රංංගනය ලොවට ගෙන ගිය - අනෝජා වීරසිංහ

අප්‍රේල් 7, 2022

 

රූපන කලාවේ විවිධ මං සලකුණු සටහන් කරමින් ලොව හොඳම නිළිය ලෙස අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූ ඇයගේ මුල් නම අනෝජා කාන්ති සිරිවර්ධනය. මල්දෙණියේ සිමියොන් හි ඇය රඟ පෑ ද්ත්ත්ව චරිතය ඇයගේ රංගන චාරිකාව වෙනත් මානයකට ගෙන ගිය සිනමාපටයයි. ඒ වෙනුවෙන් ඉන්දියාවේ රණ මයුර සම්මානයෙන් ද පිදුම් ලද ඈ පිළිවෙලින් 1985,1986,1987,1990,1992,1994 යන වර්ෂයන් හි හොඳම නිළිය සඳහා වන සරසවිය සම්මාන ඇගේ කර ගත්තාය. ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස කලාකෙත පෝෂණය කළාය. සිරි මැදුර, සුර බිදෙන, ගුරු ගෙදර, ජුලියට්ගේ භූමිකාව, ආදී සිනමාපටවලින් ඇය ඇගේ රංගන ප්‍රතිභාව මැනවින් පෙන්වන්නීය. සිනමාව පමණක් නොව වේදීකාවේද ස්වර්ණ කුමරිය ඇයයි. එහිදී ට්‍රොජන් කාන්තාවෝ අමතක කළ නොහැකිය.