ලෙයින් ලියැවුණු ආදරයක්

එනවා... එනවා... ළඟදීම එනවා
අප්‍රේල් 22, 2021

සම්පත් යනු විවාහක නමුත් තම බිරිඳ සමඟ එතරම් සතුටකින් වාසය නොකරන තරුණ වයසේ පසුවන කඩවසම් තරුණයෙකි. ඔහුගේ බිරිඳ රැකියාව තම ජීවිතයම කරගත් තරුණ කාන්තාවකි. විවාහ ජීවිතයේ එතරම් සුන්දරත්වයක් නොවිඳීනා තැන සම්පත් තම ජීවිතය ඉතා කලකිරීමකින් ගත කරන්නේ බිරිඳට කිසිදු දෙයකට ලැදියාවක් කැමැත්තක් නොදක්වමිනි. මේ අතරතුර ඔහුට අහම්බයෙන් හමු වන කාමිනී නම් තරුණියක් ඔහුගේ සිත සොරා ගැනීමට සමත් වේ. එය අනියම් සම්බන්ධතාවයක් දක්වා දුර දිග යන අතර අවසානයේ එය නතර වන්නෙ සම්පත් මිනීමැරුම් තුනකටම නොදැනුවත්වම වරදකරු වෙමිනි. සම්පත් හට තමා වරදකරු නොවන බවට ඔප්පු කිරීමට අවශ්‍යතාව ඇති වූවත්, සම්පත් විසින් අනියම් සම්බන්ධතාවය ඇති කරගත් කාමිනී නම් තරුණ කාන්තාව තවදුරටත් සොයා ගත නොහැකි වීමෙන් මහත් වූ කරදරයකට මුහුණපාන්නට සිදුවේ. ඇත්තෙන්ම පෙරකී අපරාධයන්වලට වගකිවයුත්තෙ කවුරුන්ද? සම්පත්, ඔහුගේ බිරිඳ හා කාමිනී නම් ගුප්ත තරුණියගේ අවසානය කුමක් වේවිද?

ආදරයක් ලෙයින් ලියවිය හැකිද? ලෙයින් ලියවුණු ආදරයක් යන කතා තේමාව යටතේ රිදී තිරයට පැමිණි අපූරු චිත්‍රපටකි රුහිරේ.

අසම්මත ආදර කතාවක් තුළ අතරමං වුණු පිරිමියෙකු හා ඔහුගේ බිරිඳ වටා ගෙතුණු කුතුහලය පිරි කතා තේමාවක් රැගත් රුහිරේ චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිතය. මෙය ඩධපපධප ශානරයට අයත් චිත්‍රපටයකි.

නළු නිළි කැල

 

රොෂාන් රණවන, පබෝදා සංදීපනී, විශ්ව ලංකා, ලලිත් ජයසිංහ, නිලුපුල් ලියනගේ, ජෝන් අරවින්ද, මලිති නානායක්කාර, දයානන්ද හේවගේ, අබේරත්න මංජුල කෝනාර

 

අධ්‍යක්ෂණය - නජිනි දික්ඕවිට

නිෂ්පාදනය - යූ. ඒ. පල්ලියගුරු

කැමරාකරණය - කපිල සුගත් විජයරත්න

සහාය කැමරාකරණය - තිසර දමිත්

සංස්කරණය - ඉන්දික තුෂාර

වේශ නිරූපණය - සඳමාලි නෙලි ආරියරත්න

සහාය වේෂ නිරූපණය - සංඛ රණසිංහ

ඇඳුම් නිර්මාණය - ශලිනි සිල්වා

කලා අධ්‍යක්ෂණය - නිලුපුල් ලියනගේ

නිෂ්පාදන කළමනාකරණය - රවීන් මන්ජිත

දෘශ්‍ය ප්‍රයෝග / ශබ්ද පරිපාලනය - නිරෝධ වෙරංග

ගායනය - සන්තුෂ් වීරමන්

ගී තනු නිර්මාණය - භාතිය ජයකොඩි

සංගීත නිර්මාණය - චමිත කුරේ