වියපත් නොවන ඩග්ලස්

ඩග්ලස් රණසිංහ
මැයි 5, 2022

 

ඩග්ලස් රණසිංහ 1966 දී කුරුණෑගල සිට කොළඹට පැමිණියේ නාට්‍ය රචක සතිශ්චන්ද්‍ර එදිරිසිංහ හමුවීමටය. පසුව පොලිස් සේවයේ සම්මුඛ පරීක්ෂණයකට සතිශ්ගෙන් චරිත සහතිකයක් ගත්තේය. සතිශ් ඩග්ලස්ව හෙන්රි ජයසේන වෙත හඳුන්වා දුන්නේය. හෙන්රි ජයසේන විසින් රචිත හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ චරිතයට ඔහුව තෝරා ගන්නා ලදී. මෙය ඔහුව නාට්‍ය ජීවිතයට යොමු කළේය. ඔහු අපට පුතේ මඟක් නැතේ සහ හොටබරි යුද්ධය ඇතුළු විචාරක පැසසුමට ලක් වූ වේදිකා නාට්‍ය රැසක රඟපෑ අතර ජනේලය, කුවේණි, විවාහ මංගල්‍යය, දුක හීලෑ කිරීම සහ අහස් මාලිගා වැනි නාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නේය. ඔහුගේ අවසන් වේදිකා නාට්‍ය රංගනය කුස පබාවතීය.

ඩග්ලස් කලා ලොවේ කගෙත් ඩගි අයියා ය. ප්‍රථම සිනමා රංගනය අක්කර පහ චිත්‍රපටය වුවත් ජී.ඩී.එල්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ දෙවැනි චිත්‍රපටය රෝමියෝ ජුලියට් කතාවක් අක්කර පහට පෙර තිරගත විය. ඔහු පෝල් සිල්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද භාවනා කෙටි චිත්‍රපටයේ රඟපෑවේය. එම චිත්‍රපටය සමඟින් ඔහුට 1970/1971 බර්ලින් සිනමා උලෙළට ඇතුළත් වීමට හැකි විය. ඉන්පසු ඔහු ලන්ඩන් චිත්‍රපට ආයතනයේ තුන් අවුරුදු පාඨමාලාවක් සම්පූර්ණ කළේය. පාඨමාලාවෙන් පසු, ඔහුට ලන්ඩනයේ නැවතී සිටින ලෙසත්, ෂේක්ස්පියර් නිෂ්පාදන සඳහා සහභාගී වන ලෙසත් ඉල්ලා සිටියේය ලන්ඩනයේ ජාත්‍යන්තර චිත්‍රපට පාසලෙන් ආරාධනා කළේය. එහෙත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ලංකාවට ආවේය.

1980 දශකයේ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ගුවන් විදුලි රඟ මඩල සහ කෙටි කතා වැඩසටහන්වල හඬ නළුවා විය. ගුවන්විදුලි ශබ්ද පරිපාලකයෙකු ලෙස ඔහු උසස් නාට්‍ය, විශේෂාංග සහ සංගීත වැඩසටහන් පටිගත කළේය. ඩග්ලස් රන්මසු උයන සහ සසර චක්‍ර ඇතුළු වේදිකා නාට්‍ය සහ රූපවාහිනී කතාමාලා කිහිපයක් අධ්‍යක්ෂණය කර ඇත. රූපවාහිනී නළුවෙකු ලෙස ඔහු අවසඳ, මම මහලු වයසේ, රන්මසු උයන සහ කළු හංසයෝ යන කතාමාලාවල කැපී පෙනෙන චරිත නිරූපණය කළේය. ඔහු ලන්ඩනයේ ජාත්‍යන්තර චිත්‍රපට පාසලේ තුන් අවුරුදු පාඨමාලාව හදාරන අතරතුර එහිදී ඔහු ච්චදජඪදඨ ච්ඥමඪතඵ චිත්‍රපටයේ තිර රචනය ලිවීය. ඩග්ලස් ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ ධූරයක් ඇතුළු තනතුරු හෙබවූවෙකි. සාරංගා, තණගිරවි, කැලෑ මල්, සිව් රඟ සේනා, ආදර ගීතය, නිවන් දක්නා ජාති දක්වා, යුගාන්තය, විරාගය, කුලගෙය, වත්සලා අක්කා, දූ දරුවෝ, යුවතිපති, හිරු සඳුට මැදිවි, අමාන්තය, උඩු සුළඟ, සිරියහන, ආදර චාරිකා ඔහු රඟපෑ චිත්‍රපට වේ. 60 දශකයේ අගභාගයේ සිට අදටද කලාවේ නියැළෙන ඔහුට වයසට නොයන යෞවනයා ලෙස බොහෝ දෙනා ආමන්ත්‍රණය කරයි.