වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ඔබට ඔබ මිය යන අයුරු බලා සිටිය හැකිද?

ඇය සිත් ඇදගන්නා සුලුය. නමුත් අද්භූත කාන්තාවකි. ජේම්ස් ෆොස්ටර් සහ එම් ෆොස්ටර් ඇය විසින් මඟ පෙන්වනු ලබන නිවාඩු නිකේතන භූමියෙන් පිටත නිවාඩුවක් ගත කිරීමට තීරණය කරති. මෙම නිවාඩුවේදී ෆොස්ටර් යුවළට අත්විඳීමට සිදුවන්නේ ප්‍රචණ්ඩත්වය, සුඛවිහරණය සේම වචනයෙන් කිව නොහැකි භීෂණයෙන් පිරුණු සංස්කෘතියක අත්දැකීම් වේ. ඛේදනීය අනතුරක් සමඟ ඉක්මනින් අපරාධ ඉවසා ගැනීමේ අවස්ථාවකට මුහුණදීමට ඔවුන් හට සිදු වේ. එහිදී ඔබට මරණ දණ්ඩනය ලැබෙනු ඇත. ඔබ එය දරා ගැනීමට තරම් පොහොසත් නම් ඒ වෙනුවට ඔබට ඔබම මිය යන අයුරු බලා සිටිය හැකිය.
ෆොස්ටර් යුවළ මුහුණ දෙන මෙම ත්‍රාසජනක සිදුවීම් මාලාව දිග හැරෙන්නේ බ්‍රැන්ඩන් ක්‍රොනෙන්බර්ග් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ඉන්ෆිනිටි පූල් චිත්‍රපටයෙනි. විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන එහි ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාඩ්, මියා ගොත් සහ ක්ලියෝපැට්රා කෝල්මන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ඉන්ෆිනිටි පූල් චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූයේ ක්‍රොඒෂියාව සහ හංගේරියාවේදීය. පසුගිය ජනවාරි 22 වැනිදා සොන්ඩන්ස් චිත්‍රපට උලෙළේදී මංගල දර්ශනය පැවති එය ජනවාරි 27 වැනිදා සිට තිරගත වීම ඇරඹීය.