තම්බපණ්ණි සමඟින් අලුත් අධ්‍යක්ෂවරයෙක්

ජනවාරි 27, 2022

තම්බපණ්ණි නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් තවත් අධ්‍යක්ෂවරයෙකු අප සිනමාවට එක්වෙයි. ඔහු සජීව කණකරත්නයි. තම්බපණ්ණි සිනමාපටයේ වැඩකටයුතු පසුගියදා කොලඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ කෙරිණ.

ඩබ්ලිව්. ජයසිරි, කලණ ගුණසේකර, සමනලී ෆොන්සේකා, කෝරලගෙ සමන්, නදීශා මදුශානී, ටී.ම්. රෙජිනෝල්ඩ්, චතුර රාජපක්ෂ, විශාකා ජයවීර තම්බපණ්ණි සිනමාපටයේ නළු නිළියෝය. සහාය අධ්‍යක්ෂණය නාමල් ගමගේගෙනි, චානක විජේමුනි කැමරා අධ්‍යක්ෂවරයාය. අංග රචනය මනනුවන් රූපසිංහගෙනි. චතුර දහනායක කලා අධ්‍යක්ෂවරයාය. ඇඳුම් නිර්මාණය ශලනි වන්නිනායකගෙනි. සංගීතය අධ්‍යක්ෂණයෙන් සුබෝධ චන්දිමද නිෂ්පාදන කළමනාකරණයෙන් නාමල් බණ්ඩාරද දායක වෙති.

 ඉන්දික සුරවීර සංස්කරණ ශිල්පියාය.

තම්බපණ්ණි සිනමා කෘතියේ රූපගත කිරීම් කොළඹ සහ කොත්මලේ යන ප්‍රදේශවල සිදුවනු ඇත.