වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
භීතිය සොයා ඇදෙන සිනමා ප්‍රේක්ෂක පරපුරක්

තම ජීවිතයේ කිසිදු අවස්ථාවක හෝ යම් හදිසි මොහොතක සුළු වශයෙන් හෝ බියට පත් නොවූ එකම පුද්ගලයකුවත් මෙලොව ජීවත් වෙන්නේ යයි අපට සිතන්නට බැහැ. එවැනි පුද්ගලයකු ගැන අපට සිතන්නට බැහැ. එවැනි පුද්ගලයකු ගැන අපට කිසිසේත් පරිකල්පනය කරන්නටත් හැකියාවක් නැහැ. හදිසියේ පය ලිස්සා ඇද වැටෙන අවස්ථාවක සිට තරමක් බරපතළ හදිසි අනතුරකට ලක්වන මොහොතක දක්වා අප භීතියෙන් ඇලලී යන අතර තවත් අතෙකින් මහ දවාළක පවා හුදෙකලාවේ නිවසක සිටින කාන්තාවක සොර සතුරු බියෙන් පීඩා විඳීමේ සිට මහාරාත්‍රියේ නින්දෙන් දකින බියකරු සිහිනයක් සමඟ හඬ නඟාගෙන අවදි වීම දක්වන විවිධ අවස්ථාවල ඕනෑම ජන සමාජයක සිටින මිනිසකු විවිධ මට්ටම් වලින් ‘බිය’ අත්දකිනවා. “භීතිය, මිනිස් සිතේ හටගන්නා ප්‍රධාන ප්‍රාථමික මනෝභාවයක්. සෑම පුද්ගලයෙක්ම වාගේ බාහිර සිද්ධියක් නිසා ඇතිවෙන බලපෑම සමඟ හටගන්නා ක්ෂණික බිය මෙන්ම සිත පතුලේ කාලාන්තරයක් බිය මෙන්ම සිත පතුළේ කාලාන්තරයක් තිස්සේ (විශේෂයෙන් ළමා අවධියේ සිටම බලපවත්වන බියජනක මතකයන් හා මනෝරූප නිසා ද විවිධ භීතිකාවන්ට ද ගොදුරු වී සිටිනවා. තදබල බියකට පත්වීම නිසා මිනිස් සිරුරේ මෙන්ම සිතේ ද ඇතිවන ප්‍රතිචාර හා ක්‍රියාවන් සංකීර්ණයි. බලවත් භීතියක් ඇතිවීම නිසා හදගැස්ම වැඩිවීම, ලේ ගමනාගමනය වැඩිවීම, මොළයේ සිදුවන රසායනික, වෙනස්කම්, ආශ්වාස ප්‍රාශ්වාස වේගත්වීම, උරහිස් ඇතුළු කඳ ප්‍රදේශයේ ඇතිවන තදවීමේ තත්ත්වය, රෝමෝද්ගමනය වැනි ශාරීරික වෙනස්වීම් ඇතිවන්නේ විවිධ මට්ටම් වලින්. තියුණු බියජනක අත්දැකීමක් පුද්ගලයකුට මානසික කම්පනයක් ගෙනඑන බැවින් එය ඔහුගේ මනස වුවද රෝගාතුර කරන්නේ සාංකාව යම් යම් භීතිකා තත්තවයන් මෙන්ම ඇතැම් විට පසුකාලීනව මනෝභ්‍රාන්ති පෙනී යාමේ මට්ටම්වලට ද පත්කරමින්.
ඒ කෙසේ වෙතත් මෙහිදී හටගන්නා අපූර්ව තත්ත්වය වන්නේ ප්‍රේමය, සතුට, ශෘංගාරය, වැනි මනෝභවයන් මෙන් නොව කිසිඳු පුද්ගලයකු භීතියට පත්වීම ආශාවෙන් යුතුව නැවත අපේක්ෂා කරන හැඟීමක් නොවීමයි. තමාට පෙර අවස්ථාවක අත්දකින්නට ලැබුණු තදබල භීතිය හැකිතාක්, අමතක කරන්නටත්, එය මඟහැර යාමටත්, ඒ ගැන මෙනෙහි නොකිරීමටත් බොහෝ සාමාන්‍ය පුද්ගලයින් බහුතරයක් වගබලාගන්නවා. එහෙත් ඒ සියල්ලට යටින් නූතන මිනිස් සමාජයේ බලපවත්වන තවත් ධර්මතාවයක් හා පරස්පර විරෝ්ධී විස්මිත ආශාවක් තිබෙනවා. ඒ නම් තමා අමතක කරන දමන, පිළිකුල් කරන භීතිය හා තිගැස්ම සහිත කම්පනය වෙනත් මාධ්‍යයක් ඔස්සේ කෘත්‍රිම ලෙස අත්විඳීමට මිනිසුන් (පේ‍්‍රක්ෂකයින්, පාඨකයින්) දක්වන කැමැත්තයි. හොල්ටන් යක්ෂයින් බිහිසුණු මිථි්‍යාවන් අස්වභාවික චරිත සහිත භීෂණ සාහිත්‍යයකටත්, භීෂණ චිත්‍රපටය (Horror Film) ටත් පදනම් සකස් වන්නේ ඒ යටි ආශාව මඟින් නොවේද? මෙය කියවන ඔබත් සැබෑ ජීවිතයේදී බිහිසුණු හදිසි අනතුරු, මිනිමරුවන් ඝාතකයින්, අවතාර, යක්ෂයින්, බිහිසුණු සත්වයින් හෝ වෙනත් සංත්‍රාසජනක අත්දැකීම් වලට සමීප වී මුහුණදෙන්නට තදින් අකමැති වුණත් චිත්‍රපටයක් ඇතුළත මොහොතින් මොහොත දිග හැරෙන බිය හා ත්‍රාසය උපදවන දර්ශන දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නේ නැතැයි කිව හැකිද? සාර්ථක භීෂණ චිත්‍රපටයක් ඔබ ඉතාම පිළිකුල් කරන අකමැතිම දේ පිරුණු ප්‍රචණ්ඩ ලෝකයකට ඔබට නොදැනී ඔබව රැගෙන යන්නට සමත් වෙනවා. ඒ ඔබේ යටි සිතේ ආශාවන් හඳුනන සිනමාකරණයක මහිමයයි. සිනමා මාධ්‍යය තියුණු ලෙස යොදාගනිමින් මායා සිහිනයක් නිර්මාණය කිරීමේ හැකියාවයි. සියවසකට පෙර උපත ලබා තවමත් දිගින් දිගටම සෑම වසරකට නිපදවෙන භීෂණ චිත්‍රපටය අදටත් වැඩිම ආදායම් උපදවන චිත්‍රපට වර්ගයක් බව පැහැදිලියි. “චිත්‍රපටය, පොදු ජන සංස්කෘතියේ සිහින ලෙස පිළිගැනෙන්නේ නම් භීෂණ චිත්‍රපටය, ජන සංස්කෘතියේ “බියකරු රාත්‍රී සිහින” (Nighmares) විය යුතුයි. යිය ප්‍රකාශ කළේ ලෝකයේ ජනපි‍්‍රයම ත්‍රාසජනක නව කථාකරුවකු හා චිත්‍රපට තිරරචකයකු ලෙස ප්‍රකට ‘ස්ටීවන්කි.’ විසිනුයි. ඔහු ඒ ප්‍රකාශය කරන්නේ බටහිර සිනමා ඉතිහාසය පුරාම මේ චිත්‍රපට විශේෂය හිමිකර ගන්නා වාණිජ, සාමාජීය හා සදාචාරාත්මක වැදගත්කම මනාව හඳුනන නිසායි. “භීෂණ චිත්‍රපට” ලෝක සිනමාවේ චිත්‍රපට ප්‍රවර්ග අතර ප්‍රධානතම ප්‍රවර්ගයක් බව අද පිළිගැනෙනවා.
සෑම වසරකම ඔක්තෝම්බරයේ “හෙලෝ්වීන්” බියකරු උත්සව සමය ඇරඹෙද්දීම දැවැන්ත අමෙරිකානු චිත්‍රපට සමාගම් මෙන්ම කුඩා ස්වාධීන චිත්‍රපට සමාගම් ද “භීෂණ හා ත්‍රාසජනක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා නිකුත් කරනු ලබන්නේ දැනට වසර පනහකටත් එහා සිට නිතිපතා සිදුකරන සම්ප්‍රදායක් ලෙසටයි. මේ භීතල උත්සව සමයේ භීෂණ චිත්‍රපට නරඹන්නට පේ‍්‍රක්ෂකයින් දැඩි ලෙස එක් රැස් වීම බටහිර සිනමා සංස්කෘතියේ එක්තරා හුරු පුරුදු ලක්ෂණයක්. ඒ නිසාම මේ 2022 වසරේදීත් ඔක්තෝම්බරයේ භීෂණ හා සංත්‍රාසජනක ලක්ෂණ සහිත නව චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනයට එක්වුණා. ‘ද ඉනසන්ම්ස්’, ඉන්විටේෂන්,’ ‘හෙලෝවීන් එන්ඩ්ස්,’ ‘ස්මයිල්,’ ‘ප්‍රේ ෆොදි ඩෙවිල්’, ‘බාබේරියන්.” එබඳු නවතම භීෂණ චිත්‍රපට කීපයක්. ඒ අතර “හෙලෝවීන් එන්ඩ්ස්.” ‘1978 සිට වරින්වර නිර්මාණය වුණු මයිකල් මයර්ස් නම් අද්භූත මිනිමරුවා ගේ චරිතය රැගත් චිත්‍රපට මාලාවක අවසන් චිත්‍රපටයයි.
“පේ‍්‍ර ෆොද ඩෙවිල්’ චිත්‍රපටය, යක්ෂවේශයන්ට බඳුන් වන රෝගීන්ට යාතු කර්ම මඟින් සත්කාර කිරීමට ඉගෙන ගන්නා කතෝලික මව් තුමියකට, මීට වසර ගණනාවකට පෙර තම මවට ආවේශ වූ බිහිසුණු යක්ෂ ආත්මයක් නැවත හමුවීම පිළිබඳ තියුණු භීෂණ ශෛලියේ චිත්‍රපටයක්. මෙවැනි අත්දැකීම් රැගත් චිත්‍රපට නැරඹීමට තරුණ මෙන්ම වැඩිමහලු පේ‍්‍රක්ෂකයින් පවා දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි යන්න අප සොයා විමසා බැලිය යුතුයි.
වත්මන් මිනිසාගේ කලා රසවින්දනයේ එක්තරා ප්‍රතිවිරෝධී තත්වයක් ලෙස ගැනෙන මේ භීතිය, ප්‍රචණ්ඩත්වය හා අපි‍්‍රයජනක දේ නැවත නැරඹීම හා අත්විඳීම පිළිබඳව සිනමා විෂය හා සමාජ මනෝවිද්‍යාත්මක කරුණු ඔස්සේ කළ විමර්ශන හා පර්යේෂණ තුළින් මතුවන මත කීපයක්ම තිබෙනවා. මේ පිළිබඳ මනෝවිශ්ලේශත ‘සිග්මන් ෆ්‍රොයිඩ් ගේ’ එක් පැහැදිලි කිරීමක් වන්නේ භීෂණ චිත්‍රපට හෝ භීෂණ කථාවල අඩංගු වන භයංකර රූප ශබ්ද මාලාවන් හෝ සිදුවීම් මඟින් ඕනෑම සමාජ සංස්කෘතික පසුබිමක සිටින මිනිසුන්ගේ සාමුහික අවිඥානය නැත්තම් පොදු යටි සිතේ තැන්පත්ව ඇති අඳුරු බියකරු හා අද්භූත හැඟීම් මතුපිටට ගෙන එන බවයි. සෑම භීෂණ චිත්‍රපටයකම බොහෝදුරට ගැබ්වන මිනිස් දිවියේ හෝ මිනිස් චරිතයේ ඇති අඳුරු බියකරු මෙන්ම පාපී හා අයහපත් අර්ධය පිළිබඳ වැඩිදුර දැන ගැනීමටත් ඒවා නැවත මතකයට ගැනීමටත් බොහෝ මිනිසුන් තුළ නිසග ආශාව හා කුතුහලය මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව තවත් විමර්ශකයින් දරන මතකයක් වෙනවා. ඇතැම් විචාරකයින් හා චිත්‍රපට විශ්ලේෂකයින් පවසන්නේ භීෂණ චිත්‍රපට නැරඹීම මඟින් සැබෑ ජීවිතයේ දී මිනිසුන්ට ඇතිවන භීතියට හා ජීවිත තර්ජනයකට මුහුණදීම පිළිබඳ ඔවුන් සියුම් අධ්‍යාපනයක් ලබාගන්නා බවයි. ජීවිතයේ කුමන අවස්ථාවක හෝ ඕනෑම කලාපයකදී ඇතිවන බියකරු තිගැස්ම හා තර්ජනයට මුහුණදීමේ අත්දැකීම සවිස්තරව ලබාගැනීම සහ ඒ තර්ජනය ජයගැනීමට මේ පේ‍්‍රක්ෂකයින්ගේ සිතේ බලවත් හැඟීමක් හා නැඹුරුවක් ඇතිවන බව පවසන මේ මතධාරීන් කියා සිටින්නේ භීෂණ චිත්‍රපට සමාජයට අයහපත් බිහිසුණු සෘණත්මක ආකල්ප ගෙන එන කලා මාධ්‍යයක් නොව පාපය හා අයහපත එය ගැනීමට සමාජය යොමුකරවන ජනපි‍්‍රය මාධ්‍යයක් බවයි. භීෂණ චිත්‍රපටයක් නරඹද්දී එය සමඟ තදින් බැඳෙන පේ‍්‍රක්ෂකයකු කෙතරම් භීතියට පත්වුවත් අවසානයේ ඔවුන් බියට පත්කරන ඒ කුරිරු. දුෂ්ටයා හෝ එවන් බලවේගය විනාශයට පත්වීම හෝ මරණයට පත්වීම දෘශ්‍ය රූපයක් ලෙසම දක්වන නිසා මේ පේ‍්‍රක්ෂකයින් ජයග්‍රහණය, සතුට මුසු හැඟීම් වලින් සිත පුරවා ගෙන භීතියෙන් නිදහස් වන බවට ඇතැම් චිත්‍රපට විචාරකයින් මත පළ කොට තිබෙනවා.
භීෂණ චිත්‍රපටය, පේ‍්‍රක්ෂක මනසේ භීතිය, තිගැස්ම, කම්පනය, පිළිකුළ හා කුතුහලය ඇති කිරීම, අරමුණු කොටගත් කතාන්දරයක් දිගහරින චිත්‍රපට වර්ගයක්, නැත්තම් විශේෂ චිත්‍රපට ෂානරයක්. (ජ්ඪතථ ට්ඥදපඥ) ඒ නිසාම එය පේ‍්‍රක්ෂකයා භීතියට පත්කරන, ඔහුම තර්ජනය කරන දුෂ්ට බලවේගයක් ප්‍රධාන වාහකයා ලෙස ගෙන සකස් කරන ලද ආඛ්‍යාත රටාවක් හා භීතිය පිළිබඳ සූත්‍රයක් අනුව නිපදවෙන කලා මාධ්‍යයක්. ඕනෑම භීෂණ වර්ගයේ චිත්‍රපටයක ඇතුළත් වන්නේ සමාජීය මිනිසකුගේ සාමාන්‍ය ජන ජීවිතය යම් අස්වාභාවික සංසිද්ධියක් හෝ බිහිසුණු බලවේගයක් (යක්ෂයකු, අවතාරයක්, බිිහිසුණු මිනිමරුවකු බියකරු සත්වයකු වැනි) මඟින් භීතියට හා දැඩි තර්ජනයකට පත්වීම තියුණු ලෙස නිරූපණය කිරීමයි. මේ නිසා භීෂණ චිත්‍රපටයකදී සිදුවන්නේ අතිශය බිහිසුණු අසුන්දර කථා තේමාවක් ඊටම ආවේණික නාට්‍යමය රිද්මයක් සහ සෞන්දර්යවේදයක් (ඒඥඵබඩඥබඪජ ධට ඩ්ධපපධප) මඟින් සුන්දර හා ආකර්ෂණීය නිර්මාණයක් බවට පෙරළීමයි. යම් චිත්‍රපට කතාවක් භීෂණ චිත්‍රපට ගණයට අයත් වීමට නම් ශාරීරික ප්‍රචණ්ඩත්වය, පිළිකුළ හා ලේ වැගිරෙන සුලු ස්වභාවය, මනෝ විද්‍යාත්මක භීතිය හා තියුණු කුතුහලය තීව්ර ලෙස දක්වන දර්ශන සහ වේගවත් ආතතිය දනවන සුලු රූපශබ්ද ප්‍රකාශනයන් භාවිතා කිරීමට වඩා වැදගත් වෙනවා. එදා මෙදා තුර ලොව ඕනෑම සිනමා සංස්කෘතියකට අයත් භීෂණ චිත්‍රපට බොහෝමයක මෙකී ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය එක්තරා ආකාරයකට පැරැණි යාතු කර්මයක් හෝ ආගමික පිළිවෙතක් සම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන එන්නාක් වැනියි. පොදු පේ‍්‍රක්ෂකයා අතර මුල් බැසගත් ඉතාම ජනපි‍්‍රය චිත්‍රපට ෂානරවලට අයත් ප්‍රකාශන ලක්ෂණ හා ආඛ්‍යාත රටා වෙනස් වන්නේ ඉතාම මන්දගාමීව බවත් එසේ වන්නේ සමාජ සංස්කෘතික හා තාක්ෂණික වෙනස්වීම්වලට පසුපසින් බවත් හොඳින් පෙනෙන තත්ත්වයක්.
භීෂණ චිත්‍රපටයේ ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී භීතිය ඇතිකරන සුලු දර්ශන, සහිත කෙටි චිත්‍රපට නිපදවීම ආරම්භ වන්නේ චිත්‍රපට මාධ්‍යය උපත ලද කාලසීමාවට ඉතාම සමීපව බව වාර්තා වෙනවා. ලොව පළමු ක්‍රමික වාණිජ චිත්‍රපට දර්ශනය ලෙස සැලකෙන්නේ 1895 දෙසැම්බර් 28 වනදා ප්‍රංශයේ පැරිස් නුවර ආපන ශාලාවකදී ලුමියර් සහෝදරයින් විසින් ප්‍රදර්ශනය කළ චිත්‍රපට දර්ශනයයි. එතැන් සිට ශීඝ්‍රයෙන් කෙටි නිහඬ චිත්‍රපට නිර්මාණය හා ප්‍රදර්ශනය කිරීමට විවිධ නිර්මාණකරුවන් උත්සාහ කළා. ඒ අතර සිටි විශේෂ පර්යේෂණකාමී චිත්‍රපටකරුවකු වන ‘ජෝර්ජ් මේලීස්’ විසින් නිෂ්පාදනය කොට ‘1898 දී ප්‍රදර්ශනය කළ ‘ද හවුස් ඔෆ් ඩෙවිල්’ නම් කෙටි නිහඬ චිත්‍රපටය, පළමු භීෂණ චිත්‍රපටය ලෙස චිත්‍රපට ඉතිහාසඥයින් හා විමර්ශකයින් ගණනාවක් විසින් නම් කොට තිබෙනවා. මේ චිත්‍රපටය ඔස්සේ භීෂණ චිත්‍රපටය මුලික ගුණංග හඳුනාගත හැකි භීතිය, ප්‍රචණ්ඩත්වය හා අද්භූත බලවේග පිළිබඳ හැඟුම් මතුකරන අඳුරු බිහිසුණු මාලිගා, යක්ෂයින් අවතාර මෙන්ම යම් ඉන්ද්‍රජාලමය විශේෂ ප්‍රයෝග සහිත රූප මාලාවක් දක්නට හැකිවුණා. ඉන්පසු 1920 එළැඹීමත් සමඟ ජර්මානු සිනමාවේ බිහිවුණු ‘ජර්මන් ප්‍රකාශනවාදී සිනමා ප්‍රවණතාවය සමඟ භීතිය, කුතුහලය හා අද්භූත බව වඩා විස්තරාත්මකව ස්පර්ශ කරමින් අවතාර, මිනීමරුවන්, මානසික රෝගීන් හෝ මායාකරුවන්ගේ චරිත ඇතුළත් චිත්‍රපට කීපයක් බිහිවීම, ‘භීෂණ චිත්‍රපටයේ මුල් ආකෘතිය හා ප්‍රකාශන ශෛලිය බිහිවීමටත්, එවැනි ප්‍රවණතාවක් බටහිර රටවල පැතිරයාමටත් විශාල අභාසයක් නිර්මාණත්මක පසුබිමක් ලබාදුන් බව පැහැදිලි යි. විශේෂයෙන් ‘1920” - 24 අතර නිෂ්පාදනය වූ ‘කැබිනට් ඔෆ් ඩොක්ට කැලිගාරි’ ‘නොස්ෆරාටෝ’ ‘ෆොම් මෝන් ටු මිඩ් නයිට්’ ‘වැක්ස් වර්ක්ස්’ ‘හැන්ඩ්ස් ඔෆ් ඕලැක්’ වැනි චිත්‍රපට කීපයක්ම පසුකාලීන භීෂණ චිත්‍රපටයේ හැඩතල සකස් කිරීමට දායක වූ කෘතින් ලෙසයි, සැලකෙන්නේ. විශේෂයෙන්ම ‘එෆ්.එම්. මුර්නාවු ගේ ‘ නොස්ෆරාටෝ’ චිත්‍රපටය, ‘වැම්පයර්’ (ලේ උරාබොන්නකු) වර්ගයේ චරිතයක් ප්‍රධාන චරිතය ලෙස ගෙන තියුණු භීතිය හා අද්භූත ගුණයක් මතුවන අයුරින් නිමකළ ලොව පළමු නිහඬ චිත්‍රපටය ලෙස සැලකෙනවා. බ්‍රැම් ස්ටෝකර්ගේ ‘ඩ්‍රැකියුලා’ නවකථාවේ සරල අනුවාදයක් ලෙස තිරරචනා කරනු ලැබූ මේ චිත්‍රපටය, මෙවැනි චරිතයක් ඔස්සේ භීතිය හා නාට්‍යමය ගුණය ගොඩනැගීම සඳහා සිදුකළ ප්‍රබල පර්යේෂණයක් ලෙස සිනමා විචාකරයින් හා විමර්ශකයින්ගේ ප්‍රශංසාව ලබාගත්තා. (මේ චිත්‍රපටය භීෂණ සිනමාවේ එක් අනු ශාඛාවක් ලෙස සැලකිය හැකි ලේ උරා බොන අමනුෂ්‍යයින්ගේ භයංකර කතා සහිත චිත්‍රපට ශෛලියක් බිහිවීමට විශාල බලපෑමක් ලබාදුන් අතර පසුකාලීන චිත්‍රපට කරුවන්ට බෙහෙවින් බලපෑම් සහගත වූ බව පෙනෙනවා. හැත්තෑව දශකයේ ජර්මානු නව සිනමාවේ එක් මුල්පෙළේ චිත්‍රපටකරුවකු වන ‘වර්නර් හර්සොග්’ මේ චිත්‍රපටය 1979 දී තමාගේ අර්ථකථනයක් සහිතව වර්ණ චිත්‍රපටයක් ලෙස නැවත නිර්මාණය කළා. එහිදීද හර්සෝග් උත්සාහ කළේ මේ ප්‍රධාන චරිතය වූ ලේ උරාබොන පුද්ගලයාගේ අසම්මත සිතිවිලි හා චර්යා රටාවන්වල ඇති ගුප්ත භීතියට පත්කරන සුලු ගුණාංග තියුණු රූප ශබ්ද ප්‍රකාශනයක් ලෙස මන්දගාමී සිනමා රීතියකට හසුකර ගැනීමටයි. මේ නව ‘නොස්ෆරුටෝ’ චිත්‍රපටය ද ඉහළ සිනමානුරූපී බවක් පළකළ භීෂණ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක විචාරක සම්භාවනාවට පත්වුණා.
‘භීෂණ සිනමාව‘ වඩාත් ජනපි‍්‍රය හා ස්ථාපිත චිත්‍රපට වර්ගයක් ලෙස මුල් බැස ගත්තේ 1927 දී චිත්‍රපට මාධ්‍යයට ‘ශබ්දය’ එක් වීමත් සමඟ තිහේ දශකය ඇරඹෙන විටයි. මෙතෙක් නිහඬ රූපරාමු සමඟ ප්‍රේකෂකයා බිය ගන්නවට වූ භීෂණ චිත්‍රපට වල සිටි බිහිසුණු චරිත, බිය දනවන හඬකින් කතා කරන්නටත්, කන් බිහිරි කරවන සුලු මහා හඬකින් කෑගසන්නටත් හැකි නිදහසක් සමඟ පේ‍්‍රකෂකයින් තවදුරටත් බියෙන් ත්‍රස්ත කරවන්නට වුණා. අමෙරිකාවේ ප්‍රකට චිත්‍රපට සමාගමක් වුණු ‘යුනිවර්සල්’ සමාගම ශබ්ද සිනමාවේ මේ නව ශක්‍යතාව ඉතා සියුම්ව ප්‍රයෝජනයට ගනිමින් නව භිෂණ චිත්‍රපට ශෛලියක් හඳුන්වාදෙන්නට උත්සාහ ගත්තේ එහි ඇති පොදු පේ‍්‍රක්ෂකයාගේ ප්‍රාථමික මනෝභාවයන් අවදි කරවන සුලු ලක්ෂණය මනා වෙළෙඳපොළ දිනාගැනීමේ උපක්‍රමයක් බවට පත්කර ගනිමින්. යුනිවර්සල් චිත්‍රාගාර ඇතුලත බෙහෙවින් නාට්‍යමය කුතුහලයක්, ඇති චිත්‍රපට කීපයක් නිපදවා එළි දක්වුණු අතර ‘භීෂණ චිත්‍රපට (ඩ්ධපපධප ර්ධමඪඥ) යන වචනය හඳුන්වන්නට පළමු වරට ජනපි‍්‍රය මට්ටමක යොදා ගැනුණේත් ඉන් පසුවයි. එම චිත්‍රපට තිරගත වුණේ 1931 සිටයි. ඉන් අතිශයින්, ජනපි‍්‍රය වූ චිත්‍රපට යුගල වුණේ ‘ඩ්‍රැකියුලා’ (1931) සහ ‘ෆ්‍රැන්කන්ස්ටයින්’ යන චිත්‍රපටයි. මේ චිත්‍රපට දෙක සමඟ භීතිය හා කුතුහලය දනවන නාට්‍යකාර ජනපි‍්‍රයවාදී සිනමා රීතියක් පේ‍්‍රක්ෂකයින්ට හඳුන්වාදුන් අතර භීෂණ චිත්‍රපටවල චරිත නිරූපණය පිළිබඳ නව මානයක් සටහන් කරන සිනමාකරුවන් දෙකක් ලෙස’ ඛෙලා ලුගොසි (ඩ්‍රැකියුලා) හා ‘බොරිස් කාලේෆේ’ (ෆ්‍රැන්කස්ටයින්) පේ‍්‍රක්ෂකයින් අතර ඉතාම ජනපි‍්‍රය වුණා. භීෂණ චිත්‍රපට ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ගැනෙන තිහේ දශකය පුරා හොලිවුඩයේ ප්‍රධාන පෙළේ භීෂණ චිත්‍රපට ගණනාවක් තිරගත වූ අතර ඒවා ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. ‘ඩ්‍රැකියුලා’ ‘ෆ්‍රැන්කන්ස්ටයින්’ චිත්‍රපට යුගලය මෙන්ම ‘ද මම්’ ‘බ්‍රයිඩ් ඔෆ් ෆ්‍රැන්කස්ටයින්’ ‘ෆී‍්‍රක්ස්’ ‘බ්ලැක් කැට්’ ‘මෑඩ්ලව්’ ‘කිංකොං’ වැනි චිත්‍රපට භීෂණ සිනමාවේ මුල්යුගය විචිත්‍රවත් කළ නිර්මාණ වුණා. අමෙරිකානු හා බටහිර චිත්‍රපට පේ‍්‍රක්ෂක පරපුරක් ‘භීෂණ චිත්‍රපට’ නමින් චිත්‍රපට විශේෂයක් හඳුනාගනු ලැබුවේ මෙන්ම එවන් භීතිය මුසු චිත්‍රපට නරඹන්නට ආශාවක් හා හුරුවක් ඇතිකරගත්තේ තිහේ දශකයේ තිරගත වූ ඉහත කී චිත්‍රපට ඇසුරෙන් බව පෙනී යනවා.
හතළිහේ දශකයෙන් පසුව භීෂණ චිත්‍රපට ප්‍රවණතාව ලොව පුරා ජනපි‍්‍රය වෙමින් වාණිජ සාර්ථකත්වයක් ලබාගත්තා සේම මෙවැනි භීතිය හා කුතුහලය මුසු අත්දැකීම් සිනමා මාධ්‍යයට නැංවීමට කරන ලද නිර්මාණත්මක උත්සාහයන් නිසා සිනමාරූප රූප ශබ්ද භාෂාවක් සිනමා කලාවට දයාද වුණා. තම භීතිය මුලික චිත්‍රපට අත්දැකීම ප්‍රබල හා තියුණු භාව උද්දීපනයක් ඇතිවන ලෙස නිර්මාණය කරන්නට ඔවුන්ට හැකි බව බොහෝ භීෂණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඔප්පුකොට තිබෙනවා. භීතිය, කුතුහලය තිගැස්ම ඇතිකිරීමේ උපක්‍රම සමඟ යොදගන්නා සිනමා ඡායාරූපකරණයත්, නාට්‍යමය හා වේගවත් සංස්කරණ රිද්මයත්, මූලික ස්වභාවික තත්ත්වය ඉක්මවන භාවමය රංගනයක් භීෂණ චිත්‍රපටයක් සාර්ථක කරගන්නට හැමවිටම බලපානවා. මේ ගුණාංග සියල්ල එක්වීමෙන් හුදු කතාවක් වාර්තා කර පෙන්වීමේ තත්තවයකට වඩා බිය මුලික කොට ගත් භාවමය ගුණයක් හා පරිසර ගුණයක් ඇතුළත පේ‍්‍රක්ෂකයා රඳවා තබාගන්නට සාර්ථක භිෂණ චිත්‍රපටයක් සමත් වෙනවා. මේ තත්ත්වය භීෂණ චිත්‍රපටය පේ‍්‍රක්ෂකයා අතර ජනපි‍්‍රය වන්නට බලපෑමක් කරනු ලබනවා.
තවත් අතෙකින් චිත්‍රපට රංගනය පිළිබඳව ද භීෂණ චිත්‍රපටය විසින් සුවිශේෂ මානයක් හා ශෛලියක් පෙන්නුම් කරනු ලබන බව පෙනෙනවා. මේ වර්ගයේ චිත්‍රපට වල ප්‍රධාන චරිත හැමවිටම වාගේ දරුණු මිනීමරුවන් මානසික රෝගීන් නැතහොත් යක්ෂාවේශයට ලක් වූ අය හෝ අවතාර වැනි සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්ම වූ අධිස්වභාවික්වයකට සමීප වූ චරිතයි. ඒ නිසාම එවැනි චරිත රංගනයේදී සාමාන්‍ය ස්වභාවික රංගනයට වඩා තරමක් නාට්‍යමය හා අධිතාත්වික රංගනයට වඩා තරමක් නාට්‍යමය හා අධිතාත්වික රංගන තත්වයකට එළඹෙන්නට එවැනි චරිත නිර්මාණය කරන ශිල්පීන්ට සිදුවෙනවා. ඇතැම් විට තම මුහුණේ භාව ප්‍රකාශනය වෙස් මුහුණක් හෝ අසාමාන්‍ය වේශ නිර්මාණයක් නිසා මුළුමනින් සීමා කරමින් ශරීර චලන හා ඉරියව් මඟින් පමණක් තම චරිතය ප්‍රකාශ කරන්නට බොහෝ රංගන ශිල්පින්ට සිදුවනවා. මෙය කිසියම් දුෂ්කර හා සියුම් රංගනයක් ලෙස සලකන්නට අපට සිදුවෙනවා. මේ තාත්වික තත්ත්වයන් ඉක්මවන රංගනයන්වලට ප්‍රේක්ෂකයා ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් ‘සයිකෝ’ චිත්‍රපට මාලාවේ ඇන්තනි පර්කින්ස් රඟන ‘නෝමන් බේට්ස් චරිතයක්, ‘හැලෝවීන්’ චිත්‍රපට මාලාවේ මයිකල් ටයර්ස් චරිතයක්. ‘නයිටමෙයා ඔන් එල්බ් ස්ට්‍රීම් මාලාවේ’ ‘ෆ්‍රෙඩී කූගර්’ චරිතයක් ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ ‘ඩ්‍රැකියුලා’ (ක්‍රිස්ටෝපර් ලී ඇතුළු රංගන ශිල්පීන් ගණනාවකගේ රංගනය) චරිතයක් ලෝකය පුරා පේ‍්‍රක්ෂකයින් භීතියෙන් යුතුවම ආකර්ෂණය කරගත් චරිතයි.
හැටේ දශකයේ අවසන් භාගය වන විට භීෂණ චිත්‍රපට රීතින් වඩා ප්‍රකාශනාත්මක හා සිනමාත්මක ඉදිරිපත් කිරීම අතින් ඉහළ වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම විචාරක විමසුමට හා අගැයිමට ද ලක්වෙනවා. ඉන් ප්‍රකාශ වන එක් අපූරු අරුතක් වන්නේ, භීෂණ චිත්‍රපටය සිනමාවේ ඉහළ කලාත්මක ප්‍රකාශනයක් ඉහළ වානිජ සාර්කථත්වයක් එක්ව ජයගත් චිත්‍රපට වර්ගයක් බවට සමාජ ආකල්පයක් බටහිර රටවල ඇතිවීමයි. හැත්තෑව හා අසූව දශක භීෂණ චිත්‍රපට ෂානරයේ ඉහළම වර්ධනය සනිටුහන් කළ යුගය ලෙස සැලකෙනවා. ඊට හේතුසාධක ලෙස ඇතැම් චිත්‍රපට විමර්ශකයින් දක්වන්නේ මේ යුගයේදී භීෂණ චිත්‍රපටය සිනමා සෞන්දර්යවේදී ලක්ෂණ වලින් මෙන්ම වත්මන් සමාජය නිරූපණය කිරීම, වත්මන් බටහිර සමාජ තත්වයන් හා ආකල්ප විවේචනාත්මකව දැකීම අතින් ද ඉහළම වර්ධනයක් ප්‍රකට කිරීමට සමත් වූ බවයි. ඒ තත්ත්වය මානව සනාථ කරන සිනමා නිර්මාණ කිහිපයක් ලෙස ‘සයිකෝ’, ‘එක්සෝසිස්ට්’, කැට්පීපල්,’ රෝස්මරීස් බේබි.” ‘හැලෝවීන්,’ ‘ෂයිනි’ වැනි චිත්‍රපට නම් කළ හැකියි. මින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කළ ‘එක්සෝසිට්’ (1973) චිත්‍රපටය, බිහිසුණු යක්ෂාවේශයක් පදනම් කරගත් ‘විලියම් පීටර් බ්ලැට්’ නම් ප්‍රකට නවකථාකරුවාගේ ප්‍රකටම නවකථාවක් ඇසුරින් නිර්මාණය කළ භීෂණ චිත්‍රපට කලාවේ අග්‍රස්ථානයක් සටහන් කළ කෘතියක්. තියුණු භීතිය හා පිළිකුල දනවන නාට්‍යමය දර්ශනවලින් මෙන්ම විශිෂ්ට සිනමා ඡායාරූපකරණයක් හා තිගැස්ම දනවන උපක්‍රම බහුල රූප සංස්කරණ රිද්මයකින් යුතු ‘එක්සෝසිස්්ට්’ එකල ලොව පුරාම ජනපි‍්‍රය වූ දැඩි ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වුණා. එමෙන්ම ඉහළම ‘බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වන ස්ටැන්ලි කැබ්රික්’ ගේ ‘ෂයිනි’. (1980) චිත්‍රපටය ද ස්ටීව්න කි ගේ ප්‍රකට භීෂණ නවකථාවක් පසුබිම් කරගත් ප්‍රබල භීෂණ චිත්‍රපටයක්. දුර ඈත පෙදෙසක දැවැන්ත හෝටලයක තම බිරිඳ හා කුඩා පුතු සමඟ තනිව වෙසෙන අප්‍රකට ලේඛකයකු කෙමෙන් එම පාළු හෝටලයේ පැරණි භූතාත්ම වලට හසුව බිහිසුණු මානසික උමතුවකට බඳුන්වන මිනීමරුවකු බවට පත්වන අයුරු විදහා දක්වන කෘතියක් වන ‘ෂයිනි’. භීෂණය මානසික උමතුව හා තර්කයෙන් තොර අහේතුක මනෝභාවයන් වඩා බුද්ධිමය හා මමෝ විද්‍යාත්මක ස්වරූපයකින් ද නාට්‍යමය අයුරින් ද ප්‍රකාශ කරන ප්‍රබල භීෂණ චිත්‍රපටයක් වුවා. හැත්තෑව දශකයේ බහුල ලෙස නිෂ්පාදනය වූ හොලිවුඩ් භීෂණ චිත්‍රපට මඟින් අමෙරිකානු සමාජයේ බිහිසුණු ප්‍රචණ්ඩ සමාජ මානසිකත්වය පිළිබිඹු කරන්නට වුණා. විශේෂයෙන් හැටේ දශකයේ අවසානයේ වියට්නාම් යුද්ධයේන පරාජය වීමේ මෙන්ම වෙනත් විවිධ සමාජ, දේශපාලන බිඳ වැටීම් හා අසාර්ථකවීම් වලින් අමෙරිකානු සමාජයේ හටගත් අඳුරු බියජනක මානසික කම්පනය මේ භීෂණ චිත්‍රපට මඟින් සෘජුවක් වක්‍ර ලෙසත් මනාව පිළිබිඹු කරන බැව් ඇතැම් විචාරකයින් තම විමර්ශන මඟින් පෙන්වා දුන්නා. එකල පැතිර ගිය යක්ෂවේශ හා පුනරුප්පත්ති කථා සහිත භීෂණ චිත්‍රපට මඟින් අමෙරිකානු සමාජයේ සැඟව පැවතුණු බිහිසුණු ප්‍රචණ්ඩභාවය, ඝාතන සහජය මෙන්ම පිටස්තර නොදන්නා ලෝකයකින් පැමිණෙන බවට සැලකෙන බිහිසුණු පාපී බලවේග වෙත ඇති බිය හා ඒවායේ ඇති අනතුර වැනි දේ ප්‍රකාශ කරන බැව් තවත් භීෂණ චිත්‍රපට විමර්ශකයින් කියා සිටියා. ‘භීෂණ චිත්‍රපට ඒවායේ පේ‍්‍රක්ෂකයාට හා ඒවා අයත් යුගයට ඇති දැඩි නැඹුරු වීම හා හැඟීම කැඩපතක් සේ පිළිබිඹු කරනවා. භීෂණ චිත්‍රපට තම යුගයේ එදිනෙදා දිවියේ බිහිසුණු අවස්ථාවලට කිසිදු සබඳතාවක් ඇත්තේ නැත්තම් ඇත්තෙන්ම ඒවා භීතියක් උපදවන කිසිවක් නොවේ’ යයි සිනමා විමර්ශකයකු වූ ‘ජෝන් කෙනත් මුයිර්’ පැවැසුවේ අමෙරිකානු සමාජය හා භීෂණ චිත්‍රපට අතර සම්බන්ධතාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
කෙතරම් දියුණු තාක්ෂණික ලෝකයක එදිනෙදා දිවිය කළත් අපේ මනසේ ගැඹුරු පතුළේ පවතින්නේ දුර ඈත අතීත ලෝකයකින් රැගෙන ආ අඳුරු බියකරු සිතිවිලි ගොන්නක් විය හැකියි. ඒ නිසාම අන්ධකාරයට පාපයට නාඳුනන මිනිස් බලවේග වලට පිටසක්වළින් පැමිණෙන අමුතු ජීවීන්ට මෙන්ම පැහැදිලිව හඳුනාගත නොහැකි අසල්වාසීන් පිළිබඳවත් අප සිටින්නේ භීතියකින් එසේම බිය මුසු කුතුහලයකින් මේ අඳුරු බියකරු හැඟීම පේ‍්‍රක්ෂක රසික අපේ සිතේ බලපවත්වන තාක්කල් භීෂණ කතා භීෂණ චිත්‍රපට කෙරේ අප ආශාව, ආකර්ෂණය තව තවත් වැඩෙන බවයි. පෙනීයන්නේ. ඒ නිසාම භීෂණ සිනමාව විවිධ සංස්කෘතික ආගමික පරිසර වලට අනුව නැවත නැවත උපදිනවා. නව භීෂණ සිනමා ආකෘතීන් ශෛලීන් වලට අත්තටු ලැබී ලෝකය විවිධ රටවල ඉගිළෙන්නට සැරිසරන්නට වන බව පැහැදිලියි. ඉදිරියටත් චිත්‍රපට පේ‍්‍රක්ෂකයා වඩාත්ම ආශාකරන හැඟිම් සංකීර්ණයක් ලෙස ‘භීිතිය’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව නොඅනුමානයි.