නිමි කල් යයි

ජූලි 21, 2022

අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතව තිබූ ”නිමි” චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශනය කල්දමා ඇත. දුෂ්කර ප‍්‍රදේශයක පාසලකට ගුරුපත්වීමක් ලබා යන තරුණ ගුරුවරයෙකි ගයාන්. මනාලියක් බැලීමට යාම සඳහා සිය මවගේ පෙරැත්ත කිරීමට දීර්ඝ සති අන්තයේ කොළඹ යන ගයාන්ට අනපේක්ෂිතව මහපාරේදි හමුවන සාවිත‍්‍රි නැමැති තරුණියගේ අතීත ආවර්ජනයන් ඔස්සේ දිවයන අනුවේදනීය කතාවේ අනපේක්ෂිත අවසානය ”නිමි” ය. ඉසුරු වීරසිංහමුදලි හා චතූ පෙරේරා සුසංයෝගයෙන් අධ්‍යක්ෂණය වන මෙහි තිර රචනයද ඉසුරුගේය. ප්ලේන් ටී නිෂ්පාදනයක් වන නිමි චිත‍්‍රපටය කැමරා අධ්‍යක්ෂණය ගයාන් ශානක මුහන්දිරම්ගෙනි. සහාය අධ්‍යක්ෂණයෙන් චලින් මනුරංග, අංග රචනයෙන්, ආසිරි මනුරංග සංස්කරණයෙන් තනුෂ්ක කහඳවල හා සංගීතයෙන් නෙල්කා තිළිණි හා මයුරංග ගමගේ එක්වෙතිි. රෂිපබා සංදීපනි, රොෂාන් රණවන, කාවිංග පෙරේරා, ගයාත‍්‍රි ඩයස්, සංජීව වික‍්‍රමසිංහ, ගංගු‍ රොෂානා රංගන ශිල්පීන් මෙන්ම ලලිත් ජයසිංහ, මලිති නානායක්කාර, අදීෂ හේරත් යන හඳුන්වාදෙන නළු නිළියන්ද රංගනයෙන් දායක වෙති.