අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

ජනවාරි 6, 2022

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound"  සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් 

සිංහල පුවත්පත් කලාවේදියෙකු ලෙස ක්ෂේත්‍රයට එන ජයප්‍රකාශ් සිවගුරුනාදන් පසුව ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රාශියක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහු නමක් දිනාගත්තේය. කිං හන්තර්, පහ සමත්, කෝ මාර්ක් නෝ මාර්ක් යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ 
3. දඩයම - වසන්ත ඔබේසේකර 
4. තුන්වෙනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක 
5. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ 
6. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - සුමිත්‍රා පීරිස් 
7. තුංමංහංදිය - මහගම සේකර 
8. පුරහඳ කරුවල - ප්‍රසන්න විතානගේ 
9. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා 
10. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම

ඉන්දික ෆර්ඩිනෑන්ඩු 

ඉන්දික ෆර්ඩිනෑන්ඩු තම කලා දිවිය ආරම්භ කරන්නේ වේදිකා නාට්‍යකරුවකු ලෙසය. ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත්තේ එක් චිත්‍රපටයක් පමණි. ඒ "හෝ ගානා පොකුණ" චිත්‍රපටයයි. එය ජාතික හා අන්තර් ජාතික වශයෙන් චිත්‍රපට උලෙළවල සම්මාන රාශියක් දිනාගැනීමට සමත් විය. 

1. අල්ලපු ගෙදර - එම්. මස්තාන් 
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා 
4. පාර දිගේ - ධර්මසේන පතිරාජ 
5. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
6. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ 
7. බොරදිය පොකුණ - සත්‍යජිත් මාඉටිපේ 
8. ගිනි අවි සහ ගිනි කෙළි - උදයකාන්ත වර්ණසූරිය 
9. අක්ෂරය - අශෝක හඳගම 
10. දියමන්ති - වසන්ත ඔබේසේකර

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 02 පරසතු මල් - 02 සොල්දාදු උන්නැහේ - 02