දේශපාලන භීෂණයට එරෙහිව නැඟුණු අසිපත

VILLAIN
ජූලි 27, 2023

පසුගිය කාලය තුළ තිරගත වූ සිනමා පට නිර්මාණකරුවන් පිළිබඳව විමසා බැලීමේදී, තාරුණ්‍යයේ වැඩි නියෝජනයක් ඒ සඳහා යොමු වී ඇති බව දක්නට ලැබුණි. ‘ද විලන්’ චිත්‍රපටය ඔස්සේද නවක අධ්‍යක්‍ෂවරයකු සිනමා ඉතිහාසයට එක්වීම සිදුවෙනවා. ඔහු ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරයකු සේම ගීත රූප රචනා ක්ෂේත්‍රයේ නම් දැරූ නිර්මාණකරුවකු වූ ලස්සන ජයසේකරයි. සංස්කරණය, ශබ්ද පරිපාලනය, ශබ්ද සංයෝජනය වැනි විෂයන් කිහිපයක්ම මනාව ප්‍රගුණ කළ ඔහු, තාරුණ්‍යයේ නියෝජනයක්. නුදුරේම තිරගත වීමට නියමිත ‘ද විලන්’ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වුවද, එය තිරගත වීමටත් ප්‍රථම සිය දෙවන සිනමා නිර්මාණය වු, රෙඩ්, මේ වනවිටත් සියලු රූපගත කිරීම් නිමකොට, පසු නිෂ්පාදන අවධියේ පසුවෙනවා. චිත්‍රපට හතකට සහ ටෙලිනාට්‍ය 31 කට සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායකව ඇති ඔහු, ජනප්‍රිය ගීත රැසකම තනු නිර්මාණකරුවකු ද වේ. ප්‍රථම චිත්‍රපටය බෙහෙවින්ම තාරුණ්‍යය ඉලක්ක කරගත් ත්‍රාසය, කුතුහලය, හාස්‍ය කැටි කරගත් වාණිජ ධාරාවේ චිත්‍රපටයක් බවයි ඔහු සඳහන් කළේ. 

දකුණු ඉන්දීය සිනමා අභාසය සහිතව අපේම රටේ අපේම නළු නිළි පිරිසක් එක්ව නිමවු ‘ද විලන්’ චිත්‍රපටයේ තේමාව වී ඇත්තේ, තම මැති ඇමැති දෙමව්පියන්ගේ සවිය, බලය අනිසි ලෙස යොදාගත් දරුවන් අතින් සිදුවු වැරදි සහ එයින් එයින් අවිහිංසක පවුල් ජීවිතවලට වන හානියත්, ඒ වැරදිවලට පවතින නීතිය තුළ සාධාරණය ඉටු නොවීමත් නිසා නොනිල නීතිය ක්‍රියාත්මක කරවන ශක්තිමත් අභීත තරුණයකුගේ හැසිරීම් රටාවක් වේ. මෙහිදී, සංවේදි කතාවක් තුළ ප්‍රේමය, මව්පිය, දූ දරු සහ සහෝදර බැඳීම් කෙතරම් ශක්තිමත් ද යන්නත්, හාස්‍ය, කුතුහලය මඟින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගනී. රටේ පවතින දේශපාලන රටාව සහ එයින් බැටකන අහිංසක මහජනයා මුහුණ දෙන ගැටලු ඉවසා දරාගත නොහැකි වූ කල, එක්ව අවදිව දේශපාලඥනයන් මර්දනය කරන්නට පෙළගැසෙන මහජනතාවගේ කතාවයි ‘ද විලන්’

‘ද විලන්’ රංගන දායකත්වය

කැලුම් ආර්යන්, ශෙරාන් පීරිස් (හඳුන්වාදීම), සංජු සරමසිංහ, සුධීක්ෂා සමාධි පෙරේරා, දසුනි සිනෙත්මා, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, රිචී ෆර්නෑන්ඩස්, සහන් මානගේ, සිතිජ ජයසේකර, ටෙඩී විද්‍යාලංකාර, නාලක දළුවත්ත, පියුමාලි තිලන්කා, මෙවන් කරුණාරත්න, චාරිකා උදයංගනී, නිමල් කරුණාතිලක, සුනාරි දසනායක, පැරකුම් කුඹුරපොල, ටියුඩර් තිලක්, රොහේන් රොකි, සුරේෂ් පල්ලියගුරුගේ ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත.

‘ද විලන්’ කාර්මික දායකත්වය

අධ්‍යක්‍ෂණය, සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය
පසුබිම් සංගීතය සහ සංගීත අධ්‍යක්‍ෂණය - 
ලස්සන ජයසේකර
කතාව, දෙබස් සහ තිර රචනය - කැලුම් ආර්යන්
නිෂ්පාදනය - කැලුම් ආර්යන්, ලස්සන ජයසේකර
සම නිෂ්පාදනය - ශෙරාන් පීරිස්, නිමල් කුලරත්න
කැමරා අධ්‍යක්‍ෂණය - විරාජ් නරසිංහ සහය - 
නුවන් සමීර, රනිල් ප්‍රියංකර
සහය අධ්‍යක්‍ෂණය - චමින්ද හේවාවසම්, රුවන් පෙරමුණේ, හේෂා මින්රාදි
5.1 සෙරවුන්ඩ් ශබ්ද මිශ්‍රණය - මියුරංග වික්‍රමසිංහ, ලස්සන ජයසේකර
වර්ණ සංයෝජනය - ආකේෂ් සඳමින්
දෘශ්‍ය ප්‍රයෝග - ආකේෂ් සඳමින්, විරාජ් නරසිංහ
අංග රචනය - ආසිරි චතුරංග සහය - ඉරේෂ් ලක්මාල්
කලා අංශය - හේෂා මින්රාදි, රුෂාන් මධුරංග, මිහිලි හිමංසා
අතිරේක ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණරත්න
නිෂ්පාදන කළමනාකරණය - ජකියු අපෝන්සු සහය - හරිත අමරසිංහ
නර්තන වින්‍යාසය - අසංග ද සිල්වා
සටන් අධ්‍යක්‍ෂණය - ටෙඩී විද්‍යාලංකාර, කැලුම් ආර්යන්
ඇඳුම් නිර්මාණය - කැලුම් ආර්යන්, සමීර වීරසිංහ, නීලියා මෙන්ඩිස්
ගී පද රචනා - මැණික් ජයසිංහ
ගීත ගායනය - තරිඳු නිර්මාණ කරුණානායක, මනේජ් සංජය, පවනි පෙරේරා, හර්ෂ එරන්ද විතානගේ
කේබල් සටන් අංශය - ජීවක ගමගේ, කුමාර තිලකරත්න, ටියුඩර් තිලක්, මහේෂ් පතිරණ
සටන් කණ්ඩායම - රාජා සිල්වා, ටෙරන්ස් කමල් සිල්වා, ජගත් සංජීව, සැන්ඩෝ බොන්සෝ,
ශිරාන් අපොන්සෝ, නාශ් සෙනෙවිරත්න, අවිශ්ක සිල්වා, ජූඩ් ප්‍රනාන්දු,මාලන් බන්දුසිරි, බන්දු කුරේ.
කැමරා අංශය - දමිත් ගුණවර්ධන (ෆෝකස් පුලර්)