වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
රාජකාරියට මුල්තැන

ජෝන් ලූතර් යනු පළමු ශ්‍රේණියේ බරපතළ අපරාධ ඒකකයේ ප්‍රධාන රහස් පරීක්ෂක වේ. සේවයට කැපවූ පොලිස් නිලධාරියකු වන ලූතර් රැඩිකල් පුද්ගලයකු වේ. හේ ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩය. කෙසේ වෙතත් ලූතර් ඔහුගේ කැපවීම සඳහා විශාල මිලක් නියම කර ඇත. ඔහු ගනුදෙනු කරන්නා වූ අපරාධ අඳුරෙන් ගිලී යාම වැළැක්විය නොහැකි වේ.
ලූතර්ගේ දිවියේ සැමවිටම මුල් තැන හිමි වී තිබෙන්නේ රැකියාවටය. ඒ වෙනුවෙන් ඔහුගේ කැපවීම ඔහුට මෙන්ම ඇතැම් විට ඔහුට සමීප අය හටද සාපයක් වේ. එක් අවස්ථාවකදී ඔහු දක්ෂ මනෝ ව්‍යාධික ඝාතකයකු වන ඇලිස් මෝගන් සම්බන්ධව විමර්ශනය කරයි. අවසානයේදී ඔහුට ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ කිසිදු සාක්ෂියක් සොයා ගත නොහැකි වීම හේතුවෙනි. නමුත් ඇය ඔහුගේ සැකකරුවා වුවද බලාපොරොත්තු නොවූ අයුරින් රාජකාරී කටයුතුවල සහකාරිය බවට ද පත්වේ.
මෙම ජෝන් ලූතර් හමු වන්නේ බ්‍රිතාන්‍ය මනෝවිද්‍යාත්මක අපරාධ ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වන 'ලූතර්' ඔස්සේය. එහි ජෝන් ලූතර් ලෙස ඉඩ්‍රිස් ඇල්බා සහ ඇලිස් මෝගන් ලෙස රූත් විල්සන් රංගනයෙන් දායක වෙති. කතාංග හයකින් යුතු වූ මෙහි පළමු කතා මාලාව 2010 මැයි සහ ජූනි මාසවල විකාශය වූ අතර කතාංග හතරකින් යුත් දෙවැන්න 2011 ජූනි සහ ජූලි මාසවලදී විකාශය විය. කතාංග හතරකින් සමන්විත වූ තුන්වැන්න 2013 ජූලි මාසයේදී විකාශය වූ අතර කතාංග දෙකකින් යුත් සිව්වැනි කතා මාලාව 2015 දෙසැම්බර් මාසයේදී විකාශය වූ අතර කතාංග හතරකින් යුත් පස්වැනි කතා මාලාව 2019 ජනවාරි මාසයේදී විකාශය කරුණි. මෙම කතාමාලාවේ රංගනය වෙනුවෙන් ඉඩ්‍රිස් ඇල්බා 2012 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ කුඩා කතාමාලා හෝ රූපවාහිනී චිත්‍රපටය වෙනුවෙන් වූ හොඳම නළුවාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ලූතර් පෙබරවාරි 24 වැනිදා රිදී තිරයට පැමිණීමට සූදානමින් සිටී. ඒ
Luther: The Fallen Sun චිත්‍රපටයෙනි. Luther: The Fallen Sun යනු ජෙමී පේන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයකි. තෝරාගත් සිනමාහල්වල නිකුත් කිරීමෙන් අනතුරුව මාර්තු 10 වැනිදා එය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරේ. Luther: The Fallen Sun චිත්‍රපටයේදී ජෝන් ලූතර්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ද ඉඩ්‍රිස් ඇල්බා විසිනි. ඔහු සමඟ සින්තියා අර්වියෝ, ඇන්ඩි සර්කිස්, ඩර්මොට් ක්‍රවුලි, ජෙස් ලියාවුඩීන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
මෙම සම්මානලාභී රූපවාහිනී කතාමාලාව චිත්‍රපටය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කිරීමේදී බිහිසුණු අනුක්‍රමික ඝාතකයකු ලන්ඩනය භීතියට පත් කරමින් සිටින අතර දක්ෂ නමුත් අපකීර්තියට පත් රහස් පරීක්ෂක ජෝන් ලූතර් ඒ වන විට සිරගත වී සිටී. තමා හට නින්දා කළ සයිබර් මනෝ ව්‍යාධිකයා අල්ලා ගැනීමට ඔහු අසමත් වීම හේතුවෙන් කනස්සල්ලෙන් පසුවන ලූතර් අවශ්‍ය ඕනෑම ආකාරයකින් සිය කාර්යය අවසන් කිරීමට සිරගෙයින් පිටතට යාමට තීරණය කරයි.