අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට අලුත් නිලධාරීන් නව තීරණ රැසක්

මැයි 6, 2021

 

ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සඳහා නව නිළධාරි මණ්ඩලයක් පසුගියදා තේරි පත්විණ.

එහි නව සභාපතිවරයා ලෙස බෙනට් රත්නායකත්, ලේකම් ලෙස ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික ලෙස සුරංග ද අල්විස් හා ප්‍රධාන සංවිධායක ලෙස සුනෙත් මාලිංග ලොකුහේවා ද තේරි පත් විය.

එහි කාරක සභිකයන් වූයේ අශෝක හඳගම, උදයකාන්ත වර්ණසූරිය, ආචාර්ය සරත් වීරසේකර, රොහාන් වැලිවිට, මොහාන් නියාස්, සුනිල් ප්‍රේමරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, අනුරුද්ධ ජයසිංහ, දොස්තර කපිල සූරියාරච්චි, සුදේශ් වසන්ත පීරිස්, හර්ෂ උඩකන්ද, එරංග සේනාරත්න, සෙනේෂ් දිසානායක බණ්ඩාර, ශමීර නාඔටුන්න, සහ ප්‍රසාද් සමරතුංගයි.

සංගමය මගින් මෙම වසර සඳහා වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට අදහස් කර ගෙන ඇත.

 

2020 කාවිඩ් වසංගතය නිසා සිංහල සිනමාවට අහිමි වූ සිනමාශාලා ප්‍රමාණය සහ වැසී යාමට නියමිත සිනමාශාලා කෙසේ හෝ බේරා ගැනීම මෙහි එක් වැඩපිළිවෙලකි. සිංහල සිනමාවෙන් ඈත් වූ ප්‍රේක්ෂකයන් නැවත සිනමා ශාලා කරා රැගෙන ඒමේ අරමුණින් ප්‍රදර්ශනය සඳහා නියමිත අති දැවැන්ත සිනමා නිර්මාණ පෙළ ගස්වා චිත්‍රපට සතියක් ප්‍රදර්ශන සැලසුම් කිරීම. තවත් එක් අරමුණකි. පසුගිය ජනවාරි 8 වැනි දින අගමැති කාර්යායේ දී පවත්වන ලද සාකච්ඡාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දෙන ලද විනෝද බදු සහනය නීති ගත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පෙළඹවීම සහ උනන්දු කරවීම මෙන්ම මිලියන 35 බදු සහනය නැවත මෙරට නිෂ්පාදකවරුන්ට ලබාදීමට කටයුතු කිරීම ද මේ අතර යෝජනාව ඇත එමෙන්ම දැනට පවතින අඩුපාඩුකම් සාකච්ඡා කිරීම සහ ක්‍රමවත් බෙදාහැරීම් ක්‍රමවේදයක් සැලසුම් කිරීම මෙන්ම අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් අවම වශයෙන් වසරකට චිත්‍රපට තුනක් නිර්මාණය කිරීමත් ප්‍රදර්ශනය සඳහා සූදානම්ව ඇති නමුත් ප්‍රදර්ශනයට මුදල් ආයෝජනය කර නොහැකි නිෂ්පාදකවරුන් වෙනුවෙන් සහනදායි වැඩපිළිවෙලක් රජයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකාබද්ධ කොටගෙන සංවිධානය කිරීමත් මෙවර අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සැලසුම් අතර වෙයි.