වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
සදාකාලික යෞවනයා කලං

ශ්‍රී ලාංකේය සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික පෙම්වතාගේ රංගන රටාව වෙනස් කර තමන්ටම ආවේණික වූ රංගන වපසරියක සිට සිය ප්‍රතිභාව දැක් වූ චරිතාංග නළුවන් කිහිපදෙනා අතර අමරසිරි කලංසූරිය නම් වූ ප්‍රවීණ රංගන ශිල්පියාට අත්වන්නේ සුවිශේෂී ස්ථානයකි. 1940 සැප්තැම්බර් මස 20 වැනි දින උපත ලැබූ කලං කුඩා කාලයේදී ම සිය මවත් පියත් අහිමි වන්නේය. මවගේ සහ පියාගේ වියෝව සමඟ ජීවිතයේ කටුක අත්දැකීම් අනන්තවත් විදි කලංගේ ජීවිතය රංජිත් පෙරේරාගේ හමුවෙන් වෙනස්විය. ඔහුගේ රැයත් දවාලත් චිත්‍රපටයේ කලං ප්‍රධාන චරිතය නිරූපණය කළේය. එක් දිනෙක ඔහුගේ පාසල් මිතුරෙක් වූ ධර්මසේන පතිරාජ නුවරදි මුණ ගැසුණි. පතිරාජයන් නිසා සුගතපාල සෙනරත් යාපා හඳුනාගන්නා කලං ඔහුගේ 'හන්තානේ කතාව'ට ආධුනික නළුවෙක් ලෙස එක්විය. පසුකලෙක කලංගේ දකුණු අත මෙන් බැඳී විජය කුමාරතුංග නම් මිතුරා හඳුනාගන්නේද මෙම චිත්‍රපටයෙනි. විජයගේත් ප්‍රථම චිත්‍රපටය මෙයයි.
කලං නිතරම පවසන්නේ පතිරාජ නිර්මාණය කළ අහස් ගව්ව, බඹරු ඇවිත්, එච්. ඩී. ප්‍රේමරත්නගේ පරිත්‍යාගය, අපේක්ෂා, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අනුපමා, වජිරා ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ පූජා, යස ඉසුරු නිශාන්ත ද අල්විස් ගේ පොඩි විජේ, ඩොරින්ගේ සයනය වැනි චිත්‍රපට තුළින් ඔහුට ලැබුණ රංගන අවස්ථා තවමත් ඔහු වටේ සිටින ආරක්ෂකයින් ලෙසයි.
ලාංකේය රූපවාහිනියේ ප්‍රථම ටෙලිනාට්‍යය වූ දිමුතු මුතු හි රංගනයට එක්වෙමින් ටෙලිනාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබා දුන් කලං යනු සදාකාලික යෞවනයේ ප්‍රතිරූපයයි.