යාවත්කාලීන වන ප්‍රතිභාන්විතයා ජැක්සන්

ජැක්සන් ඇන්තනි
මැයි 5, 2022

 

වර්තමාන ලාංකික සිනමාවේ රූපණවේදියෙකු, තිර නාට්‍ය රචනයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, ගායකයෙකු, පර්යේෂකයෙකු ආදී වූ විවිධ භූමිකාවන් රැසකට පණ පොවන ජැක්සන් ඇන්තනි නිර්මාණශීලී බවින් පරිපූර්ණ කලා කරුවෙකි. වේදිකාවෙන් රංගනවේදයේ අත්පොත් තැබූ ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, බන්දුල ජයවර්ධන, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට නාට්‍යවේදීන්ගේ නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු සිනමාවට පිවිසෙන්නේ ගුරුගෙදරිනි. ලොකු දුව, බව දුක, බව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා, රන්දිය දහර වැනි චිත්‍රපට ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයකි.

සිනමා රූපණයේ අලුත් මාවත් සොයාගිය ජැක්සන්ගේ පෙරළිකාර පසක් කරන ලද්දේ හැමවිටම අභියෝගවලට මුහුණ දුන් නිර්මාණකරුවෙකු බවයි. පළිඟු මැණිකේ, ඇල්ල ලඟ වලව්ව, වෙදහාමිනේ, සුසීමා, කඩුල්ල, පිටගම්කාරයෝ, අකාල සන්ද්‍යාව වැනි ටෙලිනාට්‍ය රාශියකින් ඔහු පුංචිතිරය අතික්‍රමණය කළේය.

සිනමාකරුවෙකු ලෙස ජුලියට්ගේ භූමිකාව නිර්මාණය කරමින් අධ්‍යක්ෂණ කාර්යයට අවතීර්ණ වූ ජැක්සන් අබා චිත්‍රපටය නිර්මාණය ලාංකික රසිකයා ජනාකර්ෂණීය සිනමාවට නව මානයක් ගෙන ආවේය. ඇඩ්‍රස් නෑ, එකගෙයි සොකරි, ඔහුගේ සෙසු නිර්මාණ අතර වේ. හැමවිටම දැනුමෙන් යාවත්කාලීන වූ ජැක්සන් ගඟ දිගේ, කළුගඟ දිගේ, සලංහන්තේ, වැනි නිර්මාණ මෙන්ම හපන් පැදුර, මහාසිංහලයේ වංසකතාව වැනි වැඩසටහන් ඔස්සේ රූපවාහිනි වැඩසටහන් නිර්මාණකරුවෙක් ලෙස එකතු විය.

ජැක්සන් ඇන්තනි යනු සියලු කලාවන්ගේ එකතුවක ප්‍රතිඵලයක් ය යැයි කීමට හැකි දුර්ලභ ප්‍රතිභා ගුණයක් ඇත්තෙකි.