වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
නොවෙනස් වන සුන්දර මිනිසුන්ගේ හෘදසාක්ෂිය

සිනමාව තම සදාකාලික ආත්මය කර ගත්, වෙනස් වන සිනමාව තුළ නොවෙනස් වන සුන්දර මිනිසුන්ගේ හෘදසාක්ෂිය පිළිබදව විචිත්‍ර වූ බයිස්කෝප් කතාවක් පේ්රක්ෂකයා වෙත තිළිණ කරමින් ළ`ගදීම රිදී තිරය වර්ණවත් කිරීමට නියමිත ”සිනේමා” , වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවන සිනමා සම්ප්‍රාප්තියයි. ඔහු මෙයට ප්‍රථම ප්‍රතිරූ සිනමා පටය තුළින් පේ්රක්ෂකයා ඇමතීය. එදා සිට අද දක්වාම සිනමා කර්මාන්තයේත්, සමස්ත සිනමා ක්ෂේත්රයේත් සිදුවූ සහ සිදුවන නොපනත්කම් කෙනෙහිලි වංචාවන් පිළිබ`දව පේ්රක්ෂකයා නිර්මාණශීලීව දැනුම්වත් කිරීමට අධ්යක්ෂවරයා මෙම`ගින් උත්සාහ දරා ඇත. ප්‍රධාන චරිත හයක් කේන්ද්‍රගත කර ගනිමින්, ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වයන් ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම සමීපතමයන්ගේ ජීවිත තුළට බලපාන ආකාරය ”සිනේමා” තුළ මෙලෙස පෙළ ගස්වා ඇත.
ජීවිතේ මැදි වියේ පසුවන කාරුණික ප්‍රියමනාප පුද්ගලයකු වූ සුමල් ධර්මරත්න (ශ්‍යාම් ප්‍රනාන්දු) සිනමා ශාලාවක ප්රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවකු වන අතර, ඔහුගේ පියා ද මෙම වෘත්තීයේම නියැළී සිටි අයෙකි. කුඩා කල සිටම තම පියා පසුපස යමින් සුමල් මෙම කි‍්‍රයාකාරකම් පුරුදු පුහුණු වීමටත් විවිධ චිත්‍රපට රැුඹීමටත් රස විදීමටත් අවස්ථාව සලසාගෙන ඇත. කෙදිනෙක හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ඔහුගේ සිහිනය වී ඇත. සුමල්ගේ සහයකයා ලෙස කටයුතු කරන්නේ ජාලියයි. (මේඝ සූරියආරච්චි) ඔහු පිළිවෙළකට අදින පලදින ඉංග්‍රීසි භාෂාවද දැන උගත් කඩවසම් යෞවනයෙකි. ඔහු ද සිනමා ක්ෂේත්රය පිළිබ`දවත් එහි අන්තර්ගත තාක්ෂණය පිළිබ`දවත් ඉගෙනීමට උනන්දුවක් දක්වන්නෙකි. සුමල්ගේ සිහිනය යථාර්ථයක් කොට ගැනීම ස`දහා ජාලිය තම උපරිම ශක්තියෙන් ඔහු හා එක්ව කටයුතු කරයි. නාගරික වතු ආශි‍්‍රත ප්‍රදේශයක නිවසක් ඔවුන්ගේ නවාතැන වන අතර, එහි අයිතිකාරිය වන්නේ රූපලතා නැමැති කාන්තාවයි. (දුලීකා මාරපන) ඇයට මෙන්ම එම නිවාස පරීශ්‍රයේ වෙසෙන්නන්ට ද ජාලිය ගුප්ත චරිතයකි. ඔවුන් ඔහු දෙස නිතරම බලන්නේ සැකයෙනි.
සාගර පේ‍්‍රමචන්ද්‍ර (ඩග්ලස් රණසිංහ) සිනමා අධ්යක්ෂවරයකු මෙන්ම ක්ෂේත්රයේ ප්රවීණයෙකි. ඔහු සිනමා කර්මාන්තයේ යහ පැවැත්ම වෙනුවෙන් හදවතින්ම කැප වී කටයුතු කරන්නෙකි. එලෙසම ආනන්ද විජේරත්න (රොබින් ප්‍රනාන්දු) ද ප්‍රවීණ රංගන ශිල්පියෙකි. පැරැුණි ජනප්‍රිය සිනමා තරුවකි. හදිසි අනතුරකින් පසු ඇති වූ ආබාධිත තත්ත්වයක් මත ඔහු රෝද පුටුවකට සීමා වී ඇත. සිනමාවට ඇති ආදරය නිසාම සිනමා කෞතුකාගාරයක් පවත්වාගෙන යමින් මතු පරපුරට සිනමාව පිළිබ`දව යම් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ දරන්නෙකි. තිලිණි සමරසිංහ (නයනතාරා වික්ර්රමාරච්චි) කුඩා අවධියේ සිටම සිනමා නිළියක් වීමට සිහින දකින්නියකි. විශ්ව කීර්ති අමරසූරිය (බිමල් ජයකොඩි) සිනමා නිෂ්පාදකවරයකු, තිර පිටපත් රචකයකු හා සම්මානනීය අධ්යක්ෂවරයකු ලෙස ක්ෂේත්රය තුළ ප්රකටව සිටින කූට ව්‍යාපාරිකයෙකි. ඔහු තමන්ගේ මුදල් බලයෙන් නිර්මාණ හා නිර්මාණකරුවන් තම ග්‍රහණයට නතු කර ගනී. මේ සියල්ලන්ගේ ජීවිත චර්යාවන් පිළිබ`දව ”සිනේමා” නැරඹූ කල ඔබට පූර්ණ වැටහීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.
”සිනේමා” රංගන දායකත්වය
ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි , නයනතාරා වික්ර්රමආරච්චි, රොබින් ප්‍රනාන්දු , ඩග්ලස් රණසිංහ, අයිරාංගණි සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලණි දොඩන්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ජගත් බෙනෙරගම, ගාමිණී හෙට්ටිආරච්චි, කෞශල්‍යා සමරසිංහ, ලකි`දු නිර්මාණ, ඕසම් ද සිල්වා , අශෝක අමුණුගම, ලක්මාල් අබේරත්න, රෙෂ්මා ප්‍රනාන්දු, උදේනි අල්විස්, ස`දලි කාව්‍යා, ත්‍රිශාලා නටාෂි, කාව්‍යා සූර්යාආරච්චි ඇතුළු අමතර රංගන ශිල්පීන් රැුසකගේ දායකත්වය සම`ගින් ආරාධිත රංගනයෙන් ආනන්ද වීරකෝන්, අනුලා කරුණාතිලක, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, කාන්ති ලංකා, නෙතලි නානායක්කාර , ලතා වල්පොල, සුජාතා අත්තනායක, සිනේමා ස`දහා සම්බන්ද වී ඇත.
කාර්මික තොරතුරු
කතාව, දෙබස් , තිර රචනය
ගීත රචනය සහ අධ්‍යක්ෂණය - වෛද්‍ය කපිල සූරියආරච්චි
නිෂ්පාදනය - චමිපික ජයනන්දන
කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්
සහය අධ්‍යක්ෂණය - පැතුම් එම්. ඒකනායක, රුවන් ජයසිංහ
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ප්‍රසංග නාපාවල
ශබ්ද සැකසුම - ශසින් ගිම්හාන් පෙරේරා
අංග රචනය - සුසන්ත රාමසිංහ සහය අරුණ ශාන්ත ජයසූරිය
කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ඉන්දික විජේසිරි, බුද්ධි සංජය එදිරිසිංහ
කලා අධ්යක්ෂණ සහය - දනුක බාලාරච්චි, බුද්ධි සචිත් අරුණසිරි
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගී තනු නිර්මාණ - ආචාර්ය රෝහණ වීරසිංහ, දර්ශන රුවන් දිසානායක
ගීත ගායනය - විශාරද අමරසිරි පීරිස්, විශාරද උරේෂා රවිහාරි, සේනක බටගොඩ , රන්ජන් සාලිය
නිෂ්පාදන කලමණාකරණය - දමයන්ති ෆොන්සේකා සහය සමන්ති හේමචන්ද්‍ර
නිශ්චල ඡුායාරූප - චමින්ද මාපා, ලසන්ත පෙරේරා
නිෂ්පාදන සම්බන්ධීකරණය - දිනේෂ් ඉන්දික විජේසිරි
ව්‍යාපෘති නිර්මාණය - වෛද්‍ය උමංගා සූරියආරච්චි
ඇ`දුම් නිර්මාණය - බුද්ධි සංජය එදිරිසිංහ සහය අයේෂා සෙව්වන්දි, රිද්මා පැලවත්ත
ඉංගී්රසි පරිවර්තනය - වෛද්‍ය මල්මි පීරිස්
කැමරා සහය - නුවන් ඉරෝෂණ, නෙවිල් නිශාන්ත මස්ඉඹුල,එච්. එම්. මධුශාන්
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - රොහාන් ප්‍රියදර්ශන
සහය අලෝකකරණ ශිල්පීන් - අනුර චන්දන, චානුක චමින්ද, ගයාන් ගීතප්‍රිය, සුරේෂ් මධුසංඛ
විඩියෝ පටිගත කිරීම - චූලා ප්‍රියන්ත ද සිල්වා
නර්ථන නිර්මාණය - තිළිණි මධුෂිකා අමරසිංහ
සංගීතය පටිගත කිරීම - ජනක දළදාවත්ත, ස`දරු ගමගේ
වාද්‍ය වෘන්දය - ආනන්ද දාබරේ, සුගත් හෙට්ටිආරච්චි,
සංගීත් වික්‍රමසිංහ, මහේන්ද්‍ර පැස්කුවල්,
තිසර බණ්ඩාර, සනත් සතිස්චන්ද්‍ර, රුක්ෂාන් ගුණවර්ධන,
බුද්ධික පෙරේරා, ඉන්දික සරත්, ඒ.ජී. ප්‍රියන්ත,
ඉන්දික ලක්මාල්, රෝචන රාමනායක
පූර්ව ප්රචාරක පටයේ කථනය - තිළිණ සමරසූරිය, ස`දරුවන් බණ්ඩාර
සිනේමා අයිඩියල් ක්රිියේෂන් ප්‍රසන්ට් ඉදිරිපත් කිරීමකි.