වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ඇසු දුටු සමාජයේ උත්තරීතර සහෝදර ප්‍රේමය “හිතුමතේ ජීවිතේ”

විවිධ සමාජ විෂමතාවයනට ලක්වී, පසු කලෙක සමාජයේම එක්තරා පිරිසක් අතර වීරයන් බවට පත් වූ, සරදියෙල් , යකඩයා, පොඩිවිජේ, මරුසිරා, වැනි චරිත, කලින් කලට අප ජන සමාජයේ කතිකාවට ලක්වූ මනඞකල්පිත නොවූ සැබෑ චරිතම විය. එවන් පසුබිමක සුමති නම් වූ ඔහු “හිතුමතේ ජීවිතේ” නමින් ප්රකටව ගෙවුණු කාල වකවානුවක දී සමාජයේ දැඩි කතා බහට ලක් විය. ඔහුගේ එම කතාව පාදක කර ගනිමින් , එනමින් ම තැනූ සිනමා සිත්තමක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි ඔහුගේ කුලුඳුල් සිනමා වියමන විලසිනි. “හිතුමතේ ජීවිතේ” මේ වන විටත් ලොව ප්‍රකට අන්තර්ජාතික සම්මාන උළෙලයන් රැසක්ම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති සිනමා පටයකි.
බක් මහේ උදාව කොහෝ නදින් ගම්මානයට ගෙන ආවේ නැවුම් මිහිරියාවකි. ගමේ ලොකු පොඩි කාගෙත් නෙත් සිත් දිනා ගත් රූමත් යුවතියක් වූ කුසුමාවතී පාසැල් වියේ පසුවන යෞවනියකි. ගම් ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උළෙලේ අවුරුදු කුමාරිය ලෙස ඇය අභිෂේක ලැබුවේ ද ඒ රූමත්කම නිසාවෙන්මය. අවුරුදු සමය නිමාවෙන් පසුව සුපුරුදු පාසල් ගමනට අවතීර්ණ වු ඇය, දිනක් පාසලට ගොස් නැවත නිවසට නොපැමිණිම නිසා කලබලයට පත් නිවැසියන් ඇය සොයා සතර අත වෙහෙසුණ ද හමු නොවූ තැන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කලත්, ඔවුන් ඒ පිළිබඳව දක්වූයේ නිද්‍රාශීලී පිළිවෙතකි.
නීතියේ පිළිසරණක් නොවූ තැන , කුසුමාවතීගේ සොහොයුරා වූ සුමති අතුරුදන් වූ සිය නැඟණිය කෙලෙසක හෝ සොයා ගැනීමට අදිටන් කර ගනී. නැගණීයගේ සමීපතම මිතුරියකගේ මාර්ගයෙන් සිය සොහොයුරිය යම්කිසිවකුගේ පැහැර ගැනීමට ලක් වී ඇති බව දැන ගන්නා සුමති, වැඩි දුරටත් කරුණු සෙවීමේදී සිය නැගණිය කාමාතුරයින් පිරිසකගේ සමූහ දූෂණයට ලක්ව මිය ගොස් ඇති බව හෙළි කර ගනී. එම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ ප්‍රදේශයේම ප්‍රචලිත ප්‍රභූවරුන් පිරිසක් බව දැන ගන්නා සුමති රහසිගතව සියලුම දෙනාගේ තොරතුරු ගවේෂණය කරමින් හා ඔවුන් පසුපස ලුහු බඳීමින් සිය නැගණියට කළ අපරාධයට දඬුවම් දීමට පෙලඹෙන්නේ, බලවතුනට නීතිය එක සේ ක්‍රියාත්මක නොවන පසුබිමක දීය.
“හිතුමතේ ජීවිතේ” රංගන දායකත්වය
දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක, කුමාර තිරිමාදුර, ජයනි සේනානායක, දමිතා අබේරත්න, ජගත් චමිල, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, අනුරුද්ධිකා පාදුක්ක, සරත් චන්ද්‍රසිරි, ඉෂාන් ගම්මුදලි , අනලි ජයසිංහ, සංජීව ගුණරත්න, රිචඩ් අබේවර්ධන, වසන්ත කුමාරසිරි, චරිත් සේනානායක, චන්දන දිසානායක, චමින්ද හේවාවසම්, සම්පත් බණ්ඩාර, ජගත් සේනානායක, අතුල ජයවර්ධන, සුසිල් ජයවර්ධන, රෝහිත ජයතිලක, රොෂාන් ගමගෙදර, ඉසුරු උදාන, චන්න ජයසිංහ, චන්දන පෙරේරා, ඉන්දික ද සිල්වා, අමාලි රණසිංහ, උදිත් පෙරේරා, මංජුල ගජවීර, ලලිත් පෙරේරා සහ සිනමාවට හඳුන්වාදෙනු ලබන මාරියෝන් වෙත්තසිංහ සමඟින් හර්ෂිකා රත්නායක
“හිතුමතේ ජීවිතේ” කාර්මික දායකත්වය
කතාව - උදේනි සමන් කුමාරගේ හිතුමතේ ජීවිතේ නවකතාව ඇසුරිනි.
තිර රචනය - ඉන්දික අතුල ප්‍රියන්ත
අධ්‍යක්ෂණය - ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි
නිෂ්පාදන සැලසුම්කරණය හා නිෂ්පාදනය - විහාරා සමරසිංහ
සහය අධ්‍යක්ෂණය - චමින්ද හේවාවසම්, ජනක අබේරත්න, පබසරා සමරනායක
කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්
කැමරා සහය - චානුක සංජීව, නලින් ද ප්‍රියදර්ශන, දමිත් ගුණවර්ධන
සංස්කරණය - රුක්මාල් නිරෝෂ්, සහය ළහිරු සෙනෙවිරත්න
අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර සහය නිමේෂ් පෙරේරා, සුමුදු ජයවීර
කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා සහය රෝහිත ජයතිලක, හේෂාන් පෙරේරා, අමිල දිසානායක
වර්ණ සංකලනය , 5.1 ශබ්ද මිශ්‍රණය සහ සජීවී ශබ්දාගාර පටිගත කිරීම - දිලාන් ගුණවර්ධන
නිෂ්පාදන කළමනාකරණය - විරාජ් වර්ණකුලසූරිය
නිෂ්පාදන විධායක - චමින්ද පොල්කොටුව
නිශ්චල ඡායාරූප - අනිල් ජයසිංහ
නාමාවලිය , උපසිරැසි යෙදීම සහ විශේෂ ප්‍රයෝග -
ජේ. වීරක්කොඩි (විනෝයි මීඩියා නෙට්වර්ක්ස්)
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - සාගර විජේසිංහ
ඇඳුම් නිර්මාණය - රම්‍යා රණසිංහ
ශබ්ද පටිගත කිරීම - දිනේෂ් ඒකනායක
රේඛීය නිෂ්පාදනය - දුශාන්ත පොල්කොටුව , නිලන්ත බක්මීවැව
අලෝකකරණ ශිල්පීන් - ප්‍රදීප් පෙරේරා, නිමල් ජයසිරි,
ප්‍රියත් චාමර, නිලන්ත සංජය
හඩකැවීම් ශිල්පීන් - කැලුම් ගම්ලත්, අමල් බණ්ඩාර,
සංජය ඈපා, මලිත් හෙට්ටිආරච්චි, ප්‍රීති සෙනෙවිරත්න,
මුදිත පෙරේරා, අමිල සේනානායක, ප්‍රවීන් පෙරේරා, දුෂන්ත පෙරේරා,
පබා සමරවික්‍රම, සමන් එදිරිමුණි, තුසිත බණ්ඩාර, මනූ මිහිපති
පොලිස් සහ බන්ධනාගාර නිල ඇඳුම් - ශ්‍රිනාත් මල්දෙණිය, අතුල පියසිරි
නිෂ්පාදන සහය - නිහාල් පෙරේරා, සැම්සන් පෙරේරා, පියල් ලක්මාල්
කෘතිම වර්ෂා - රෝයි මැක්සිමස් , කුමාරි පෙරේරා, අනිල් සංජය , ඇන්ටන් කැලිස්ටස්
ඩ්‍රෝන ක්‍රියාකරවීම - ශ්‍යාමල් පෙරේරා, අමිල ජයසේකර
වී.එස්. ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.