ඛේදනීය සත්‍ය සිදුවීමක් පාදක වූ ” ප‍්‍රාණ ”

ජූලි 21, 2022


 
 
 මෙරට ප‍්‍රථම වතාවට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන් එකම දිනක එකවර නුදුරේ ම තිරගත කිරීමට සැලසුම් කොට ඇති ”ප‍්‍රාණ” සිනමාපටය, සංජය නිර්මාල්ගේ වෙනස් ම`ගක් ගත් සිංහල සිනමාවංශ කතාවට ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් සනිටුහන් කරන සිනමා නිර්මාණයක් ලෙස හ`දුන්වා දීමට පුළුවන. ඔහු මෙයට ප‍්‍රථම ”සමාරා”,” රෝස කැලේ”, ”ජූලි හතයි” වැනි චිත‍්‍රපට මෙන්ම ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ ප‍්‍රවීණ නිර්මාණවේදියෙකි. ”ප‍්‍රාණ” ස`දහා පාදක වී ඇත්තේ 1544 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ සිදුවූ ඛේදනීයම සත්‍ය සිදුවීමකි. ලොවම කැලැඹූ නින්දිත පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයිනට උපහාරයක් ලෙස මෙය තිරගත කිරිමට සැලසුම් කර ඇත.
 
 ඒ ක‍්‍රි.ව. 1560 වර්ෂයයි. පෘතුගීසි ජාතික ෆැන්සිස්කානු නිකායික මිෂනාරි පියතුමකු වූ මෙල්කියෝ පියතුමා ඉන්දියාවේ එක්තරා ජේසු නිකායික තාපසාරාමයක් තුළදී ලිසානෝ නම් වූ ඉන්දියානු ජාතික පියතුමෙකු මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා අතර සංවාදයේ දී අනාවරණය වන්නේ මෙල්කියෝ පියතුමා 1544 වර්ෂයේ දී ලංකාවේ මන්නාරමේ, තෝට්ටාවේලි නම් ප‍්‍රදේශයේදී සිදු වූ කිතුනු සංහාරය හේතුවෙන්, සංකිලි රජු (එවක යාපනයේ රජු - 1544 දී කිතුනු සංහාරය කරවන ලද) හට දඩුවම් දීම උදෙසා යන පෘතුගීසි නඩයේ පියතුමකු බවත්, ඒ දේශපාලනික බලය ප‍්‍රමුඛ ගමනේ අරමුණ එහි සිටින පියතුමන් දෙදෙනාම අනුමත නොකරන බවත්ය. ලිසානෝ පියතුමා වූ කලී 1544 වර්ෂයේ මන්නාරම් වැසියන් විසින් ෆැන්සිස් ක්ෂේවියර් පියතුමා වෙත පූජකයකු එවන ලෙස කරන ලද ඉල්ලීම ඉටු කරලනු වස් ලංකාවට එවන ලද මිෂනාරි පූජකයකු බවත් එම සංවාදයේ දී තව දුරටත් අනාවරණය වෙයි.
 
 මෙම හමුවීමේ දී ලිසානෝ පියතුමා ඉන්දියාවේ සිට ලංකාවට යෑමේ අත්දැකීමත්, ඔහුගේ මිෂනාරි කාර්යය පාදකකොට කිතුනු දහම වැල`ද ගත් පිරිස, කුපිත වූ සංකිලි රජුගේ කේන්තිය හේතුවෙන් හත්සීයයක් පමණ පිරිසක් මියගිය ආකාරයත්, එහිදී තමන් මුහුණ දුන් දැඩි වේදනාවේ ස්වභාවය පිළිබ`දවත් ලියැවුණු ස්වකීය අත්දැකීම් සහිත සටහන් පොත ලිසානෝ පියතුමන් විසින් මෙල්කියෝ පියතුමාට ලබා දෙන ලදී. පෘතුගීසින්ගේ දේශපාලනික අධිරාජ්‍යවාදී ස්ථාවරය උදෙසාත්, පැවැත්ම උදෙසාත්, ආගම ආයුධයක් කර ගන්නා අයුරුත්, ඒ හා සමාන අයුරින්ම ආගම, දේශපාලනික අවියක් කොට ගත් සංකිලි රජුගේ ස්වභාවයත් අනාවර්ණය වෙමින් ගලා යන කතාව තුළ මෙය දේශපාලන අරගල ගැටුම් බලූ පොර ඇතුළේ දිවි පිදීමේ උත්කෘෂ්ටත්වයට නතු වන මෙල්කියෝ පියතුමාගේ ජීවන චරිතය මෙහිදී අනාවරණය වෙයි. සත්‍ය වෙනුවෙන් නොසැලී ස්වකීය ස්ථාවරයේ සිටින මෙල්කියෝ පියතුමා අවසානයේ දී ඒ වෙනුවෙන් ම ස්වකීය ජීවිතය පූජා කරයි.
 
 ”ප‍්‍රාණ” රංගන දායකත්වය
 
 ටේ‍්‍ර හික්ස්, ෂ්‍යාම් ප‍්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නිරංජනී ෂම්මුගරාජා, නීටා ප‍්‍රනාන්දු (ගරු රගපෑම්), කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලොඞ් සික්ස් . රොබට් සියේරා, පීටර් සටනීටස්, සුරංගා රණවක, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, පහන්දි තාරකා, කපිල් ගල්පිහිල්ල, චන්ද්‍ර හසන්, සෙනේස් දිසානායක බණ්ඩාර, වගීෂා සල්ගාදු, මොහාන් ෂර්මා, ජී. ඒ. ෂාහිඞ්, විදුර ලක්තිලක, සහයන් සෙනෙවිරත්න, ජෝ්න් බොස්කෝ, මයිකල් කොලින් සම`ගින් අතිරේක රංගන ශිල්පීන් පන්සීයකට ආසන්න ප‍්‍රමාණයක් මේ ස`දහා දායක වී ඇත.
 
 
 
 
 ” ප‍්‍රාණ ” කාර්මික ශිල්පීන් -
 
 තිර රචනය හා අධ්‍යක්ෂණය - සංජය නිර්මාල්
 
 සහය අධ්‍යක්ෂණය - ප‍්‍රියන්ත සමරකෝන්, සහන් රංජක, තරි`දු මදුෂාන්
 
 කැමරා අධ්‍යක්ෂණය - ස්ට‍්‍රයිනර් ඇඩම්ස්
 
 සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ශාන් අල්විස්
 
 ශබ්ද ප‍්‍රයෝග සහ ශබ්ද සංකලනය - ශෂින් ගිම්හාන් පෙරේරා
 
 අංග රචනය - බුවණක රණවක
 
 කලා අධ්‍යක්ෂණය සහ ඇ`දුම් නිර්මාණය - ධම්මික හේවාදුවත්ත
 
 නිෂ්පාදන කළමනාකරණය - ගයාන් කෝසල ප‍්‍රනාන්දු
 
 විධායක නිෂ්පාදනය සහ ගීත රචනය - ගරු ප‍්‍රසාද් හර්ෂණ පියතුමා
 
 නිශ්චල ඡුායාරූප සහ වීඩියෝකරණය - ඉන්දික මල්ලවආරච්චි
 
 පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
 
 ගීත ගායනය - තුසිත් සිම්සන්
 
 ගීතයේ තනු නිර්මාණය - සුකුමල් ප‍්‍රනාන්දු
 
 නිෂ්පාදන සැලසුම්කරණය - සුනෙත් මාලිංග ලොකුහේවා
 
 නිෂ්පාදන සම්බන්ධීකරණය - ගරු ඇන්තනී නිශාන් පියතුමා සහ රංජන් ප‍්‍රසන්න
 
 මන්නාරම නිෂ්පාදන සම්බන්ධීකරණය - ගරු ලක්ස්ටන් ද සිල්වා පියතුමා
 
 කොණ්ඩා සැකසුම - මයන්ගා බණ්ඩාරගේ
 
 විශේෂ ප‍්‍රයෝග අධීක්ෂණය - බුද්ධික විජේරත්න, සමින්ද වතවනවිතානගේ
 
 පර්යේෂණ තොරතුරු - අසේල දසනායක
 
 ඉංග‍්‍රීසි පිටපත් පරිවර්තනය - රුවන්ති වත්සලා සම`ගින් ටේ‍්‍ර හිස්ක්ස්
 
 දෙමළ දෙබස් හා සම්බන්ධීකරණය - සුදර්ශන් යෝගේස්පරන්
 
 කැමරා සහය - මුදිත විතාන, තිළිණ ප‍්‍රසාද්, ගිහාන් කාවින්ද
 
 ඇ`දුම් නිර්මාණ සහය - ප‍්‍රියාන් අනුර ශ‍්‍රී, වාසනා ලියනගේ, සැන්ඞී ග‍්‍රීත්මිකා
 
 ආලෝකකරණ සහය - කෝසල මනෝරාජ්, ජිහාන් බුද්ධික, නිලන්ත සුදර්ශන් මංජුල නිලන්ත, කීර්ති වසන්ත, නලින් පෙරේරා,
 
 කැමරා උපකරණ සැපයීම - මැජික් ලැන්ටර්න් පෞද්ගලික සමාගම
 
 රොටෝස්කෝපින් ශිල්පීන් - තනුෂ්ක බණ්ඩාර, නිර්මාල් ධනංජන
 
 විශේෂ ප‍්‍රයෝග සම්බන්ධීකරණය - පමෝද වතවනවිතානගේ සහ රිශාන් පේ‍්‍රමගීත්
 
 සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධනය - තිලංක රත්නායක
 
 නිෂ්පාදනය - ජානක පෙරේරා