ක්‍රීඩාව ඉක්මවා ගිය ආදරයක්

හෙට සිට තිරයට
අප්‍රේල් 15, 2021

 

මනුරංග කියන්නේ දක්ෂ කබඩි ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවට ඇති ඇල්ම දක්ෂතාවය නිසාම අවුරුදු ගණනාවක් උසස් පෙළ විභාගය අසමත් වී ඇත. ඔහුගේ පියා පොලිස් නිලදාරියෙකු වන අතර ඔහුගේ මවත් පියත් වැඩිමහල් සහෝදරියක්ද සිටියි. පියාගේ දැඩි විරෝධය හමුවේ මනුරංග නිතර නිතර පියාට හොර රහසේ කබඩි සෙල්ලම් කරයි. දිනක් පියාට එය හසුවී ඔහුව කොලඹින් බැහැරව සිටින පියාගේ නංගිගේ නිවසට පිටත් කර යවයි.

එහිදී අහම්බෙන් මනුරංගට මලිති නම් අහිංසක ගැමි තරුණියක් හමුවෙයි. ප්‍රදේශයේ බලගතු ඇමැතිවරියකගේ සහෝදරයෙකු වන ධර්මරාජ් නමැති පාතාල නායකයෙකු ඇයව බලහත්කාරයෙන් විවාහකර ගැනීමට වෙහෙසෙයි. එයට විරුද්ධ වන ඇගේ සහෝදරයින් දෙදෙනාද ධර්මරාජ් විසින් ඝාතනය කරයි. අවසානයේ ඇයව බලහත්කාරයෙන් විවාහකර ගැනීමට දර්මරාජ්ගේ සහෝදරයෝ සැරසෙයි. එම අවස්ථාවේ මනුරංග ඇයට උදවු කර සියල්ලන්ට පහරදී හොර රහසේම මලිති තම නිවසට රැගෙන පැමිණ, ඇයට ලංකාවෙන් පිටව යාමට උදවු උපකාර කරයි. ඔය අතරේ මනුරංග හා මලිති අතර ආදරයක් ඇති වන අතර එය කිසි විටකත් ප්‍රකාශයට පත් නොකරයි. මේ අතරවාරයේ ධර්මරාජ් සහ ඔහුගේ සොහොයුරිය විසින් මලිතිව හා මනුරංගව සොයයි. ඒ සඳහා පරීක්ෂණ දියත් කිරීමට බාර වන්නේද මනුරංගගේ පියාටයි. දිනෙන් දින මලිතිට රට යන දිනය ළංවනවාත් සමඟ තම නිවසේ මලිති සිටින බව නොදන්නා මනුරංගගේ පියාට අහම්බයෙන් මෙන් මලිතිව ඇස ගැටෙයි. එහිදී මනුරංග කෙසේ හෝ මලිතිව බේරා ගුවන්තොටුපලට රැගෙන ගොස් ඇයව පිට කර යවයි. ඒ අවස්ථාවේ මනුරංග හා මලිති සඟවාගෙන සිටි ආදරය ඉස්මතු වෙයි. නමුත් මනුරංග එය නොසඟවා කබඩි තරගාවලියක් සඳහා පිටත්ව යයි. නමුත් නිතර නිතර මනුරංගට මලිතිව සිහිවන අතර තම කණ්ඩායම පරාජය වන්නට ආසන්නව ඇත. එත් සමඟ මලිති ක්‍රීඩාංගනයට පැමිණෙන්නේ තමා මනුරංඟට ආදරය කරන බව අගවමින් මෙන්ම, පිටරටකට යෑම පවා අත හැරගෙනය. එහිදී ලැබෙන උත්තේජනයත් සමඟ තරගය ජය ගැනීමට මනුරංග කණ්ඩායමට හැකියාව ලැබෙයි. මලිතිද සතුටින් සිටින අවස්ථාවේ නොසිතු මොහොතක එතනට ධර්මරාජ් ඇතුළු මැර පිරිස පැමිණෙයි.එතනින් එහාට සිදුවන්නේ කුමක්ද?

 

 

මේ සියල්ලටම ප්‍රේක්ෂකයින් නොහිතන ආකාරයට පිළිතුරු ලබා දෙන වෙනස් අවසානයක් සහිත ආදරය, වීරත්වය, කුතුහලය සහිත අපුරු ආදර කතාවකි කබඩි සිනමාපටය.

 

තිර රචනය හා අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

නිෂ්පාදනය - නිශාන්ත ජයවර්ධන

පසුබිම් සංගීතය - උදාර සමරවික්‍රම

සහාය අධ්‍යක්ෂණය - උපාලි උදයසිරි

සටන් අධ්‍යක්ෂණය -සමන්ත මායාදුන්න

නර්තන අධ්‍යක්ෂණය - ප්‍රියාන් අනුර ශ්‍රී

කැමරාකරණය - ජනිත් ගුණසේකර

සංස්කරණය - තිවංක අමරසිරි

වර්ණ ගැන්වීම් - ආනන්ද බණ්ඩාර

අංගරචනය - ධනුෂ්ක හුලංගමුව

කලා අධ්‍යක්ෂණය - සමීර ප්‍රියසාද්

නිෂ්පාදන කළමනාකරණය - හිමල්ක මදුශාන්

ගීත රචනය - හර්ෂ උඩකන්ද

ගීත ගයනා - අමල් පෙරේරා / අයෝමි පෙරේරා /උරේෂා රවිහාරි / නුවන්දිකා සේනාරත්න

 

නළු නිළි කැල

අමිල කරුණානායක

සෙනාලි ෆොන්සේකා

ශ්‍රියන්ත මෙන්ඩිස්

දර්ශන් ධර්මරාජ්

දමිතා අබේරත්න

අනුජ් රණසිංහ

පියුමි බොතේජු

නිල්මිණි කොට්ටෙගොඩ

රජිත හිරාන්

ගයාන් මාපලගම

මහින්ද ඉහලගම

ආනන්ද වික්‍රමගේ

කුමාරි මුණසිංහ

චතුර පෙරේරා

සුගත් ජානක

මේනක අරුමපුර

ගයාන් කාංචන

මංජුල සේනානායක