වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
භූත වෙස්මුහුණෙන් සැරසුණු ඝාතකයා

Scream
1996 වසරේ ආරම්භ වූ කෑගැසීම (බියෙන්) යන තේරුම ගෙන දෙන නමක් ඇති Scream චිත්‍රපට මාලාව slasher ගණයේ භයංකර චිත්‍රපට නරඹන රසිකයන්ගෙන් ගිලිහී යා නොහැකි ජනප්‍රිය චිත්‍රපට මාලාවකි. සිඩ්නි ෆෙස්කොට් නම් තරුණිය වටා ගෙතුණු මෙම චිත්‍රපට මාලාවේ, පිළිවෙළින් 1996, 1997, 2000 සහ 2011 පළමු චිත්‍රපට හතරෙහිම කතාව බොහෝ දුරට එක සමාන ස්වරයක් ගත් අතර භූත වෙස්මුහුණක් පැලඳී මිනීමරුවෙකු සිඩ්නිගේ හිත මිතුරන් දිනෙන් දින මරා දමමින් ඇයව අවසන් දඩයම කරගැනීමට සැරසේ. ඝාතකයන් බොහෝ විට පළිගැනීම්, ඊර්ෂ්‍යාව සහ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් පෙලඹෙන අතර වෙස් මුහුණ මිනී මැරුවාද සිඩ්නිගේ හිතවතුන්ගෙන්ම කෙනෙකු බවත් වෙස් මුහුණ පැලඳීම නිසා ඒ කිමෙක්දැයි සොයාගත නොහැකි බවත් නිසා ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය ටිකෙන් ටික තීව්රකරන චිත්‍රපට මාලාවකි. 'ඵජපඥචථ' චිත්‍රපට මාලාවේ පස් වැනි චිත්‍රපටය පසුගිය වසරේ තිරගත වූ අතර මේ වනවිට මැදිවියේ පසුවන සිඩ්නි වෙස්මුහුණු පැලඳී මිනීමරුවාගේ අරමුණක් වන ආකාරය එහි දිගහැරුණි.
2022 පෙබරවාරි මාසය වනවිටත් ඵජපඥචථ චිත්‍රපට මාලාවේ සය වැන්න පිළිබඳ එහි නිර්මාණකරුවන් උනන්දුවක් දැක්වූ අතර ඒ අනුව ඇරඹි නිෂ්පාදනය සම්පූර්ණ වී හය වැනි ඵජපඥචථ චිත්‍රපටය මේ මස 10 වැනිදා සිට තිරගතවීම ඇරඹිණි. මෙහි විශේෂිතම කරුණක් වන්නේ, සිඩ්නි ප්‍රේස්කොට්ගේ චරිතය අන්තර්ගත නොවීමයි. එහි කතා අන්තර්ගතය මෙලෙස දිගහැරේ. සිනමා මහාචාර්යවරියක් වන ලෝරා ක්‍රේන් නිව් යෝර්ක් නගරයේ දී ඇගේ ශිෂ්‍ය ජේසන් කාර්වේ විසින් භූත වෙස් මුහුණින් සැරසී ඝාතනය කරනු ලැබේ. ජේසන් ඔහුගේ නේවාසික මිතුරෙකු වන ග්‍රෙග් සමඟ තවත් පුද්ගලයින් ඝාතනය කිරීමට සැලසුම් කරන අතරතුර ඔහුට වෙනත් භූත වෙස්මුහුණු පලන්දින්නෙකු විසින් ග්‍රෙග් සහ ජේසන් ඝාතනය කරයි. භයානක නව ඝාතන මාලාවක් මෙලෙස ඇරඹේ.
මැට් බෙට්නිලී ඔල්පින් සහ ටයිලර් ගිලට් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ඵජපඥචථ ඍධ් චිත්‍රපටය, ජේම්ස් වන්දර්බිල්ට්, සහ ගයි බුසික් ගේ තිරචනයක් වන අතර, විලියම් ශෙරක්, එමස් වන්දර්බිල්ට්, සහ පෝල් නීන්ස්ටීන් යන අයගේ නිෂ්පාදනයකි. මෙලිසා බැරේරා, ජැස්මින් සැවෝයි බ්‍රවුන්, ජැක් චැම්පියන්, හෙන්රි සේර්නි, මේසන් ගුදින් ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙති.
Scream (1996), Scream 2, Scream (2022),Scream VI (2023) විචාරකයන්ගෙන් ඉහළ පැසසුමට ලක් වූ චිත්‍රපට වන අතර Scream 3 චිත්‍රපටයට මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබුණි. වාණිජමය වශයෙන්, Scream 4 හැර අනෙකුත් සියලුම චිත්‍රපට සාර්ථක වූ අතර මෙම චිත්‍රපට මාලාව සම්මාන රැසක් දිනාගෙන ඇත. Scream VI චිත්‍රපටය මේ වනවිට රොට්න් ටෝමාටෝස් අඩවියේ විචාරකයන් 141 දෙනෙකුගෙන් සියයට 7ක් අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7/10 කි.