අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

ජුනි 9, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

මහාචාර්ය අජන්තා හපුආරච්චි

 

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අජන්තා හපුආරච්චි ජනසන්නිවේදනය පිළිබඳ ලංකාවේ ප්‍රථම මහාචාර්යවරියයි. ජනසන්නිවේදන විෂයය සඳහා ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් ලංකාවේ පළමු කාන්තාව වන ඇය ජනසන්නිවේදනය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කොට තිබේ. පුවත්පත් කලාවේදිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පත ඇතුළුව මිහිර, තරුණි, ජනතා, යොවුන් ජනතා, සිළුමිණ පුවත්පත්වල සේවය කළ ඇය දිනමිණ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ධුරයද හෙබවූවාය.

 

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. බැද්දේගම - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. දඩයම - වසන්ත ඔබේසේකර

4. ගඟ අද්දර - සුමිත්‍රා පීරිස්

5. විරාගය - තිස්ස අබේසේකර

6. සිරිපැරකුම් - සෝමරත්න දිසානායක

7. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ

8. කුසපබා - සුනිල් ආරියරත්න

9. උදුම්බරා - කේ. එස්. චමන්ත්රාජ්

10.සමනල සංධ්වනිය - ජයන්ත චන්ද්‍රසිරි

 

 

 

තුසිත ජයසුන්දර

 

තුසිත ජයසුන්දර නව පරම්පරාවේ කැපී පෙනෙන සිනමා විචාරකයෙකි. මෙරට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරු පිළිබඳ වූ කෘතිද ඇතුළත්ව සිනමා විචාර කෘති රැසක් ඔහු රචනා කර තිබේ. තුසිත, ප්‍රියන්ත ජයරත්න සමඟ එක්ව Mirror  නමින් සිනමා සඟරාවක්ද සංස්කරණය කළේය.

 

1. සොල්දාදු උන්නැහෙ - ධර්මසේන පතිරාජ

2. පාර දිගේ -ධර්මසේන පතිරාජ

3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

4. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්

5. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

6. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ

7. මචං - උබර්තෝ පැසොලිනි

8. දඩයම - වසන්ත ඔබේසේකර

9. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

10.වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ