HEELS

සැප්තැම්බර් 2, 2021

ජැක් සහ ඒස් දෙසොහොයුරන් වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෝ වෙති. වැඩිමහල් සොහොයුරු ජැක්, සිය පියා කිං ස්පේඩ්ස් ඇති කළ 'ඩෆී මල්ලවපොර ව්‍යාපාරයේ'  උන්නතිය වෙනුවෙන් කැපවූ ව්‍යවසායකයෙකි. සිය ව්‍යාපාරයේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ප්‍රේක්ෂකයන් මත බව දන්නා ජැක් සෑම විටකම ක්‍රියා කරන්නේ ඔවුන් අරමුණු කරගෙනයි. මල්ලවපොර ක්‍රීඩකයන් දෙකොටසකි. එක් කොටසක් ‘ටචජඥඵ’නමින් හැඳීන්වෙන ප්‍රේක්ෂකයන් විසින් ආදරය කරනු ලබන කණ්ඩායම වේ. අනෙක් කොටස ‘ඩ්ඥඥතඵ’ නම් වූ ප්‍රේක්ෂකයන් විසින් වෛර කරනු ලබන කණ්ඩායම වේ. ව්‍යාපාරයට ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට මේ දෙකොටසම අවශ්‍ය බව ජැක් හොඳහැටි දනී.

සිය ව්‍යාපාරය මෙහෙයවීමට අමතරව ජැක් විසින් කරනු ලබන තවත් කාර්යයන් දෙකක් වේ. පළමුවැන්න නම් ප්‍රේක්ෂකයන්ගේ 'වෛරයට' ලක්වන චරිතයක් තරගයට එක් කිරීමයි. දෙවැන්න නම් සෑම ප්‍රදර්ශනයකටම පෙර එහි සියලුම තරග 'තිර රචනය' කිරීමයි. සියලුම 'ක්‍රීඩක ශිල්පීන්' ජැක්ගේ තිර රචනයට අනුව සටන් වැදිය යුතු අතර ප්‍රදර්ශනයේ අවසානය දක්වා එක් පහරක්, වචනයක්, දිනුමක්, පැරදුමක් පාසා ජැක්ගේ රචනයට අනුවම සිදු වන්නකි. නොයෙක් අපහසුතා මධ්‍යයේ ඩෆී මල්ලවපොර ව්‍යාපාරය මෙසේ ඉදිරියට යන අතර එක් තරගයක් අවසානයේ තිර රචනයට අනුව කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන ජැක් ගේ බාල සොහොයුරු ඒස්, ජැක්හට අභියෝග කරන්නේ දැනට ජැක් විසින් හොබවන ශූරතාවය තමා මීළඟ තරගයේදී දිනාගන්නා බවටයි. ඒස් ප්‍රේක්ෂකයන් අතර වීරයෙකි. ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනාගත් චරිතයකට පණ පොවන්නෙකි.

අභියෝගයෙන් අමන්දානන්දයට පත්වන ප්‍රේක්ෂකයෝ යුහුසුළුව ප්‍රදර්ශනය සඳහා සූදානම් වන අතර ජැක් එම තරගය සඳහා තමා විසින් නිර්මාණය කළ රචනය ක්‍රීඩකයන්ට නිරාවරණය කරයි. රචනයට අනුව, තියුණු අවසන් තරගය අවසානයේදී ජැක් විසින් ඒස් පරාජය කෙරෙන නමුත් ප්‍රේක්ෂක ආදරයෙන් මුසපත් ව සිටින ඒස් මේ අවසානය ගැන කිසිසේත්ම සතුටු නොවේ. "වීරයා ජයගැනීමෙන් පසු" තවදුරටත් සිය ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි බවත්, පරාජය වූ වීරයා ස්වෝත්සාහයෙන් නැවත නැඟී එන චරිතයක් ලෙස අනාගත රචනයන්හි නිර්මාණය කරන බවත් කෝපයෙන් සිටින සිය සොහොයුරාට ජැක් පැහැදිලි කරයි. ප්‍රශ්නය දෙගුණ වන්නේ වෙනත් දියුණු මල්ලවපොර ව්‍යාපාරයක ඒජන්තයෙක් ඒස්හට ඔවුන් හා එක්වන ලෙස යෝජනා කිරීමත් සමඟයි. අවසන් තරගයේදී ජැක් ගේ රචනයට පිටින් ගොස් ඔහු පරාජය කරන ලෙස ඔහු යෝජනා කරන අතර ඥානවන්ත ජැක්ට ද ඒ ගැන නොවැටහෙනවා නොවේ.

ර්‍ථපධටඥඵඵඪධදචත එපඥඵබතඪදඨ ලෙස හැඳීන්වෙන වෘත්තීය මල්ලවපොර ශූරතා කර්මාන්තයෙහි ඇතුළාන්තය විදහා දැක්වෙන ඩ්ඥඥතඵ නාට්‍යමය රූපවාහිනී කතා මාලාව මෙලෙස ආරම්භ වන අතර එය ඉබචපල නාළිකාව ඔස්සේ පසුගිය (අගෝස්තු) 15 වැනිදා විකාශය ආරම්භ කෙරිණි. මයිකල් වෝල්ඩ්රොන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියර කොටස් පහකින් සමන්විත වේ. කැනේඩියානු නළුවෙකු, නිෂ්පාදකවරයෙකු සහ වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වන ස්ටීවන් අමෙල් මෙහි ජැක් ස්පේඩ්ස් ගේ චරිතය පණගන්වන අතර ඒස් ගේ චරිතය ඇලෙක්සැන්ඩර් ලුඩ්වික් විසින්ද සෙසු චරිත ඇලිසන් ලෆ්, මේරි මැකෝර්මැක්, කෙලි බර්ග්ලන්ඩ්, ඇලන් මැල්ඩොනාඩෝ, ජේම්ස් හැරිසන් සහ රොක්ස්ටන් ගාර්ෂියා විසින් රඟ දැක්වේ. විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූ කතා මාලාවක් වන ඩ්ඥඥතඵ, රෝට්න් ටෝමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 23 දෙනෙකුගෙන් 96% ක් අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 8/10 ක් වේ. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙම කතා මාලාව ගැන පැවසෙන්නේ මෙවැන්නකි." ස්ටීවන් අමෙල් සහ ඇලෙක්සැන්ඩර් ලුඩ්වික් දක්ෂ රංගනයෙහි යෙදෙන මෙම කතා මාලාව තරගකරුවන් දෙස සේම ප්‍රේක්ෂකයන් දෙසත් අලුත් කෝණයකින් දකියි".