වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
LOST අතුරුදන් වූ සොහොයුරා සොයා

සෑම වසරකම ඉන්දියාවේ පුද්ගලයන් 885ක් පමණ අතුරුදන් වන බවට වන ප්‍රකාශයකි. ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ 2019 වාර්තාවට අනුව සෑම මිනිත්තු දෙකකට වරක් පුද්ගලයකු අතුරුදන් වේ. එවිට රිද්දි සහානි නම් මාධ්‍යවේදිනිය ප්‍රශ්නය අසයි. සත්‍යය හෝ නිවැරදි දේ කිරීම අතුරින් වාර්තාකරුවෙකුට වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නය ගෙන එන්නේ ලොස්ට් හින්දි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙනි.
ඉෂාන් භාරතී තරුණ නාට්‍ය ක්‍රියාකාරිකයෙකි. සති දෙකක් පුරා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොවේ. ඉෂාන් භාරතීගේ සොයුරිය අතුරුදන් වූ තම සොහොයුරා සොයා වෙහෙසේ. බොහෝ සිදුවීම් පැටලී ඇත. එය ආදර කතාවක නඩුවක් ද? නැතහොත් ඉෂාන් අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී තිබේද ? යන්න සැක සහිතය. මේ අතර අපරාධ වාර්තාකාරිනියක, ඉෂාන් භාරතීගේ අතුරුදන් වීම පිටුපස ඇති සත්‍යය සෙවීමේ යෙදී සිටින්නේ ප්‍රාදේශීය දේශපාලකයෙකුගෙන් දිගින් දිගටම එල්ලවන බාධා කිරීම් මධ්‍යයේය. ඇය ප්‍රබල පුද්ගලයන් සමඟ ගැටෙමින් තනිවම මෙම අතුරුදන් වීමේ සුලමුල සොයා යමින් ඉහත ප්‍රශ්නයට පිළිතුර ගෙන එන්නේ ලොස්ට් හින්දි චිත්‍රපටයෙනි.
අනිරුද්ධ රෝයි චෞද්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ලොස්ට් ගවේෂණාත්මක ත්‍රාසජනක චිත්‍රපටයකි. එය ගෙන එන්නේ අපරාධ වාර්තාකරුවන් හමුවේ ඇති අරගල සහ ප්‍රතිවිපාක පිළිබඳ කතාවකි. සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරන ලද ලොස්ට් චිත්‍රපටයේ අපරාධ වාර්තාකාරිනියගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ ප්‍රබල රංගන ශිල්පිනියක ලෙසින් කැපී පෙනෙන යමී ගෞතම්ය. යමී සමඟින් පන්කජ් කපූර්, රාහුල් ඛන්නා, නීල් භූපාලාම්, පියා බජ්පායේ, තුෂාර් පාණ්ඩේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. "ලොස්ට් චිත්‍රපටයෙන් මගේ හදවතට සමීප චරිතයක් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇත. එය සත්‍ය සෙවීමට බොහෝ දුර යන මාධ්‍යවේදීන් හට උපහාරයක්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේදී යමී පැවසුවාය. ලොස්ට් චිත්‍රපටය පෙබරවාරි 16 වැනිදා සිට ZEE5 ඔස්සේ බෙදාහැරේ.