”සිහිනය යථාර්ථයක් කොට අලූත් ලොවක් තනන්නී”

”ඈ”
අගෝස්තු 11, 2022


 
 සිංහල සිනමා වංශ කතාවට ප‍‍්‍රථමවරට තනි අකුරක නමක් රැගෙන, වෙනස් ම`ගක් ගත් කතා තේමාවක් ද සම`ගින් සාම්ප‍‍්‍රදායික සිනමාශාලා ප‍‍්‍රදර්ශනයෙන් බැහැරට ගොස් ”ඈ” සිනමාපටය පේ‍‍්‍රක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ, ප‍‍්‍රකට චිත‍‍්‍රපට අධ්‍යක්ෂ එරංග සේනාරත්නයි. ඔහු සිනමා ක්ෂේත‍‍්‍රයට පිවිසෙන්නේ 1999 වර්ෂයේ තිරගත වූ ”සුරයහන ගිනි ගනී” සිනමාපටය සම`ගිනි. ඉන් අනතුරුව ”ගිනිගත් මධු සමය”(2000), ”රෝස පැටික්කි” (2002)) , ”සිනාසුනා ආදරෙන් ”(2009), ”ස්විට් ඒන්ජල්” (2011) , ”නෝනෙ මගෙ සුදු නෝනෙ ”(2015), සහ ”මොනාලිසා ”(2022)යන චිත‍‍්‍රපට පේ‍‍්‍රක්ෂකයා අතරට ගෙන ඒමට කටයුතු කළ ඔහු, ඉදිරියේදී තිරගත කිරීම පිණිස ”නෝන හරිම වසයි”, ”නිලූ මං ආදරෙයි” , ”ආදරෙයි ජානු ” සහ ”පිරිමි ආදරයක් ” යන චිත‍‍්‍රපට පෙළගස්වා ඇත.
 
 අද අප රට පත්ව ඇති අයහපත් වාතාවරණය මත සිනමා කර්මාන්තයට ද වැදී ඇත්තේ මරු පහරකි. විශාල චිත‍‍්‍රපට ප‍‍්‍රමාණයක් තිරගත කරවීම පිණිස පෝලිම් ගතව ඇත. ඒ නිසාම විකල්ප සිනමා ප‍‍්‍රදර්ශනයන් ස`දහා යොමු වීමට සිනමා නිර්මාණකරුවන්ට සිදු වී ඇත. මේ සම්බන්ධව මුළු ලෝකයේම අවධානය යොමු වී ඇති අතර, මේ වන විටත් විවිධ ධාරාවන් ඔස්සේ ලෝක සිනමාව හා සම්බන්ධ වීමට අපට ද අවකාශය ලැබී ඇත. එය යහපත් ප‍‍්‍රවණතාවයකි. අපගේ සිංහල චිත‍‍්‍රපට ලෝකය පුරා වෙසෙන ශ‍‍්‍රි ලාංකික පේ‍‍්‍රක්ෂකයන්ට මෙන්ම වෙනත් ජාතින්ට ද නැරඹීමට මෙයින් අවස්ථාව උදා වී ඇත. ඒ අනුව ”ඈ” චිත‍‍්‍රපටය තිරගත වන්නේ සිනමා සිලෝන් ප්ලැට් ෆෝම් (Cinema Ceylon Paltform)ධාරාව ඔස්සේ වන අතර , එළැඹෙන හෙට (අගෝස්තු 12) දින සිට , https://cinemaceylon.com තුළින් ”ඈ” චිත‍‍්‍රපටය පේ‍‍්‍රක්ෂකයාට නැරඹීමට හැකිවනු ඇත. ජංගම දුරකථනය සහ පරිගණකය තුළින් මෙය නැරැඹීමට ඇති හැකියාව නිසාම , බොහෝ පේ‍‍්‍රක්ෂකයා අතරට චිත‍‍්‍රපටය ගෙන යාමට හැකි බවයි අධ්‍යක්ෂවරයාගේ අදහස.

 
 කොළඹ නගර මධ්‍යයේ සුවිසල් බංගලාවක තනිව වෙසෙන වියපත් කාන්තාවක් රැකබලා ගැනීමේ මෙහෙකාර සේවයට පැමිණෙන ඇය විසිතුන් හැවිරිදි රූමත් දමිළ යුවතියකි. ඇය නමින් ජීවානි ය. ඇය කොළඹට පැමිණීමට වඩාත් ඇලූම් කරන්නේ , දිල්හානි ඒකනායක නම් ජනප‍‍්‍රිය සිනමා තාරකාව සියැසින් දැකබලා හ`දුනා ගැනීමේ සිහිනය යථාර්ථයක් කර ගැනීමේ අරමුණෙනි. එසේ වන්නේ්, ජීවානි පදිංචි තලවාකැලේ වතුයායට රූපගත කිරීමක් වෙනුවෙන් පැමිණ සිටි එම සිනමා නිළිය දැක ඇති වන ආශාව නිසාවෙනි. එහිදී ලබා ගත් ඡායාරූප කිිහිපයක් ද ඇය සතුව පවතී.
 
 දිනක් හදිසියේ රෝගාතුර වන ගෙහිමි කාන්තාව ප‍‍්‍රතිකාර ස`දහා ගෙන යාමට කුලී කැබ් රථයකට ජීවානි ඇමතුමක් ලබා දෙයි. එම ගමනේ දී කුලී රථයේ තරුණ රියදුරු වූ මාධව, ජීවානිගේ ගති පැවතුම්වලටත් හැසිරීම් රටාවට සහ ඇගේ රුවට ප‍‍්‍රියතාවයක් උපදවා ගනී. ඉන් අනතුරුව ඇය හ`දුනා ගැනීමට විවිධ උත්සාහයන් ගනී. මාධව ජීවානිට සිතින් පෙම් බ`දී. ඔහු සරසවිය අධ්‍යාපනය ලත් දකුණේ උපන් සිංහල බෞද්ධ උගත් තරුණයකු වන අතර, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන අරගලයකට මැදිහත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව නිදහස ලැබූවෙකි. ඔහු කොළඹට පැමිණෙන්නේ, දේශපාලන රැකවරණ පතා විදේශ රටකට පළායාමේ අදහසිනි. දිනක් ඔහු කුලී රථයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ප‍‍්‍රවාහනය කරමින් සිටි එක් අවස්ථාවක පොලීසිියට කොටුවෙයි. එහිදී ඔහු වාහනය අතහැර පළා යයි. නගරයෙහි ඔහු හ`දුනන කිසිවෙකු නොවූ තැන, ජීවානිගේ සහය සොයා යයි. ඇය මාධව බංගලාවේ ගබඩා කාමරයක ස`ගවා තබයි. නීතිය මෙන්ම , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද මාධව පසුපස හඹා එයි. පැතූ සිහින බො`ද වී මාධව නීතියට නතු වෙද්දී , ඔහු මැවූ සිහින යථාර්ථවත් කිරීම ස`දහා ජීවානි දැඩි තීරණයක් ගනී.
 
 ”ඈ” රංගන දායකත්වය.
 
 යෂ් වීරසිංහ, උමේෂි වික‍්‍රමසිංහ, මානෙල් වානගුරු, දර්ශන් ධර්මරාජ්, චලනි බාලසූරිය, දිල්හානි ඒකනායක (ආරාධිත රංගනය), ශාන්ත ගුණවර්ධන, සමන් අල්මේදා, කිරන් ජී. සොයිසා, ආනන්ද ලියනගේ, ජයන්ති ලියනගේ, සුජිත් ලියනගේ, ප‍‍්‍රාර්ථනා සෙව්වන්දි, මිල්ටන් සෙබස්තියන්, උරේෂා රංගනී, ස`දුශාන් පද්මරාජා, නිහාල් පේ‍‍්‍රමචන්ද්‍ර, ඔමාල් නයන විජේරත්න, රුක්ෂිකා ගොඩගේ, වර්ෂා සූරියආරච්චි, ස`දුනි නිසංසලා ප‍‍්‍රනාන්දු, ජයන්ති ද සිල්වා, මෙත්තානන්ද විතානගේ, කීර්ති රංජිත් පීරිස්, චම්පි සිරිනායක
 
 
 
 
 ”ඈ” කාර්මික දායකත්වය
 
 කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න
 
 නිෂ්පාදනය - ආනන්ද එස්. ලියනගේ, සුජිත් ලියනගේ
 
 තිර රචනය, දෙබස් සහ ගීත රචනය - ඩිනලි රෝෂාන්ති සේනාරත්න
 
 කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - දයා සූරියආරච්චි
 
 සහය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ
 
 කැමරා සහය - නිලන්ත පෙරේරා
 
 කාර්මික ශිල්පීන් - නාරද පන්නිපිටිය, සංජීව රෝහණ
 
 සංස්කරණය - දසුන් රණසිංහ
 
 අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - ළහිරු නිශාන්, ජනාදර අලූත්ගම
 
 අංග රචනා සහය - ප‍‍්‍රසාද් උඩුගමසූරිය
 
 කලා අධ්‍යක්ෂණය - සුරංග ප‍‍්‍රදීප් කුමාර සහය අජිත් ගලගෙදර
 
 නර්තන නිර්මාණය - ශාන් පෙරේරා
 
 ශබ්ද පරිපාලනය සහ 5.1 ශබ්ද මිශ‍‍්‍රණය - ළහිරු මායාදුන්න
 
 වර්ණ ගැන්වීම - ශාන් අල්විස් (ශා ස්ටූඩියෝ)
 
 සංගීත අධ්‍යක්ෂණය - එන්.එම්.ජේ. වසයිලාවෝ
 
 ගායනය - විශාරද චම්පා කල්හාරි,
 
 එන්. එම්. ජේ වසයිලාවෝ
 
 නිෂ්පාදනය කළමනාකරණය - රෝලන් ද සිල්වා
 
 දෙබස් පටිගත කිරීම - අනුරුද්ධ බස්නායක
 
 පොලිස් උපකරණ සැපයීම - කීර්ති රංජිත් පීරිස්
 
 උපසිරැසි යෙදීම - රමේෂ් උවයිස්
 
 ඇ`දුම් සැපයීම - ගෲම්ස් ස්ටාර්ස් පැෂන්
 
 සංස්කරණය මැදිරිය - ආර්.එස්. වීඩියෝ
 
 නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
 
 උපස්ථායක - බණ්ඩාර වීරසේකර
 
 ප‍‍්‍රවාහන කටයුතු - සුසාන් සමීර