ෂර්ලි සමරසිංහගේ කුලුඳුල් සිනමා කෘතිය ළඟදීම

මැයි 6, 2021

පුවපත් කලාවේදියකු මෙන්ම නව පරපුරේ සිනමා විචාරකයකු ලෙස නමක් දිනූ ෂර්ලි සමරසිංහගේ කුළුඳුල් සිනමා කෘතිය “පියාඹන්න ආයෙත්” ළඟදීම ප්‍රදර්ශනය වනු ඇත. යූ.ඒ. පල්ලියගුරු ගේ තවත් නිෂ්පාදනයක් වන පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ කලණ ගුණසේකර, චමත්කා ලක්මිණි ප්‍රධාන චරිත නිරූපණය කරති. ගයාන් ගීතප්‍රිය කැමරාකරණයෙන් ද චන්දන සොන්නාදර සංස්කරණයෙන් ද අමිත් ගුරු පසුබිම් සංගීතයෙන් ද මේ චිත්‍රපටයට දායක වෙති.