වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත‍්‍රපට 10 මොනවාද?

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ‍්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ‍්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට අපි තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බි‍්‍රතාන්‍ය සිනමා ආයතනය :ඊත්‍ෂ) :ීසටයඑ ) ීදමබා* සඟරාව මඟින් ලොව හොඳම චිත‍්‍රපට තෝරන සම්මත ක‍්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අපි අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීමයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වෙති. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කොට ගැනේ.
රෝහණ වෙත්තසිංහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ මෙරට ප‍්‍රකට ගත්කතුවරයකු, තිරරචකයකු මෙන්ම පරිවර්තකයකුද වේ. ලංකාදීප පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසින් මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයකු මෙන්ම රසඳුන කර්තෘ ලෙසින්ද කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයේද සේවය කළ ඔහු සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ ජූරි සභිකයකු ලෙසින්ද කටයුතු කොට තිබේ.
1. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
3. දොලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත
5. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
6. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
7.හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා
8. වැලිකතර - ඞී.බී. නිහාල්සිංහ
9. සත්සමුදුර - සිරි ගුණසිංහ
10.තුංමං හන්දිය - මහගම සේකර
ෆාතිමා ශානාස්
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ කථීකාචාර්යවරියක ලෙස කටයුතු කරන ෆාතිමා ශානාස් සම්මානනීය කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකාවකි. ඇගේ ්‍යදචැල ්‍ය2ධ හා ඔයැ ඡුැඑ යන කෙටි චිත‍්‍රපට අන්තර්ජාතික හා දේශීය චිත‍්‍රපට උලෙළ ගණනාවක් නියෝජනය කොට ඇති අතර දේශීය හා අන්තර්ජාතික සම්මාන ද හිමිකර ගෙන තිබේ. වාර්තා චිත‍්‍රපට ශිල්පිනියක, කතුවරියක, මාධ්‍ය තිර පිටපත් රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය දේශීය සිනමා, රූපවාහිනි හා ගුවන්විදුලි සම්මාන උලෙළ විනිශ්චය මණ්ඩල
සාමාජිකාවක ලෙස ද කටයුතු කරන්නීය.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා
3. වැලිකතර - ඞී.බී. නිහාල්සිංහ
4. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
5. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
6. ගඟ අද්දර - සුමිත‍්‍රා පීරිස්
7. විරාගය - තිස්ස අබේසේකර
8. මේ මගේ සඳයි - අශෝක හඳගම
9. ඉරමැදියම - ප‍්‍රසන්න විතානගේ
10. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර