”බැරියර් කුඩු කරන් රියැලිටිය දකින්න”

”නයිට් රයිඩර්”
ජූලි 28, 2022

 
 වර්තමාන තාරුණ්‍ය වැඩි නැඹුරුතාවක් දක්වන ත‍‍්‍රාසය - භීතීය කුතුහලය සම`ගින් ජරා ජීර්ණවූ දේශපාලනික හා සමාජ ප‍‍්‍රහසණයන් ”නයිට් රයිඩර්” සම`ගින් රිදී තිරයට ගෙන එන ඔහු කසුන් චන්ද්‍රනාත් පතිරණයි. මේ ඔහුගේ කුලූ`දුල් සිනමා සම්ප‍‍්‍රාප්තියයි. දස වසරකට අධික කාලයක් වෙළද දැන්වීම් ක්ෂේත‍‍්‍රයේ නියැළෙමින් තමා සතු කරගත් අත්දැකීම් සමුදායත්, යටි සිතේ සැ`ගව තිබූ සිනමා කරුවකු වීමේ අධිෂ්ඨානයත් ඔහු මෙලෙසින් පේ‍‍්‍රක්ෂකයා වෙත මුදා හරින්නේ, අහසක් තරම් සිහින බලාපොරොත්තු පොදි බැ`දගෙන, ජීවිතය ජය ගැනීමට වෙර දරන කුලීරථ රියදුරකුට අනපේක්ෂිත ලෙස මුණගැසෙන නා`දුනන රූමත් යුවතියක් සම`ගින් මුළු රැයක් පුරා ජනාකීර්ණ නගරයක් තුළ ගතකරන වීර චාරිකාවක් ලෙසයි. වැඩිහිටින්ට වඩාත් සුදුසු සිනමා සිත්තමක් ලෙසටද මෙය හ`දුන්වා ඇත.
 
 ”රුදුරු මිනීමරු මැර කල්ලියකින් බේරී පලායාමට වෙර දරන රූමත් යුවතියක්, ඇයව බේරා ගැනීම උදෙසා තමන් සතු සියලූ ශක්තිය යොදා සටන් වදින කුලීරථ රියදුරාත්, මනුෂ්‍යත්වය පිළිබ`දව අර්ථකථනය නව මානයකට රැගෙන යාමට වෙර දරයි. ඔවුන් දෙදෙනා පසුපස නිරන්තරයෙන් හඹා එන මැර කණ්ඩායම සම`ග සිදුවන උද්වේගකර ගැටුම් අතර තුර ගොඩනැෙ`ගන අසම්මත පේ‍‍්‍රමය විසින්, රියදුරු තරුණයාව දෙලොවක අතරමං කරවනු ලබයි. ඔහු අත්වි`දින මානසික පීඩනය, තව දුරටත් තීව‍‍්‍ර වීමට පටන් ගන්නේ, මෙම මාරාන්තික කි‍‍්‍රයාදාමය අතරට, ඔහුගේ පෙම්වතියගේ මැදිහත් වීමත් සම`ගයි. ඔවුනොවුන්ගේ ජීවිත එක් රැයක් තුළ මුළුමනින්ම වෙනත් මානයකට හැරවීමට සමත්වන, අති බිහිසුණුු සිදුවීම් මාලාවක් මධ්‍යයේ එකිනෙකාට මුහුණ පෑමට සිදුවන අභියෝගයන්ට එරෙහිව මතුවන ඔවුන්ගේ මාරාන්තික අරගලය චිත‍‍්‍රපටය පුරාවටම නොනවතින සංග‍‍්‍රාමයක් ලෙස දිග හැරෙයි. කිසිවෙකු නොහිතන ආකාරයට, අවසානයේ පේ‍‍්‍රක්ෂකයා රැගෙන යයි.
 
 
 
 නයිට් රයිඩර් රංගන දායකත්වය
 
 කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්. ජයසිරි, බිමල් ජයකොඩි, තුමිදු දොඩන්තැන්න, ආනන්ද කුමාර උන්නැහේ, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස්
 
 නයිට් රයිඩර් කාර්මික ශිල්පීන්
 
 නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - කසුන් චන්ද්‍රනාත් පතිරණ
 
 කතාව - දෙබස් - තිර රචනය - කසුන් චන්ද්‍රනාත් පතිරණ, ශ‍්‍රීනාත් චතුරංග
 
 කැමරා අධ්‍යක්ෂණය - විශ්වනාත් කරුණාරත්න
 
 සංස්කරණය - ලක්රුවන් ද සේරම්
 
 සහය අධ්‍යක්ෂණය - චාමර සේලාර
 
 සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි
 
 කලා අධ්‍යක්ෂණය - චරිත් වික‍්‍රමතිලක
 
 අංග රචනය - ශාලිත ගුණවර්ධන
 
 නිෂ්පාදනය කළමණාකරණය - තරි`දු දේශප‍‍්‍රිය
 
 රේඛීය නිෂ්පාදනය - රොනින් අධිකාරී
 
 සටන් අධ්‍යක්ෂණය - ඔස`ද සමන් බණ්ඩාර
 
 වර්ණ සංකලනය - මලින්ද සම්පත්
 
 ඇ`දුම් නිර්මාණය - චරිත් ගමගේ
 
 ශබ්ද නිර්මාණය - ආශා රාජපක්ෂ
 
 පරිගණක දෘශ්‍ය නිර්මාණ - දිමුතු රූපසිංහ
 
 ශබ්ද සංකලනය සහ 5.1 ශබ්ද මිශ‍‍්‍රණය- ඩිලාන් ගුණවර්ධන