බැඳීමේ ආදරණීය සංකේතය

රං කොල්ලා
නොවැම්බර් 17, 2022

 

දශක කිහිපයකට පෙර එක්තරා කාල වකවානුවක රජරට පුරවරයේ අතිශය සුන්දර ගම් පියසක ගොවිතැනින් බඩ වියත සරිකර ගන්නා දුප්පත් පවුලක හැදී වැඩෙන වයස අවුරුදු පහක පමණ පැහැපත් සිරුරකින් හෙබි ප්‍රියමනාප හුරුබුහුටි අවිහිංසක කොලු පැටියෙකු ප්‍රධාන කොට ගෙන, එම ගම්මානයේ වැඩිහිටියන්ගේ නොහොද නෝක්කඩු ආරවුල් විරසකවීම් හමුවේ මේ පුංචි කොලු ගැටයාගේ ක්‍රියාකලාපයත් හා ඒ සම්බන්ධව දක්වන ගම්මූන්ගේ ප්‍රතිචාරයත් මත, මානව බැඳීම් සහ ආදරය, ප්‍රේමය ගොඩනැගෙන්නේ කෙලෙසද යන්න “රං කොල්ලා” තුළින් ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන ඒමට අධක්‍ෂකවරයා පියවර ගෙන ඇත.

වේදිකාවත්, පුංචි තිරයත් සම්මානනීය රංගනයෙන් ඔපවත් කළ සුමිත් රත්නායකගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි “රං කොල්ලා” . ඔහු මෙයට ප්‍රථම “මද්දහන” සහ “මහ පොළොව” යන සම්මානයන්ට පාත්‍රවු ටෙලි නිර්මාණයන් ප්‍රේක්‍ෂකයා අතරට ගෙන ඒමට කටයුතු කළ අතර, වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ද සුමිත් රත්නායක සමත් ව ඇත.

 

“රං කොල්ලා” රංගන දායකත්වය

ආචාර්ය ජයලත් මනෝරත්න, අයිරාංගණි සේරසිංහ, ඔකිත දම්සත් (හඳුන්වා දෙන ළමා නළු), චාන්දනී සෙනෙවිරත්න, ගීතා කාන්ති ජයකොඩි, හේමසිරි ලියනගේ, සුමිත් රත්නායක, මාදනී මල්වත්තගේ, මංජුලා කුමාරි, මධුකා මඩවල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, අනුර බණ්ඩාර රාජගුරු, නෙස්ටා මානෙත් (ළමා), සුබගි කෞලින්යා (ළමා)

 

“රං කොල්ලා” කාර්මික දායකත්වය

රචනය, ගීත රචනය සහ අධ්‍යක්‍ෂණය - සුමිත් රත්නායක

කතාව - ශාන්ති දිසානායකගේ ‘ර්‍ණරං කොල්ලා’ යොවුන් නවකතාව ඇසුරිනි.

ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමණාකරණය - මධුකා මඩවල

සම නිෂ්පාදනය - ජාලිය සමරක්කොඩි

නිෂ්පාදන දායකත්වය - බන්දුල ඒකනායක

සහය අධ්‍යක්‍ෂණය - ඩබ්ලිව් රවීන්ද්‍ර, වර්නන් අබේසිංහ

කැමරා අධ්‍යක්‍ෂණය සහ නිශ්චල ඡායාරූප - තිසර කුල්වන්

කැමරා සහය - ආනන්ද බණ්ඩාර හේරත්, දිලීප රංගන අමරසිංහ,

මුදිත විතානගේ කසුන් විමුක්ති වික්‍රමසිංහ,

මෙවන් නිශාන්ත පුංචි හේවා, ප්‍රසාද් දයාරත්න.

සංස්කරණය - ජගත් වීරතුංග සහය - ඉන්දික ජයවර්ධන

අංග රචනය සහ කොණ්ඩා නිර්මාණය - ප්‍රියන්ත දිසානායක

අංග රචනා සහය - කාවින්ද ශ්‍යාමල්

කලා අධ්‍යක්‍ෂණය - බන්දුල වීරසේකර

කලා අධ්‍යක්‍ෂණ සහය - ඉෂාර සම්පත්, කේ.ජී. සිරිල්,

තුෂාර සම්පත්, ඩබ්.බී.එම්. සරත්

නාද ශික්ෂණය හා ශබ්ද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ

වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ

නිෂ්පාදන කළමණාකරන සහය - දිනාල අසංක නිල් දියවර,

කාංචනා ගයනි දිසානායක

නාමාවලිය - බිහිසර පලවින්න

සංගීත අධ්‍යක්‍ෂණය - විශාරද දර්ශන රුවන් දිසානායක

ගීත ගායනය - සශිකා නිසංසලා, සමන් ලෙනින්,

දුල්මා ශංඛබිම දිසානායක (ළමා)

ගායන සහය - තුසිත් සිම්සන්, ලහිරුනි විහංගා,

සිනාලි මිහි අමාවි රිදීගම්මන, පබසරා සේනානායක

නිෂ්පාදන සහය - රසික නිශාන්ත, නාලක ප්‍රගීත්, ගාමිණි මැල්සිරිපුර

දෙබස් පටිගත කිරීමේ සහය - සුසන්ත ධර්මප්‍රිය, කේ.වී. නන්ද කුමාර,

ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ

ආලෝකකරණ සහය - ඉසුරු උදයංග, සමන්ත ආරියපෙරුම,

නුවන් මංජුල, අනුර කිත්සිරි

දර්ශන තලයේ හඬ පටිගත කිරිම - සුජිත් පෙරේරා

ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - ලක්ෂ්මන් ප්‍රියදර්ශන

ඉංග්‍රීසි භාෂා උපසිරැසි - රන්මලී ලියනාරච්චි

සංගීතය පටිගත කිරීම - ජනක චාමර දළදාවත්ත

දර්ශනතල ඉසව් සම්බන්ධීකරණය - ඉෂාර සම්පත්

මා ෆිල්ම්ස් ලංකා ඉදිරිපත් කිරීමකි

 

 

[email protected]