වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
භෝලාගේ ත්‍රාසජනක ගමන

පොලිස් පරීක්ෂක ඩයනා ජෝසප් දක්ෂ පොලිස් නිලධාරිනියකි. ඇය සහ ඇයගේ කණ්ඩායම කොකේන් තොගයක් රාජසන්තක කරන්නේ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානී නිතාරි ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. මෙම සිදුවීම නිතාරිගේ සහෝදරයා වන අශ්වතාමා හෙවත් ආෂු කෝපයට පත් කරයි. මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ දූෂිත පොලිස් නිලධාරියකුගේ තොරතුරු අනුව ඔහු සැලසුම් සකස් කරන්නේ අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය තොගය යළි ලබා ගැනීමටය.
ඩයනාගේ ප්‍රධානියාගේ විශ්‍රාම සාදයේදී ඔහු පොලිස් නිලධාරීන්ගේ ආහාර පානවලට ද වස මිශ්‍ර කරන්නේ එහි එක් පියවරක් ලෙසිනි. එම ආහාර පානවලින් ඈත් වූ ඩයනා හැර අනෙකුත් පොලිස් නිලධාරින් රෝගී වන්නේ රාජකාරි කටයුතු අසීරු තත්වයට පත් කරමිනි.
මෙම අවස්ථාවේදී ඩයනා විසින් රෝගී වූ පොලිස් නිලධාරින් භාර කරනු ලබන්නේ මෑතකදී නිදහස් වූ සිරකරුවකු වූ භෝලා වෙතය. භෝලා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ ඩයනා දැනුම් දෙන්නේ කිලෝමීටර් 80ක දුරින් පිහිටි ළඟම රෝහල වෙත පොලිස් නිලධාරීන් රැගෙන යන ලෙසයි. බන්ධනාගාරයෙන් නිදහස් වූ භෝලා එම අවස්ථාවේ සිටින්නේ වසර ගණනාවකට පසු ඔහුගේ දියණිය ජෝති දැක ගැනීමට යන අරමුණෙනි. කාලය වේගයෙන් ගතවද්දී මැර කල්ලිය පසුපස හඹා එන විටදී පොලිස් නිළධාරින්ගේ ජීවිත අතැතිව භෝලා කුමක් කරනු ඇති ද?
සෑම අස්සක් මුල්ලක් නෑරම මරණය සැඟවී ඇති බාධකවලින් පිරුණු භෝලාගේ මෙම ගමන දැකගත හැකි වන්නේ අජේ දේව්ගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද Bholaa චිත්‍රපටයෙනි. හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක් වන Bholaa, ලෝකේෂ් කනගරාජ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර 2019 වසරේ ආදායම් වාර්තා තබමින් තිරගත වූ ජනප්‍රිය නළු කාර්ති ප්‍රධාන චරිතයට පණ පෙවූ දෙමළ චිත්‍රපටයක් වන ම්චඪබඩඪ හි අනුවර්තනයක් වේ. Bholaa චිත්‍රපටයේ භෝලා හට පණ පොවනු ලබන්නේ අජේ දේව්ගන් විසිනි. ඔහු සමඟ තාබු, දීපක් දෝබ්‍රියල්, සංජේ මිශ්‍රා, ගජ්රාජ් රාඕ, විනීත් කුමාර් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක් වී සිටිති. අමලා පෝල් සහ අභිෂේක් බච්චන් ද ආරාධිත රංගනයන්ගෙන් දායක වෙති.
අජේ දේව්ගන් ෆිල්ම්ස්, රිලයන්ස් එන්ටටේන්මන්ට්, ටී සීරිස් සහ ඩ්‍රීම් වොරියර් පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද Bholaa චිත්‍රපටය ලබන මාර්තු 30 වැනිදා සිට තිරගත ගත කිරීමට නියමිතව ඇත.