අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

ඔක්තෝබර් 7, 2021

සිංහල කථානාද සිනමාවට එළැඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාරය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මේ මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මේ මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මේ මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ. මෙහි මුල් තෝරාගැනීම අගෝස්තු 19 වැනිදා සරසවිය පුවත්පතේ පළ විය. එදින ඒ සඳහා සහභාගී වූයේ සුමිත්‍රා පීරිස්, තිස්ස ලියනසූරිය, ලුවී වැන්ඩස්ට්‍රාටන් සහ ආනන්ද වික්‍රමසිංහයි.

සුගතපාල සෙනරත් යාපා

 

අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක්, තිරපිටපත් රචකයෙක්, ගීත රචකයෙක් ලෙස සුගතපාල සෙනරත් යාපා මෙරට සිනමාවට කළ සේවය අනුපමේයයි. දේශීය සිනමාවේ 70 දශකයේ නව සිනමාවේ පුරෝගාමී සිනමාකරුවා ඔහුය. හන්තානේ කතාව, පෙම්බර මධූ, ඉන්දුට මල් මිටක් යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. හන්තානේ කතාව සිනමාපටයෙන් මහා සිනමා පරම්පරාවක් නිර්මාණය කිරීම නිසා සරසවිය රණ තිසර සම්මානය ඔහුට පුද කර ඇත. අන්තර්ජාතික වශයෙන් වැදගත් වන වාර්තා කෙටි චිත්‍රපට රාශියක් ඔහු විසින් නිර්මාණය කර ඇති අතර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ "මිනිසා සහ කපුටා" කෙටි චිත්‍රපටයට ඉන්දියාවේ රජත මයුර සම්මානය හිමි වී ඇත.

1. පරසතුමල්

2. දෙලොවක් අතර

3. සුජාතා

4. විරාගය

5. නිධානය

6. අහස් ගව්ව

7. රන්සළු

8. ගොළුහදවත

9. හන්තානේ කතාව

10. ඉන්දුට මල් මිටක්

 

 

 

නීල් රූපසිංහ

 

අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස නීල් රූපසිංහ මෙරට සිනමාවට දැවැන්ත සේවයක් කර ඇත. දැන් මතකද හතරදෙනාම සූරයෝ, ආදරේ හිතෙනව දැක්කම, ලස්සන කෙල්ල, සරදියෙල්ගේ පුතා, යකඩයා, අමල්බිසෝ, හතරදෙනාම සුරයෝ නව නිෂ්පාදනය යන සිනමාපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.

 

 

1. නිධානය

2. රන්මුතුදූව

3. පරසතුමල්

4. සිකුරු තරුව

5. වැලිකතර

6. චණ්ඩියා

7. දඩයම

8. සුද්දිලාගේ කතාව

9. බඹරු ඇවිත්

10. දුහුළු මලක්

සේන සමරසිංහ

 

 

සේන සමරසිංහ සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් ලෙස මෙරට සිනමාවට කළ සේවය ප්‍රශංසනීයයි. 70 දශකයේ නව සිනමාවේ චිරාගත ජනප්‍රියත්වය සිනමා සම්ප්‍රදායක් ඔහු විසින් නිර්මාණය කළේය. සදහටම ඔබ මගේ සිනමාපටය නිෂ්පාදනයෙන් සිනමා ක්ෂේත්‍රයට පැමිණි ඔහු පසුව කස්තුරි සුවඳ, සුසී, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, සිංහ පැටව්, යළි හමුවෙන්නයි, දෝංකාරය, අයියා නගෝ, සෙබළියෝ, බඹර කලාපෙ, සාගර පෙරළිය, ඔක්කොම කපටියෝ යන සිනමාපට අධ්‍යක්ෂණය කර ඇත. පසු කලෙක ශ්‍රී ලංකා - පාකිස්තාන හවුල් චිත්‍රපට රාශියක් ඔහු විසින් නිර්මාණය කර ඇත.

 

 

1. නිධානය

2. වැලිකතර

3. දඩයම

4. බඹරු ඇවිත්

5. චංචල රේඛා

6. සප්ත කන්‍යා

7. උතුමානෙණි

8. ඈතින් ඈතට

9. ගඟ අද්දර

10. සූරිය අරණ

 

 

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

 

අධ්‍යක්ෂවරයෙක්, රංගධරයෙක් ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෙරට කලාවට කළ මෙහෙය සුවිසල්ය. "මාතරආච්චි" සිනමාපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු ශ්‍රී මදාරා, සතර දිගන්තය, රජගෙදර පරවියෝ ආදී ජනප්‍රිය සිනමාපට රාශියක් අධ්‍යක්ෂණය කළේය. පසු කලෙක ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට ද පිවිසුණේය. සිනමාව වේදිකාව සහ ටෙලිනාට්‍ය යන තෙවදෑරුම් කලා මාධ්‍යයන් එක ලෙස ජයගත් කලාශිල්පියෙක් ලෙස ඔහු හැඳීන්විය හැකිය.

 

1. ගම්පෙරළිය

2. පරසතුමල්

3. වැලිකතර

4. හාරලක්ෂය

5. නිධානය

6. බඹරු ඇවිත්

7. හඳයා

8. දඩයම

9. පුරහඳ කළුවර

10. ඇඩ්‍රස් නෑ

 

 

ගාමිණී හේවාවිතාරණ

 

70 දශකයේ බිහි වූ තරුණ සිනමාකරුවෙක් ලෙස ගාමිණී හේවාවිතාරණ හඳුන්වා දිය හැකිය. හරි යනකොට ඔහොම තමයි, රක්තා, සාරංගා, මැණික් මාලිගා දූදරුවෝ යන සිනමාපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඒ අතරින් හරි යනකොට ඔහොම තමයි සහ රක්තා යන සිනමාපට අතිශය ජනප්‍රියත්වයට පත් විය.

1. පරසතුමල්

2. නිධානය

3. දුහුල් මලක්

4. බඹරු ඇවිත්

5. පාලම යට

6. දඩයම

7. මී හරකා

8. සත්සමුදුර

9. ගඟ අද්දර

10. සිරිපාල හා රන්මැණිකා

ඒ අනුව මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද ප්‍රමාණය මෙසේය.

 

නිධානය - 05

පරසතුමල් - 04

බඹරු ඇවිත් - 04

දඩයම - 04