රන්ජන් රඟපෑ ද ගේම් ලබන බ්‍රහස්පතින්දා

ජුනි 9, 2022

 

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ද ගේම් චිත්‍රපටය ලබන 16 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත වේ.

ද ගේම් හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රන්ජන් රාමනායකයි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, තරින්දි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, තුෂාණි ප්‍රනාන්දු, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අබේසේකර, සුදේශ් වසන්ත පීරීස්, නිල්මිණි කෝට්ටගේ ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙති.

තිර රචනය- සුරංග ද අල්විස් සහ නිශාන්ත වීරසිංහ

කැමරා අධ්‍යක්ෂණය- ගාමිණි මොරගොල්ලාගම

සංස්කරණය- රුවන් වීරසිංහ

කලා අධ්‍යක්ෂණය- ඇහැළියගොඩ සෝමතිලක

අංගරචනය- චන්ද්‍ර සුගත් කුමාර

සටන් අධ්‍යක්ෂණය- සමන්ත මායාදුන්න

ඇඳුම් නිර්මාණය- ප්‍රියාන් අමර ශ්‍රී

නිශ්චල ඡායාරූපකරණය- අනුර ශාන්ත

නිශ්පාදන කළමනාකරණය- දර්ශන දිසානායක සහ සම්පත් අල්විස්

විධායක නිෂ්පාදනය- නිශාන්ත වීරසිංහ

සංගීත අධ්‍යක්ෂණය- සරත් ද අල්විස්

උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගායනයෙන් එක් වී සිටි. ද ගේම් සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.