වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
එකල තාක්ෂණයෙන් මැවූ දෘශ්‍ය ප්‍රයෝග බලන්න

1940 වර්ෂයේ දී හල් රෝච්, හා ඩී. ඩබ්ලියු. ග්‍රිෆිත් එක්ව නිෂ්පාදනය කෙරු හල් රෝච් හා හල් රෝච් ජූනියර් එක්ව අධ්‍යක්ෂණය කළ, යුනයිටඩ් ආර්ටිස්ට් චිත්‍රපට සමාගම විසින් බෙදා හරිනු ලැබූ චිත්‍රපටයක්, 'වන් මිලියන් බී.සී.'නමින් චිත්‍රපටයක් තිරගත විය. එහී කථාව හා තිරනාටකය ලීවේ මයිකල් නොවැක්, ජෝර්ජ් බාකර්, හා ජෝශප් ෆ්‍රිකට් ය. වික්ටර් මැචුවර්, කැරොල් ලන්ඩීස් යන නළු නිළි දෙපළ එහී ප්‍රධාන චරිත රඟපෑහ.
ඉන් අවුරුදු 26 කට පසු, 1966 වර්ෂයේ එම 'වන් මිලියන් බී.සී' චිත්‍රපට කථාවම මයිකල් කැරීරස් විසින් නිෂ්පාදනය කර, තිරගත කළේ 'වන් මිලියන් ඉයර්ස් බී සී' කියාය. එය ඔහු විසින්ම තිර නාටකය ලියා, අධ්‍යක්ෂණය කිරීමට 'ඩොන් චැෆේට' භාර දුනි.
ඩොන් චැෆේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. 1917 අගෝස්තු 5 වන දින ඉපදුණු ඔහුගේ මුල් නම ඩොනල්ඩ් චැෆේය. ඔහු බ්‍රිතාන්‍ය සිනමාවට එක් වූයේ 1953 වසරේ තරමේදීය. 'ස්ට්‍රෙන්ජ් ස්ටෝරිස්' නම් චිත්‍රපටයක් ජෝන් ගුයිලර්මින් සමඟ එක්වී අධ්‍යක්ෂණය කරමින් ය ඔහු සිනමාවේ අත් පොත තැබුවේ. එතැන් සිට ඔහු 1979 වන තෙක් චිත්‍රපට 30 ක් අධ්‍යක්ෂණය කළ අතර, මේ ලිපිය හා සම්බන්ධ වන 'වන් මිලියන් ඉයර්ස් බී.සී' ඔහුගේ 20 වන චිත්‍රපට විය. එපික් ගණයේ චිත්‍රපටයක් වූ 'වන් මිලියන් ඉයර්ස් බී.සී.' චිත්‍රපටයට ප්‍රථම ඔහු එම ගණයටම අයත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. ඒ චාර්ල්ස් එච් ශිනියර්' නිෂ්පාදනය කළ, ටොඩ් ආම්ස්ට්‍රෝන්ග්, නැන්සි කොවැක් රඟපෑ, 'ජේසන් ඇන්ඩ් ද ආර්ගෝනට්ස්'ය. ඒ 1963 ය. ඉන්පසුය ඔහු 'වන් මිලියන් ඉයර්ස් බී.සී' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.
චිත්‍රපටය රූ ගත කිරීමට ඔහු යොදා ගත්තේ ස්පාඤ්ඤ යේ කැනේරි දූපත්වලය. 'එචුයිමි වයිල්ඩ්ප්‍රෙටි' නම් උස පැලෑටි වර්ගයක් ඒ කාලයේ වැවී තිබුණි. කැනේරි දූපතේ 'ලැන්සරෝට්' මුහුදේ, එයට සමාන පැලෑටි වැවී තිබූ අතර, චිත්‍රපටය රූ ගත කරන කල එම පෑලෑටිවලට සමාන පැලෑටි වර්ගයක් ස්ථාපිත කර තිබුණි. ඇත්ත වශයෙන්ම මෙම පැලෑටිවල මල් පිපෙන්නෙ මැයි මාසේ සිට ජූනි දක්වා පමණි. චිත්‍රපටය රූ ගත කරන කාලවකවානුවේදී මෙහි මල් පිපී නොතිබුණි. මේ මල් මැයි හා ජූනි මාසවලට අමතරව එය පිපී තිබුණේ කඳු මුදුන්වලය. කඳු මුදුන් කීවාට ඒවාද අඩි 5200ක් පමණ උස තැන් වලය. එහෙයින් අධ්‍යක්ෂක හා කලා අධ්‍යක්ෂ මෙම පැලෑටි හා මල්, ප්ලාස්ටික්වලින් සාදා චිත්‍රපටයට උචිත අන්දමට රූගත කළහ.
'වන් මිලියන් ඉයර්ස් බී.සී' චිත්‍රපටයේ බොහෝ අවස්ථාවන්ට, දෘශ්‍ය ප්‍රයෝග යොදා ගෙන තිබුණී. විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ මිලියනයකට පෙර තිබූ තත්වයන් මනඞකල්පිතයේ දර්ශන හා එකල සිටියායැයි උප කල්පනය කරන සත්වයන් බිහිකිරීමට, කැමරා ප්‍රයෝග හා එකල තිබූ තාක්ෂණීක මෙවලම් උපයෝගි කර ගෙන තිබුණි. විශේෂයෙන් දැවැන්ත ප්‍රමාණයේ, ඉබ්බා මෙන්ම, එවන් දැවැන්ත කටුස්සා ඔවුන් කැමරා ප්‍රයෝගවලින් මවා තිබුණි. චිත්‍රපටය 60 දශකයේ පෙන්වූ නිසා, එකී තාක්ෂණ හෝ ප්‍රයෝගයන් තුල තිබූ ආධුනික බව හෝ ඉදිරිපත් කිරීම්වල තිබූ දුර්වලකම් නොදැනෙන්ට වූවද, 20 වන ශත වර්ෂයේ නම් එය නරඹන විට ඒවාහී අනේක දුර්වල තා දක්නට හැකිය. එහෙත් ස්ටීවන් ස්පීල්බර්ග් සම්පූර්ණයෙන්ම තාක්ෂණය පිහිටෙන් 'ජුරාසික් පාර්ක්' හී ඩයිනෝසිරස්ලාව නිර්මාණය කළා සේම, 19 වන ශත වර්ශයේ 60 දශකයේ පරිගණක තාක්ෂණය නොමැතිව කැමරා ප්‍රයෝගවලින් පමණක් මැවූ ඩයිනෝසිරස්ලා ද විශිෂ්ට නිපැයුමක් යැයි සිතෙන්නේ 'වන් මිලියන් ඉයර්ස් බී සී' නැවතත් නරඹන විටය.
'වන් මිලියන් ඉයර්ස් බී.සී' හී කතා පසුබිම නිර්මාණය වී තිබුණේ, ගල් යුගයේ සිටි මිනිසුන් හා එකල සිටි ඩයිනෝසිරස් නම් සත්ව කොට්ඨාසයක් පිළිබඳවය. මේ ඩයිනෝසිරස්ලා විවිධ හැඩයෙන්, විවිධ ප්‍රමාණයෙන් සිටි අතර, ඔවුන් ප්‍රමාණයෙන් ඉතාමත් දැවැන්ත විය. එලෙසම පිහාටු තිබෙන පියාඹන ඩයිනොසිරස් වර්ගයක්ද සිටි බව කියවේ. චිත්‍රපටය ක්‍රිස්තු වර්ෂ මිලියනකට එහා කතාවක් ලෙස පෙන්වූයේ එකල මේ ඩයිනෝසිරස්ලා වාසය කළ බව කියමිනි. එහෙත් සත්‍ය එය නොවේ. ඔය කියන වකවානුවේදී ඩයිනෝසිරස්ලා වද වී ගොස් බොහෝ කල්ය. සත්‍ය වශයෙන්ම ඩයිනෝසිරස්ලා සිටියේ ක්‍රිස්තු වර්ෂ මිලියන් 160 කටත්, 200 කටත් අතර කාලයකටත් එහාය. මොවුන්ගේ ඉතිහාසය පිරික්සා බලන විට, මුල්ම ඩයිනෝසිරස්ලා බිහිවී ඇත්තේ ආර්ජන්ටිනාවේ ය. එලෙසම මස් අනුභව කරන, එමෙන්ම කොළ ජාති කෑමට ගන්නා ඩයිනෝසිරස් යනුවෙන් දෙවර්ගයක් සිටි අතර, මිනිසුන්ට නිතරම අනතුරු සිදුවූයේ මේ මස් අනුභව කරන ඩයිනෝසිරස්ලා ගෙන්ය. උන් මිනිස්සුන්ව හපා කන්නේ එක කටටය. එලෙසම පිහාටු තිබෙන පියාඹන ඩයිනෝසිරස්ලා දැවැන්ත උකුස්සන් මෙන්ය. උන් කරන්නේ මිනිස්සුන්ව තම පාද වලින් අල්ලා ගෙන උඩු ගුවනේ පියඹා ගොස් කඳුමුදුනක හෝ ගල් තලාවක් මතට ගොස් එකී මිනිසාව අනුභව කිරීමය. එසේත් නැත්නම් එම මිනිසාව තම පැටවුන්ට කෑමට ගෙන ගොස් දෙයි. 'වන් මිලියන් ඉයර්ස් බී.සී. චිත්‍රපටය තුළ මේ සිදුවීම් දෙකම පෙන්වයි. එහෙත් චිත්‍රපටයේ පෙන්වන ආකාරයේ දැවැන්ත කන්දකටත් වඩා විශාල ඉබ්බන් ලෝකයේ සිටි බවක් නම් කොතැනකවත් සඳහන් වී නොමැත.
චිත්‍රපටයේ දී මේ සත්වයන් නිර්මාණ කර, එය කැමරා ප්‍රයෝගවලින් දැවැන්ත කර තිබුණි. එලෙසම ඔවුන්ගේ අංග චලනයන්, හා ක්‍රියා කාරිත්වයන් දෘශ්‍ය ප්‍රයෝගවලින් පෙන්වා තිබුණි. නමුත් චිත්‍රපටයට වර්තමානයේ ජීවත් වන ස්වභාවික සතුන් කීප දෙනෙක්වද එකතු කර ගෙන තිබුණි. ඒ ගිජුලිහිණියා, පිඹුරා, කොළ කටුස්සා, , 'වෝර්තෝග්' යනුවෙන් හඳුන්වන විශාල දළ දෙකේ ඌරන් වැනි සතුන් වර්ගයක්, 'ලෝග්තාන්' යනුවෙන් හඳුන්වන විශල දිගු අං 4ක් ඇති කුළු මීමෝ වැනි සත්ව විශේෂයක්, හා 'ටැරින්ටූලා'නම් විස දළ සහිත මකුළු කොට්ටාසයක් ය. මේ සතුන්වද කැමරා හා දෘශ්‍ය ප්‍රයෝගවලින් දැවැන්ත කර,අර ඩයිනොසිරස්ලාගේම විශාලත්වයට පත් කර තිබුණි.
'වන් මිලියන් ඉයර්ස් බී සී' චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය වූ 'ලොආනා' ගේ චරිතයට, චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වූ 'හැමර් ෆිල්ම්ස් ප්‍රඩක්ෂන්' තෝරා ගත්තේ එවකට ලොව සිටි පළමු පෙළේ නිළියක් වූ 'උර්සුලා ඇන්ඩෘස් 'වය. 'හොලිවුඩ් යටගියාව' ලිපි පෙළින්ද ඇය ගැන චිත්‍රපට කීපයකදී ලියවුණා මතකය. ඒ අතර ඇය ශෝන් කොනරි සමඟ රඟපෑ 'ඩොක්ටර් නෝ' මෙන්ම චාර්ල්ස් බ්‍රොන්සන්, ඇලන් ඩෙලෝන් සමඟ රඟපෑ 'රෙඩ් සන්' විය. ඇය මෙම චිත්‍රපටයේ රඟපෑමට කැමති වූවද, ඇය ඉල්ලු මුදල ගෙවීමට නිෂ්පාදක කණ්ඩායම කැමති වූයේ නැත. ඉන්පසුය ඔවුන් මේ චරිතයට 'රැක්වල් වෙල්ච් 'ව තෝරා ගත්තේ. 'හොලිවුඩ් යටගියාව' ලිපි පෙළ තුළින් ඇය ගැන පූර්ණ විස්තරයක් ලියවුණේ මෑතකදී ලියවුණු '100 රයිෆල්' චිත්‍රපටය වෙනුවෙනි. එහෙයින් 'වන් මිලියන් ඉයර්ස් බී සී' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'තුමාක්' ගේ චරිතය රඟපෑ 'ජෝන් රිචඩ්සන්' ගැන සොයා බලමු.
ජෝන් රිචඩ්සන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. 1934 ජනවාරි මස 19 වන දින, එංගලන්තයේ සසෙක්ස් නගරයේ ඉපදුණු ඔහු බ්‍රිතාන්‍ය සිනමාවට සම්බන්ධ වූයේ 1958 දී තරමේය. ඒ රෝයි වෝඩ් බාකර් අධ්‍යක්ෂණය කළ 'අ නයිට් ටු රිමෙම්බර්' නම් වූ චිත්‍රපටයෙනි. ඔහුට ප්‍රධාන චරිතයක් රඟපෑමට තවත් අවුරුදු 2ක් බලා සිටීමට සිදුවිය. 1960 වර්ෂයේ තිර ගත වූ, මාරියෝ බාවා අධ්‍යක්ෂණය කළ ඉතාලියානු ගොතික් හොරර් චිත්‍රපටයක් වූ 'ලා මස්චෙරා ඩෙල් ඩෙමෝනියෝ' ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය විය. එය බ්‍රිතාන්‍ය හා අනෙක් රටවල ප්‍රදර්ශනය වූයේ 'බ්ලැක් සන්ඩේ' යන නමිනි.
'හැමර් ෆිල්ම් ප්‍රඩක්ෂන්' නිෂ්පාදනය කළ, රොබට් ඩේ අධ්‍යක්ෂණය කළ 'ෂී' නම් චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් ජෝන් රිචඩ්සන්ට ලැබුණු අතර, ඔහුට එහි රඟපාන්නට සිදුවූයේ උර්සුලා ඇන්ඩෘස් , ක්‍රිස්ටෝපර් ලී, හා පීටර් කුෂින් සමඟය. ඔහුට හැමර් ප්‍රඩක්ෂන් නිපද වූ 'වන් මිලියන් ඉයර්ස් බී.සී. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණේද 'ෂී' චිත්‍රපටයේ රඟපෑ පසුවය. 'වන් මිලියන් ඉයර්ස් බී.සී.චිත්‍රපටයේ ඔහුට ලැබුණු 'තුමාක්' ගේ චරිතය චිත්‍රපටය තුළ විශාල පරාසයක් තිබුණද, ජෝන් රිචඩ්සන් නම් එම චරිතයේ පෙන්වූයේ දුර්වල රංගනයකි. එය වෙනම කථා කළ යුතු කරුණකි.
මෙහි 'අකෝබා' නැමති රැහේ නායකයාගේ චරිතය රඟපෑ 'රොබට් බ්‍රවුන්' ගේ රංගනය නම් චිත්‍රපටය පුරාවටම කැපී පෙනුණි. ඔහු ප්‍රධාන චරිය රඟපෑ ජෝන් රිචඩ්සන්වත් අබිභවා ගියේය.
රොබට් බ්‍රවුන්ද, බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. 1921 ජූලි 23 වන දින එංගලන්තයේ ඩොර්සෙට් ප්‍රාන්තයේ ස්වර්නේජ් නම් නගරයේ උපත ලද රොබට් බ්‍රවුන් බ්‍රිතාන්‍ය සිනමාවට ආවේ කැරල් රීඩ් අධ්‍යක්ෂණය කළ ඕර්සන් වේල්ස්, හා ට්‍රෙවෝ හෝවර්ඩ් රඟපෑ 'ද තර්ඩ් මෑන්' නම් වූ චිත්‍රපටයේ පොලිස්කරුවකුගේ චරිතයක් රඟපෑමිනි. ඒ 1949 වසරේදීය.
ඔහු 'වන් මිලියන් ඉයර්ස් බී. සී. චිත්‍රපටයේ රඟපෑවේ චිත්‍රපට 35 ක් පමණ රඟපෑවාට පසුවය. ඒ අතරේ 'බෙන්-හර්', 'කිල් මී ටුමාරෝ' 'ලොස්ට්', 'සෑන්ඩ්ස් ඔෆ් ද ඩෙසර්ට්' 'ලිව් නව් පේ ලේටර්' වැනි චිත්‍රපටද විය. පසු කාලයක ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ජේම්ස් බොන්ඩ්' චිත්‍රපටවල රඟපාමිනි. මුලින්ම ඔහු බොන්ඩ් 'සීරිස්' එකට සම්බන්ධ වූයේ 1977 වර්ෂයේදී තිරගත කළ රොජර් මුවර් බොන්ඩ් ලෙස රඟපෑ 'ද ස්පයි හූ ලව්ඩ් මී' චිත්‍රපටයේ අද්මිරාල් හාග්‍රේව්ස් ගේ චරිතය තුළිනි. ජේම්ස් බොන්ඩ් කථා මාලාවේ ප්‍රධානතම චරියකි 'ර්' යන චරිතය. එම චරිතය රඟපෑවේ ප්‍රකට නළුවෙකු වූ 'බර්නාඩ් ලී' ය. 'ද ස්පයි හූ ලව්ඩ් මී' චිත්‍රපටයේ ද එම චරිතය බර්නාඩ් ලී විසින් රඟපෑවද, ඉන් පසු ඔහු මිය ගියෙන් එම 'ර්' චරිතය බොන්ඩ් කථා මාලාවෙන් අයින් කරන්නට නිෂ්පාදකයන් තීරණය කළද, පසුව රොබට් බ්‍රවුන්ගේ පෙනුම හා රඟපෑම දැක ඔහුට එම චරිතය පැවරිය. එතැන් සිට ඔහු 'ර්' වූ අතර, 'ඔක්ටොපුසි', 'අ වීව් ටු කිල්', 'ද ලිවින් ඩේ ලයිට්ස්' 'ලයිෂන් ටු කිල්', යන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල රඟපෑවේය.
'වන් මිලියන් ඉයර්ස් බී.සී. චිත්‍රපටයේ තවත් ප්‍රබල චරිතයකි 'සකානා'. එය එහී ප්‍රධාන දුෂ්ඨ චරිතය විය. සකානා ලෙස රඟපෑවේද බ්‍රිතාන්‍ය නළුවෙකු වූ 'පර්සි හර්බට්' ය. 1920 ජූලි 31 වන දින එංගලන්තයේ, ලන්ඩන් නුවර ඉපදුණු පර්සි හර්බට් රෝයල් ඇකඩමි හී නාට්‍ය හා රංගනය ඉගෙන ගෙන රඟපෑමට අවතීර්ණ වූවෙකි. 1954 තිරගත කළ 'ද යංග් ලවර්ස්' චිත්‍රපටයෙන් බ්‍රිතාන්‍ය සිනමාවට එක්වූ පර්සි හර්බට් 'වන් මිලියන් ඉයර්ස් බීසී' චිත්‍රපටයේ රඟපෑවේ චිත්‍රපට 49 ක පමණ සහය චරිත රඟපෑවාට පසුවය. ඒ අතරේ 'බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි', 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපට ද විය. පසුකලෙක ඔහු 'කැප්ටන් අපාචි', 'මැකින්ටොශ් මෑන්', 'වැලෙන්ටිනෝ', 'ද වයිල්ඩ් ගීස්' 'හාඩ්කෝ' වැනි චිත්‍රපටවලද ප්‍රබල සහය චරිත රඟපෑවේය.
'වන් මිලියන් ඉයර්ස් බීසී' චිත්‍රපටය ආරම්භ වන්නේ හිස් තිරය මත පසුබිම් හඬකිනි. එයින් කියවෙන්නේ ' මේ කථාව සිදුවෙන්නේ බෝහෝ ඉස්සර කාලයක එනම් ලෝකය පටන් ගත් මුල්ම අවධියේ ' (ඊඩඪඵ ඪඵ බඩඥ ඵබධපර ටපධථ තධදඨ තධදඨ බඪථඥ, බඩඥ ඹධපතඤ ණභඵබ ඡඥඨඪදදඪදඨ) කියාය. ඉන් පසු අහසේ වලාකුළු පමණක් පෙන්වයි. ඒ අතරේ ගිනි පුපුරු විසිවන අතර එක්වරම ගිනි කඳු පුපුරා ලාවා ගලන්නට පටන් ගනී. නාමාවලිය යනුයේ ඒ අතරේදීය. ඉන්පසු එකල තිබුණේ යැයි සිතූ කඳුහෙල් පරිසරයත්, ගල් යුගයේ එය තිබූ ආකාරයත් පෙන්වාය, එහී මිනිසෙකුව පෙන්වන්නේ. එම මිනිසාද, කොණ්ඩ රැවූල් වවා හම්වලින් සාදා ගත් ඇඳුම්වලින් තම විලි වසා ගෙන සිටියේය. ඔවුන් සතුන්ව දඩයම් කරන ආකාරයය, ඉන් පසු පෙන්වන්නේ. මිනිසෙක් 'වෝර්තොග්' නම් අං ඇති ඌරෙක් වැනි විශාල සතෙක්ව කුලප්පු කරයි. කුලප්පු වුණු එම සතා මිනිසා පසු පස එළවයි. මිනිසාද ඌරාට වඩා වේගයෙන් දුවන්නේ ඌරාව නියම මාවත දිගේ රැගෙන යාමටය. හේතුව එම අඩි පාර දිගේ ඔවුන් සාදා ඇති බොරු වල දක්වා සතාව ගෙන්වා ගැනීමටය. සතාද ඒ බවක් නොදැන දුවන මිනිසා පසු පස එළවා යයි. මිනිසාද වේගයෙන් දුව ගොස් අර බොරුවල උඩින් පනින්නේ ඔහු ඒ බොරු වල ගැන දන්නා හෙයිනි. එහෙත් ඒ බවක් නොදන්නා සතා ඒ දිගේ වේගයෙන් දුව විත් වැටෙන්නේ අර බොරු වලටය. එම බොරු වලට සතා වැටුණු පසු මිනිසා ගෝත්‍රික භාෂාවෙන් කෑ ගසා, අනෙක් මිනිසුන්වද ගෙන්වා ගෙන, එම සතාව වල ඇතුළේදීම මරා දමා ඌව කර ගහගෙන ඔවුන්ගේ ගල් ගුහාවට ගෙන යන්නේ එම සතාව පුලුස්සා බෙදා ගෙන කෑමටය.
මෙහී විශේෂිත වනුයේ එකල, හැම තැනකම ජය ගන්නේ බලවතා වීමය. බලවතා ලෙස ඔවුන් සලකනුයේ ශරීර ශක්තිය වැඩියෙන් ඇති තැනැත්තාය. ඔවුන් අතර, නීති රීති, විනය ගරුක බව ඒ කිසි දෙයක් තිබුණේ නැත. වඩාත්ම ශක්තිමත් මිනිසා පමණක් බලවත් විය. මෙම ගෝත්‍රික කණ්ඩායම තුළද අතීශයින්ම ශක්තිමත් මිනිසුන් තිදෙනෙක් සිටියහ. ඔවුන් තිදෙනාම ශක්තිමත් කම අතරින් එක සමාන විය. එකී තිදෙනා නම් කණ්ඩායමේ නායක 'අකෝබා' 'තුමාක්', හා 'සකානා'ය. මොවුන් තිදෙනා ද එකිනෙකාට යටත් වීමට කැමති පුද්ගලයන් නොවීය. එහෙයින් ඔවුන් නිතරම එකිනෙකා සමඟ රණ්ඩු වන්නට ලෑස්ති වී සිටිනවාක් මෙනි සිටින්නේ. එය චිත්‍රපටයේ මුල් දර්ශන පෙළ තුළින් ම පැහැදිලිව පෙනෙන්නේ කණ්ඩායමේ ඕනෑම කෙනෙක් සතෙක් දඩයම් කර රැගෙන ආවහොත් මුලින්ම ඒ සතාගේ හොඳම මස් කුට්ටිය බෙදා ගන්නේ ඒ ශක්තිවන්ත පුද්ගලයන් නිසාය. දුබලයන් ට සිද්ධ වන්නේ අවසන් කටු ටික කෑමටය.
ඔවුන් ඔවුනගේ කෑම එලෙස දඩයම් කරගෙන අනුභව කළද, ඔවුන්ට මුහුණ පාන්නට වෙන අනෙක් විශාල ගැටලුව වූයේ දැවැන්ත සතුන්ගේ ප්‍රහාරයන්ට මුහුණ දීමටය. දැවන්ත කොළ කටුස්සා හා එවන්ම දැවැන්ත ඉබ්බා සමඟ ද ඔවුන්ට සටන් කරන්නට සිදුවන අතර, ඔවුන්ගෙන් කීප දෙනෙක් ම නිරන්තරයෙන්ම මෙම සතුන්ට ගොදුරු වන්නට විය.
මේ අතරේදී 'තුමාක්' ඔවුන්ගේ රැහේ නායකයා අකෝබා, සමඟත්, සකානා සමඟත් ඇති කර ගත් ආරවුලක ප්‍රතිඵලයක් තුළින් නායකයා ඔහු ව කන්දෙන් පහළට පෙරලා දමන්නට විය. ඔහු ජීවිතය බේරා ගත්තද, ඉන්පසු ඔහුට කඳු හෙල් අතරින් දැවැන්ත සතුන් හා සටන් කරමින් තවත් ගෝත්‍රික කණ්ඩායමකට එක්වන්නට හැකිවිය. ඒ ඔහු වෙහෙස වී මුහුදු වෙරළක සිහිසුන් වී සිටි අවස්ථාවක එම ගෝත්‍රික තරුණියන් කණ්ඩායමකට හමුවූ පසුවය. එම තරුණියන් කණ්ඩායම් අතරේ සිටි රූමත් තරුණිය ලොආනා ඔහුට විශේෂත්වයක් දැක්වූ නිසාම ඇයට ඔහුව තම රෑහේට රැගෙන යාමට හැකි විය. එහෙත් එහී සිටි පිරිමි ඔහුට මුලින්ම කැමැත්තක් නොදැක්වුවද, එම රෑහේ මිනිසුන්, ගැහැනුන්, හා ළමුන්ම මරා අනුභව කිරීමට එන විශල ඩයිනෝසිරස් වර්ගයේ සත්වයෙක් සමඟ සටන් කර ඌව මරා දැමූ පසු, ඔහු එම රෑහේ තුළ වීරයෙක් විය.
ලොආනා, තුමාක්ට ආදරය කරන්නට පෙළඹුණි. ඔවුන් දෙදෙනා පසුව, එම රෑහෙන් වෙන්වී ජීවත් විය.
චිත්‍රපටය පුරාවට තිබුණේ ප්‍රචණ්ඩත්වයය. එකිනෙකාට ද්වේශ කිරීම්, ඊරිසියා කිරීම්, කුලල් කා ගැනීම්, දුබලයා, බලවතාට යටත් වීම්, බලවතා අතින් මරා දැමීම් වැනි දේ සිදුවීම තුළින් ප්‍රත්‍යක්ෂ වනුයේ කිසිදු විනයකට යටත් නොවීම යනුය. ඒ මුල් යුගයේ මිනිසුන්ද ජීවත් වූයේ සතුන් මෙනි. ඔවුන්ගේ එකම අවශ්‍ය තාවය කෑම සොයා අනුභව කිරීමත්, රතී කෙළියේ යෙදීමත්ය. අනෙක් වේලාවන් ගත වනුයේ ඔවුන් සොයා එන ස්වාභාවික අනතුරු වලින් බේරීමට උත්සහා කිරීමත්, අමුතු ස්වරූපයෙන් එන දැවැන්ත සතුන්ගෙන් බේරී සිටීමට උත්සහා කිරීමත්ය.
'තුමාක් හා ලොආනාටත් එවන් අකරතැබ්බ රාශියකටම මුහුණ දෙන්නට සිදුවිය. එක් තැනකදී පියාඹන ඩයිනොසිරස් පක්ෂින් විසින් ලොආනාව උංගේ කකුල් දෙකින් එල්ලා ගෙන ගොස් උංගේ පැටව්ට කෑම දීමට සැරසේ. එහෙත් තවත් එවන් ඩයිනෝසිරස් පක්ෂියෙක් විසින් ඇයව ඩැහැගැනීමට කරන සටන තුළින් ඇයව මුහුදට වැටෙයි. ඒ නිසා ඇයගේ දිවිය බේරේ.
අකෝබාගේ රෑහේදීද, ඔවුනොවුන් අතරේ ප්‍රකෝපකාරි හැසිරීම් සිදුවේ. ආසන්නම සිදුවීම වූයේ සකානා විසින් අකෝබාව කන්දෙන් පහළට තල්ලු කර දමා, රෑහේ නායක කම තමාගේ අතට ගැනීමය. එහෙත් පසුව, අකෝබා තුවාල සහිතව නිරුප්‍රදිතව තම රෑහෙ සොයා විත්, යළි නායක කම තමා සතු කර ගනියි.
චිත්‍රපටය අවසන් වන්නේ විශාල ගිනි කන්දක් පිපිරීමෙනි. එයින් ගල්ගුහාවන් තුළ ජීවත් වූ මෙවන් රෑහේ අය ගණනාවක්ම මිය යයි. විශේෂයෙන් ගිනි කඳු පුපුරා ගලා එන ලාවා දියරයන්ට ගොදුරු වූ අය පිලිස්සී මිය යයි. සකානාද, අකෝබාද එලෙස මිය ගිය වූවන් අතර විය. එලෙසම දැවැන්ත සතුන්ද බොහෝ ප්‍රමාණයක් ගින්නට අසුවී පිලිස්සී ගියහ. එහෙත් තුමාක් හා ලොආනා බේරී තිබුණද, ඔවුන් ජීවත් වූ ගල් ගුහාවන් විනාශ වූ හෙයින්, ඔවුනට වෙනත් ඉසව්වක් සොයා යන්නට සිදුවිය . 'වන් මිලියන් ඉයර්ස් බීසී' චිත්‍රපටය අවසන් වන්නේ ගිනි කඳු පිපිරීමෙන් සිදුවූ විනාශයෙන් පසු ඉතිරි වූ අය වෙනත් ඉසව්වක් කරා යන දර්ශනයෙනි. ඔවුනට තුමාක් හා ලොආනාද අයිති විය.
'වන් මිලියන් ඉයර් බීසී' චිත්‍රපටය එදා 60 දශකයේ සිටි අයට දැවැන්ත එමෙන්ම විස්මජනක සිනමා අත්දැකීමක් විය. එහෙත් එය අද නරඹන විට, එහී තාක්ෂණීක දුර්වලතා බොහොමයක් නෙත ගැටේ. විශේෂයෙන්ම ඩයිනෝසිරස්ලා ව හසුරුවා ඇති ආකාරය තරමක් ප්‍රාථමීක බවක් පෙනෙනුයේ, 80 දශකයේ ඇති වූ තාක්ෂණික පෙරළියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ස්ටීවන් ස්පීල්බර්ග් තම ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවෙන් ඩයිනෝසිරස් ලාව හඳුන්වා ආකාරය හා සන්සදනය කර බලද්දිය.
කෙසේ හෝ නූතන යුගයට අනුව තාක්ෂණීකව බොහෝ අඩු ලුහුඬු කම් පෙනුනද, අද වුවද 'වන් මිලියන් ඉයර්ස් බී සී' නරඹා රස විඳීය හැකි එපික් ගණයේ චිත්‍රපටයකි.