ගුවන් යානයක දියමන්ති මංකොල්ලය

මාර්තු 16, 2023

 

නේහා ග්‍රෝවර් ගුවන් සේවිකාවකි. ඇයගේ පෙම්වතා අන්කිත් සේති ව්‍යාපාරිකයෙකි. ලබා ගත් ණය මුදලක් හේතුවෙන් ඔවුන් මේ වන විට සිටින්නේ ආර්ථික මට්ටමෙන් ඉතාමත් අසීරු තත්ත්වයකය. මේ වෙනුවෙන් නේහා සහ අන්කිත් තීරණයකට පැමිණෙති. ඒ අනුව ඔවුහු හිඟ ණය ගෙවීම සඳහා දියමන්ති තොගයක් සොරකම් කිරීමට සැලැස්මක් සකස් කරති. සොරකම සිදුකිරීමට නියමිතව තිබෙන්නේ ගුවන්යානයක් තුළදීය. ගුවනේ අඩි 40,000ක් ඉහළට නගිද්දී ඔවුන් නොසිතූ අයුරින් ගුවන් යානය ප්‍රාණ ඇපකරු තත්වයකට පත් වේ. නේහා සහ අන්කිත් දියමන්ති සොරකම සැලසුම් කර තිබියදී හදිසියේ සිදු වූයේ කුමක්ද? ගුවන් යානය ප්‍රාණ ඇපයට ගත්තේ කවුරුන්ද?

ගුවන් යානයක් තුළ සැලසුම් කළ දියමන්ති මංකොල්ලයක් සිදු කිරීමට නියමිතව තිබියදී මගීන් රැගත් එම ගුවන්යානය ප්‍රාණ ඇපයට පත්වීම සමඟ මෙම ගැටලු නිරාකරණය කර ගත හැක්කේ මාර්තු 24 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කිරීමට නියමිතව ඇති Chor Nikal Ke Bhaga  චිත්‍රපටයෙනි. Chor Nikal Ke Bhaga  යනු මංකොල්ලයක් ගෙන එන ත්‍රාසජනක චිත්‍රපටයකි. රසවත් ආදර කතවක්ද සමඟ එය තිර රචනය කර තිබෙන්නේ සිරාජ් අහමඩ්, අමර් කෞෂික් සහ රාජ් කුමාර් ගුප්තා විසිනි. අජේ සිංගේ අධ්‍යක්ෂණයක් වන Chor Nikal Ke Bhaga  චිත්‍රපටයේ නේහා සහ අන්කිත් ලෙස චරිත නිරූපණය කරන්නේ යමී ගෞතම් සහ සනී කෞෂාල්ය.

 

[email protected]