එතෙරින් ආ ළඳ - පූජා උමාශංකර්

අප්‍රේල් 7, 2022

 

පූජා ගෞතමි උමාශංකර් සිනමාවට පිවිසෙන්නේ ඉන්දියාවේ සිට ලංකාවට විත් වුවත් ඇය උපන්නේ ලංකාවේය. 2004 වසරේ දකුණු ඉන්දීය සිනමාව ඔස්සේ රංගනයට පිවිසෙන පූජා ලාංකික ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගන්නේ 2007 වසරේ දී තිරගත වූ අංජලිකා චිත්‍රපටය ඔස්සේය. විසි එක්වන සියවසට හෙළවුඩය බබළන්නට සමත් වූ මේ සුරූපිනිය කන්නඩා, දෙමළ, ඉංග්‍රීසි,සිංහල ඇතුළුව භාෂා ගනණාවක් කතා කිරීමේ හැකියාවද ඇත්තීය. 2016 දී තිරගත වූ සරිගම චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් පිදුම්ලද ඇය එම වසරේම ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. 2017 දෙරණ සිනමා සම්මාන හි ජනප්‍රියතම නිළිය ලෙසින් අභිසෙස් ගැන් වූ ඇය 2018 වසරේ ද හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් හි නැවතත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. ආසයි මං පියාඹන්න, යහළුවො, සුවඳ දැනුණා ජීවිතේ, කුසපබා, පත්තිනි, සරිගම ඇය රඟපෑ සිංහල චිත්‍රපට වන අතර දෙමළ, ඉංග්‍රීසි, මලයාලම් චිත්‍රපටවලටද සිය රංගන දායකත්වය ලබා දුන්නීය.

අද සරසවියේ රූපණවේදිනියෝ විසි පස් දෙනෙක්

 

අද සිට සෑම මාසයකම මුල් සතියේ බ්‍රහස්පතින්දා නිකුත් වන සරසවිය ඔබේ පුවත්පත් සිහිවටන අතර තබා ගත යුතු විශේෂ කලාපයක් වනු ඇත. මෙවර අප තෝරා ගත්තේ පසුගිය හැත්තෑපස් වසරක් මුළුල්ලේ සිනමාවේ වඩාත්ම කැපී පෙනෙන රූපණව්දිනියන් විසි පස්දෙනෙකි.

එහි ලා ඔවුන්ගේ ජනප්‍රියත්වය, කුසලතාවය, සිනමාවේ ආනුශංගික අංග කෙරෙහි ඔවුන් දැක්වූ දායකත්වය ද සලකා බලන ලදී.

ලබන මැයි මස 5 වැනි දින කලාපය රූපණවේදින් විසිපස් දෙනෙකු සඳහා වෙන් කරනු ඇත.

 

සටහන් ආචාර්ය නුවන් නයනජිත් කුමාර - අරුණි මුතුමලී - චන්දන දයාසිරිවර්ධන - ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න- නිර්මාණි බණ්ඩාරනායක- තිළිණි රාජපතිරණ

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න