‘සිනේමා’ ඵල දැරිය යුතු තේමාවක්

ඔක්තෝබර් 13, 2022

 

කවර අර්බුද කවරාකාරයෙන් වාර්තා වුව ද සුන්දර හා වර්ණවත් මාධ්‍යයක් සේ සිනමාව හඳුන්වා දෙන්නේ එහි ප්‍රාරම්භක යුගයේ පටන්මය. සිනමාව යනු නිෂ්පාදිත හෝ ප්‍රදර්ශිත සිනමාපට පමණක් ම නොවේ. අනුෂාංගික අංග ගණනාවකින් ම සිනමාව පොහොසත් ය. එසේම අක්‍රමිකතා ආදියෙන් ද සිනමාව සමන්විතය යන්න සත්‍යයකි. මේ අනුව සිනමාව එක්තරා ආකාරයකින් සමාජීය පිළිබිඹුවක් සේ නිශ්චය කිරීම යම් පමණකට හෝ තර්කානුකූලය.

සිනමාවේ මේ කාල වර්ණ ඇතුළාන්තය සිනමාපටයකට නඟනු පිණිස සිනමාකරු වෛද්‍ය කපිල සූරියආරච්චි ‘සිනේමා’ සමඟ දැක්වූ උනන්දුව ලඝු කළ යුතු නැත. සිනමාකරුවකු, නිෂ්පාදක පාර්ශ්වයේ එකඟතාව සහිතව සිනමාවේ කාල වර්ණ ඇතුළාන්තය හසු කර ගැනීම කිසියම් උද්වේගකර බවක් ද ජනිත කරයි. මෙතැනදී අවංක හා නිර්භය පිළිවෙත් ශීඝ්‍රයෙන් සක්‍රිය වනු ඇත. මනාව සැකසූ රූප රචනයක් ද අඛණ්ඩතාව සහතික කරන තිරනාටකයක් ද මේ පිළිවෙත් සුරක්ෂිත කරනු ඇත. සිනමාකරු කපිලගේ තේමාව ප්‍රකාශයට පත් කළ හැකි හොඳම හා පහසුම ආකාරය එන්නේ මේ ඔස්සේ ය.

‘සිනේමා’ නරඹන කල සිහිපත් වන විදෙස් සිනමාපට ද්විත්වයකි. ට්ධ්උඉඡ්ර්‍ථර්‍ථඡ් ඊර්‍ණඅව්ඒඊර්‍ණඅඡ් අධ්‍යක්ෂණය කළ ‘ඛ්ධ්ව්ඡ්ර්ඒ ර්‍ථඒඅඒච්ධ්ඉර්‍ණ’ ය. ර්ධ්ඛ්ඩ්ඡ්ඹ් ඩ්ඒඛඒව්ඒඍධ්ඛ්ධ්උඉ අධ්‍යක්ෂණය කළ ‘ඊඩ්ඡ් ඒඅඊධ්ඉඊ’ ය. අදාළ වෙනත් සිනමාපට ද සිනමා සාගරයේ යාත්‍රා කරන විට හමුවීමේ ඉඩකඩ පවතී. උක්ත සිනමාපට ද්විත්වයට ම විෂය වූයේ සිනමාව හා එහි තීරණාත්මක පරිවර්තන ය. ‘සිනමා පාරාදීසෝ’ හි එන්නේ සිනමා ප්‍රදර්ශනයට අදාළ දෑය. පැරණි තාලයේ සිනමාශාලා වැසී ගොස් නව තාක්ෂණය මුසු සිනමා ශාලා ඉදි වන්නට පටන් ගන්නේ නව ප්‍රේක්ෂක පිරිස් ද සමඟිනි. ‘ද ආර්ටිස්ට්’ හි එන්නේ සිනමා නිෂ්පාදනයට අදාළ දැ ය. නිහඬ යුගයේ සුපිරි තරුවකට ශ්‍රව්‍ය පක්ෂය දුරවබෝධ වෙයි. නමුත් සිනමාව ශ්‍රව්‍ය -දෘශ්‍ය කාර්යයක් වීම නවතාලන්නට ඔහු අසමත් ය.

සිනමාකරු කපිල ද සිය ප්‍රධාන චරිතය වන මි.මී.35 සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු සුමල් හරහා පවසන්නේ අතීත සිනමාවේ ආලේපිත ආකර්ෂණය පිළිබඳ අදහස් මාලාවකි. ඔහුගේ සමීපතමයා අපේක්ෂා කරන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් සිනමාව ජයගන්නටයි. මෙම ගැටුම වාචිකව ඉදිරිපත් කිරීමේ සිනමාකරුගේ චේතනාව, සිනමාපටය පිළිබඳ ද්විතීයික කියැවීමකට එල්ල කරන්නේ සැලකිය යුතු බාධාවකි. ‘සිනේමා’ නිෂ්පාදන කටයුතු නිමා කළ සමයට වඩා අද දවසේදී ලාංකේය සිනමා ක්ෂේත්‍රය පවතින්නේ වඩා අවදානම් සහගත තත්ත්වයකය. සිනමාශාලා පිරී ඉතිරී යන අවස්ථා සුලබ නොවේ. ප්‍රමාණවත් ප්‍රේක්ෂක සහභාගීත්වයක් තහවුරු කර ගන්නේ ම නවතම විදෙස් සිනමාපට පමණි. ඇතැම් නවීන සිනමාශාලා සාප්පු සංකීර්ණ සරසන ආභරණ වැනිය. ප්‍රේක්ෂකයනට සිනමාශාලාව හා ඉන් ඔබ්බේ ඇති ඉසවු අතර ඒ හැටි වෙනසක් නොපෙනේ. නැරඹූ සිනමාපටය පහසුවෙන් අමතක කර දැමීම ඔවුනට පහසු ය. ‘සිනේමා’ මේ අභියෝගයට එහෙම පිටින් ම මුහුණ දෙයි.

‘සිනේ මා’ හිදී මහත් ම අසීරුතාවකට පත් වන්නේ ශ්‍යාම් ප්‍රනාන්දුය. අඛණ්ඩව දිවෙන සුමල්ගේ චරිතයට නව අරුතක් සේම ගැඹුරක් ද එක් කරලනු පිණිස තෝරාගත හැකි හොඳම රංගන ශිල්පියා ශ්‍යාම් වන්නට පුළුවන. නමුත් සුමල්ගේ චරිතය නිරවුල්ව ගොඩනැංවීමට ඇවැසි පසුබිම සිනමාපටය විෂයෙහි නොමැතිවීම ඔහුගේ ප්‍රයත්නය දුර්මුඛ කරන්නකි. පැරණි තාලයේ සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවකු , සිනමා තිරනාටක රචකයකු, සිනමා අධ්‍යක්ෂවරයකු සේම දරුවකු සමඟ තනිවන ළාබාල යුවතියකට පිහිට වන්නකු ආදී වශයෙන් දිග හැරෙන සුමල්ගේ චරිතය සිනමාපටයේ තේමාව ඉස්මතු කරන අයුරින් පවත්වා ගත හැකිව තිබිණි. විශේෂයෙන්ම ඔහුව සහාසික ලෙස සූරාකන අවස්ථා නිරූපණයෙනි. ශ්‍යාම් හැරුණු කොට සෙසු පළපුරුදු හා නවක රංගන ශිල්ප ශිල්පිනියන් කැපී නොපෙනීම ද කනගාටුදායක ය.

සිනමාකරු කපිලට අහියෝග කරන දෙදෙනෙකි. තිරනාටක රචකයා හා සංස්කරණ ශිල්පියාය. තිරනාටකය ද සිනමාකරු කපිල විසින් ම රචනා කරනු ලැබ තිබීම බැහැර කළ නොහැකි අභියෝගයකි. තේමාවේ අන්තර්ගත අඳුරු අහුමුළු පිරික්සීම ද ප්‍රමුඛ චරිත කියැවීම ද එම අභියෝගය තීව්‍ර කරන සුලු ය. මෙ නිසාම සංස්කරණ ශිල්පියාගේ කාර්යභාරය තවදුරටත් ප්‍රශ්නකාරී වී ඇති සැටියකි. මෙහි පළමු ප්‍රතිඵලය වන්නේ ඒ ඒ සිදුවීම් විෂයෙහි ප්‍රේක්ෂකයා තුළ කිසිදු ආකාරයක කම්පනයක් ඇති නොවීම ය. ප්‍රේක්ෂකයා හුදු බලා සිටින්නකු ම වෙයි. එසේම සිනමාපටය නිමා වන්නේ කොයි මොහොතේ ද යන ප්‍රශ්නය සමඟ හරඹ කරන්නකු ද වෙයි.

ප්‍රමුඛ තේමාවට අමතරව හා ඊට සමගාමීව ගෙන එන පෙම් පලහිලව්ව ප්‍රේක්ෂක ආකර්ෂණය තීව්‍ර කරන ආකාරයෙන් නිරූපණයට කපිල දරන්නේ මහත් වෙහෙසකි. එනමුදු විශ්වාසනීයත්වය බිඳ වැටෙන අවස්ථා හමුවේ ඔහුට ද කළ හැකි යමක් නොමැති හැඩ ය.අවසනදී මෙය සුලබ ලක්ෂණ ආදියෙන් සමන්විත කෙරේ. කපිල සිනමාපටය නිමා කරන්නේ ම සිනමා ක්ෂේත්‍රය පිළිබඳ කතිකාව යටපත් කරමිනි.

‘සිනේමා’ හි සුවිශේෂත්වයක් වන්නේ නම් එය සිනමාවට අපරිමිත සෙනෙහසක් දක්වන්නන්ගේ අපේක්ෂා භංගත්වය නිරූපණය ම නොවේ. වාස්තවික තත්ත්වයන් අනුව අනුවර්තනය හෝ පරිවර්තනය නොවන්නන් සැඟවී යන වග ය. එදා සිනමාවට වඩා අද සිනමාව දූෂිත නොවූ බව පැවසීම වටහා ගත යුත්තේ ඒ අනුව ය. එදා සිනමාව දූෂිත නොවූ බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීම පහසු නොවේ. මෙය වර්තමානයට වඩා අතීතය යහපත්ය යන සත්‍යයෙන් තොර අදහස තවත් වරක් ජනගත කිරීමකි. කපිල විසින් කැඳවනු ලබන ජාලිය නැමැති තරුණයා වරක් හෝ දෙවරක් සුමල්ට පවසන්නේ සෙලියුලොයිඩ් සමය දැන් ගෙවී ගොස් අවසන්ය යන්න ය. ඩිජිටල් සිනමාව වඩා පහසු හා ලාභදායී වන බවය. කෙසේ නමුදු කපිලගේ මෙහෙයවීමත්, ඔහුගේම තිරනාටකයත්, ප්‍රසංග නාපාවලගේ සංස්කරණයත් නිසා සිදු වන්නේ මේ කතිකාව ඉස්මතු වීමේ ඉඩකඩ ඇහිරී යාම ය.