සිනමාවේ නව ප්‍රවේගය හේමාල්

හේමාල් රණසිංහ
මැයි 5, 2022

 

ඉතා දිගු කලකට පසු සිංහල සිනමාවට පැමිණි තරු ගුණයෙන් හෙබි හේමාල් සචින්ද්‍ර රණසිංහ හෙවත් හේමාල් රණසිංහ යෞවනයේ හද බැඳගත් රංගන ශිල්පියෙකි. සිය ප්‍රථම සිනමා නිර්මාණයෙන්ම සරසවිය සම්මානයක් හිමිකර ගැනීමට හේමාල් වාසනාවන්ත විය. ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ලැබෙන සෑම චරිතයක්ම බාර නොගන්නා නළුවෙකු ලෙසද හේමාල් ප්‍රකටය. ඔහු රඟපාන්නේ තෝරා බේරා ගෙනය. සිතට දැනෙන චරිතයක් රඟපාන්නට දෙවතාවක් හිතන්නේද නැත. සුපර් සික්ස් රඟපෑවායින් අනතුරුව ප්‍රවේගය සිනමාපටය හේමාල්ට ලැබෙයි. ඔහු ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙකු බවට පත්වන්නේ ඒ නිර්මාණය තුළිනි. රංගනයට මෙන්ම නර්තනයටද කැපී පෙනෙන දස්කම් දක්වන හේමාල් සිංහල සිනමාපට රැසක වීරයාගේ චරිතය රඟපෑවේය. ඇඩ්ඩ්‍රස් නෑ, ආදරණීය කතාවක්, සූම්, බන්ධනය, දේදුනු ආකාසේ තාල, විජයබා කොල්ලය, යූ ටර්න්, කලම්බෝ සහ මේ දිනවල තිරගත වන ආශාවරී චිත්‍රපටයේ හේමාල් රංගනයෙන් දායකවේ. සිංහල සිනමාවේ සුපෙම්වතා ලෙසට ජනාදරයට පත්ව සිටින හේමාල් රඟපෑවේ එකම එක ටෙලි නාට්‍යයක පමණි. ඒ නැසීගිය ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ ඊළඟට මොකද වෙන්නේ නාට්‍යයයි. හේමාල් රංගනයෙන් දායකවූ චිත්‍රපටය කීපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතය. 1970 ලව් ස්ටෝරි, සිහිනාභිෂේකය, අයිස්ක්‍රීම් සහ මාරියාය එම සිනමා නිර්මාණයි.

 

 

සටහන් - ආචාර්ය නුවන් නයනජිත් කුමාර - අරුණි මුතුමලී - ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - තිළිණි රාජපතිරණ

 

 

සේයාරූ - රැලෙක්ස් රණසිංහ - නිශ්ශංක විජේරත්න

 

ඡායාරූප විශේෂ ස්තුතිය - රනිල් රණසිංහ