ආශාවරී ජයග්‍රාහි දින 50

අප්‍රේල් 28, 2022

 

යෞවනයේ හද බැඳගත් රංගන ශිල්පී හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන ආශාවරී සිනමාපටය ජයග්‍රාහි දින 50 සම්පූර්ණ කරන ලදී.

තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ආශාවරී සිනමාපටයේ හේමාල් සමඟ ප්‍රධාන චරිතය ඉශංකා ජහන්වි රඟපාන අතර ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, සේමිණි ඉද්දමල්ගොඩ, දයා වයමන්, දිනිති වල්ගමගේ ආදීහු රංගන දායකත්වය ලබා දෙති. ආශාවරී සිනමාපටයේ පනස්වෙනි දින සමරමින් විශේෂ දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේ දී පැවැත්විණ. මේ එය තෙවැනි ඇස ගැටුණු අවස්ථාවකි.