Second Show චිත‍්‍රපටය හෙට

ජූලි 7, 2022

හේමාල් රණසිංහ ප‍්‍රධාන චරිතය රඟන සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටය හෙට (8) සිට ලොව පුරා සිංහල සහ දෙමළ භාෂාද්වයෙන් තිරගත වේ.

ඉන්දියානු-ශ‍්‍රී ලංකා රංගන ශිල්පීන්ගේ එකතුවෙන් ඒ.ටී. ඥානම් අධ්‍යක්ෂණය කරන මෙහි කොලිවුඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප‍්‍රිය නළු අජ්මල් අමීර්, පල්ලවි සුභාෂ්, විද්‍යා ප‍්‍රදීප්, අක්ෂතා සහා පූජා මොන්ඩාල් ඇතුළු‍ පිරිසක් රංගනයෙන් දායක වෙති. සෙකෙන්ඞ් ෂෝ ඉන්දු ලංකා සම නිෂ්පාදනයක් වන අතර ලාංකේය නිෂ්පාදිකාව වන්නේ කෞශල්‍යා වික‍්‍රමසිංහයි. චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් අධ්‍යක්ෂ ඒ. ටී. ඥානම්, ප‍්‍රධාන චරිතයට පණ පොවන පල්ලවි සුභාෂ් සහ අක්ෂතා අද දිවයිනට පැමිණෙති. සෙකන්ඞ් ෂෝ මාධ්‍ය දර්ශනය හා සාකච්ඡුාව වැල්ලවත්ත සැවෝයි ප‍්‍රිමියර් හි දී අද සවස 4.00 ට පැවැත්වේ. දිවයිනට පැමිණෙන රංගන ශිල්පීන් ලබන 14 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.