අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත‍්‍රපට 10 මොනවාද?

ජූලි 28, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ‍්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ‍්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට අපි තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බි‍්‍රතාන්‍ය සිනමා ආයතනය (BFI) (Sight & Sound) සඟරාව මඟින් ලොව හොඳම චිත‍්‍රපට තෝරන සම්මත ක‍්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අපි අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීමයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වෙති. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

හෙන්රි ප‍්‍රියශාන්ත මෙන්ඩිස්

 

හෙන්රි ප‍්‍රියශාන්ත මෙන්ඩිස් මාධ්‍යවේදියකු, විචාරකයකු, ගත්කතුවරයකු මෙන්ම ඡුායාරූප ශිල්පියකුද වේ. වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයේ නිෂ්පාදකයකු, රචකයකු, සේම නළුවකු ද වන ඔහු ‘නව මඟගක යන්නෝ‘ නමින් මෙරට පළමු වරට කෙටි නාට්‍ය උලෙළක් පැවැත්වීය. මෙරට ප‍්‍රකාශයට පත්වන පැරණිතම සිංහල පුවත්පත වන ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතෙන් මාධ්‍ය දිවිය ආරම්භ කළ ඔහු ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ සහ ලංකා චලන සිනමා සඟරාවේ ද මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළේය. රුක්මණි දේවි අනුස්මරණ සංගමයේ ආරම්භකයා වන්නේ ද ඔහුයි.

 

1. කඩවුණු පොරොන්දුව - ජ්‍යෝ්තිශ් සිංහා

 

2. අශෝකමාලා - ශාන්ති කුමාර් සෙනෙවිරත්න සහ ටී.ආර් ගෝපු

 

3. අම්මා - සිරිසේන විමලවීර

 

4. බණ්ඩා නගරයට පැමිණීම - රාජා වහාබ් කාශ්මීර් සහ ඒ.බී. රාජ්

 

5. කැලෑහඳ - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

 

6. රන්මුතු ැව - මයික් විල්සන්

 

7. සරුංගලේ - සුනිල් ආරියරත්න

 

8. හතර මහ නිධානය - එල්.එම්. පෙරේරා

 

9. මාතලන් - ඒ.එස් නාගරාජන්

 

10. සත්සමුදුර - සිරි ගුණසිංහ

 

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සිනමා ලේඛකයකු, විචාරයකු මෙන්ම ගත්කතුවරයකු ද වේ. ඔහු සිනමාව ඇතුළු සාහිත්‍ය කලා නව ප‍්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කරමින් එම දැනුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හට මෙන්ම සිය කෘති ඔස්සේ සමාජයටද බෙදා දෙන්නේය. ගවේෂණාත්මක වැඩසටහන් පිටපත් රචකයකු ලෙසින්ද විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ඔහුගේ දායකත්වය සුවිශේෂ වේ.

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

 

2.බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

 

3. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

 

4. පවුරු වළලූ‍ - ප‍්‍රසන්න විතානගේ

 

5. විරාගය - තිස්ස අබේසේකර

 

6. අක්ෂරය - අශෝක හඳගම

 

7. පරසතු මල් - ගාමිණි ෆොන්සේකා

 

8.28 - ප‍්‍රසන්න ජයකොඩි

 

9. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර

 

10.දඩයම - වසන්ත ඔබේසේකර