අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

ජනවාරි 27, 2022

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

හර්ෂ උඩකන්ද



සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවට එක් වන හර්ෂ උඩකන්ද වර්තමාන ජනාකර්ෂණීය සිනමාව නියෝජනය කරන තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකි. උලත් එකයි පිලත් එකයි, සේද මාවතේ, ගෝරි, කොළඹ සන්නිය, ජ්චජඥ 2 ටචජඥ, කබඩි යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.



1. මාතලන් - ඒ.එස්. නාගරාජන්
2. සුරිය අරණ - සෝමරත්න දිසානායක
3. සිරි පැරකුම් - සෝමරත්න දිසානායක
4. අග්නිදාහය - ජයන්ත චන්ද්‍රසිරි
5. හිරිපොද වැස්ස -
උදයකාන්ත වර්ණසූරිය
6. නොම්මර 17 - හේමසිරි සෙල්ලපෙරුම
7. According to Matthew -
චන්ද්‍රන් රත්නම්
8. සිංහාවලෝකනය -
සුනෙත් මාලිංග ලොකුහේවා
9. වන් ශොට් වන් - රන්ජන් රාමනායක
10. අංජලීකා - චන්න පෙරේරා

ශමිර නාඔටුන්න



සුළං කිරිල්ලී සිනමාපටයේ රංගන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පාතබන ශමිර නාඔටුන්න පසුව නිර්මාණ රාශියක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු චිත්‍රපටය වන "මෝටර් බයිසිකල්" 2018 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම චිත්‍රපටය මෙරට අනෙකුත් සිනමා සම්මාන උලෙළවල සහ අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළවල සම්මානයට පාත්‍ර විය.



1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. දඩයම - වසන්ත ඔබේසේකර
3. පාර දිගේ - ධර්මසේන පතිරාජ
4. හංසවිලක් -
ධර්මසිරි බණ්ඩාරනායක
5. හාරලක්ෂය - ටයිටස් තොටවත්ත
6. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
7. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
8. මිල්ලෙ සොයා - බූඩි කීර්තිසේන
9. මචං - උබෙර්තෝ පසොලිනි
10. බොරදිය පොකුණ - සත්‍යජිත් මාඉටිපේ