වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද

සිංහල කතානාද සිනමාවට පසුගිය ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහක් සපිරිණි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් කර ගැනෙණු ඇත. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ. අධ්‍යක්ෂවරුන්ගේ තේරීමේ අදියර අදින් අවසන් වේ.
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ
මෙරට සිනමාවට එක් වුණු දෙවැනි දෙසොහොයුරන් දෙපළ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ වෙති. ලෝක සිනමා භාවිතය පිළිබඳ ඉහළ පෙළේ විචාරකයන් දෙපළක් වන ආරියවංශ දෙසොහොයුරන් ප්‍රේමය නම් සහ රූකඩ පැංචී යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කර ඇත. ඒ අතරින් "ප්‍රේමය නම්" චිත්‍රපටය ජාතික සහ අන්තර් ජාතික වශයෙන් සම්මාන දිනාගත්තේය.
1. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. වැලිකතර - ඩී. බී. නිහාල්සිංහ
3. කොළඹ සන්නිය - මනික් සන්ද්‍රසාගර
4. හඳයා - ටයිටස් තොටවත්ත
5. ගඟ අද්දර - සූමිත්‍රා පීරිස්
6. දඩයම - වසන්ත ඔබේසේකර
7. ආරාධනා - විජය ධර්මශ්‍රී
8. දෙවෙනි ගමන - එච්.ඩී. ප්‍රේමරත්න
9. පවූරු වළලූ - ප්‍රසන්න විතානගේ
10. සරෝජා - සෝමරත්න දිසානායක
මලිත් හෑගොඩ
සිනමා විචාරකයකු සහ කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි මලිත් හෑගොඩ නිම කළේ එක් චිත්‍රපටයක් පමණි. එය නමින් "දැකලා පුරුදු කෙනෙක්" වේ. ඒ සඳහා ඔහු සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමා සම්මානය දිනා ගත්තේය. ඔහු මුල් සිනමා කෘතියෙන්ම සිනමා විචාරකයන්ගේ අවධානය දිනාගත් තරුණ අධ්‍යක්ෂවරයෙකි.
1. බොරදිය පොකුණ - සත්‍යජිත් මාඉටිපේ
2. බවදුක / බවකර්ම - ධර්මසිරි බණ්ඩාරනායක
3. මේ මගේ සඳයි - අශෝක හඳගම
4. පාර දිගේ - ධර්මසේන පතිරාජ
5. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
6. දඩයම - වසන්ත ඔබේසේකර
7. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
8. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
9. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
10. තුංමංහංදිය - මහගම සේකර