රහසිගත මෙහෙයුමේ නොකියූ කතාව

MISSION MAJNU
ජනවාරි 12, 2023

ඒ 1971 වසරයි. ඉන්දියාවට එරෙහි යුද්ධයෙන් පකිස්තානය තුන්වැනි වරටත් පරාජයට පත් වී ඇත. එනමුත් පරාජයෙන් ඇද වැටුණේ පකිස්තානය නොවේ. ඉන්දියාව පරාජය කිරීමට ඔවුන්ට ඉතිරිව තිබුණේ එක් මාර්ගයක් පමණි. එනම් න්‍යෂ්ටික ප්‍රහාරයකි. නමුත් ලෝ පුරා විසිරී සිටින ඉන්දියානු රෝ ඔත්තු සේවාවේ (RAW - Mission and Analysis Wing - පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය) දක්ෂතාව පකිස්තානය විසින් අවතක්සේරු කර තිබිණි. මේ එක අඒඑ නියෝජිතයකුගෙ කතාවකි. නමුත් ඔහුගේ නම ඉතිහාස පිටුවල සඳහන් නොවේ.

2023 ජනවාරි මස 20 වැනිදා සිට තිරගත වීමට නියමිත ඉන්දියානු රහස් ඔත්තු සේවා (spy),  ත්‍රාසජනක චිත්‍රපටයක් වන Mission Majnu  (මජ්නු මෙහෙයුම) හි පූර්ව පරචාරක පටය එහි කතා වස්තුව ගැන කරන්නේ මෙවැනි හඳුන්වාදීමකි. පර්වීස් ෂෙයික්, අසීම් ​​අරෝරා සහ, සුමිත් බතේජා විසින් රචනා කෙරුණු එය ශාන්තානු බචිගේ අධ්‍යක්ෂණයකි. රොනී ස්ක්රුවාලා, අමර බුටාලා සහ ගරිමා මේතා විසින් නිෂ්පාදනය කෙරුණු මෙහි සිද්ධාර්ත් මල්හෝත්‍රා ප්‍රධාන චරිතය වන මජ්නු ට රංගනයෙන් දායක වන අතර තෙළිඟු සහ කන්නඩ චිත්‍රපටයන්ට ප්‍රධාන වශයෙන් දායක වන නිළියක වන රශ්මිකා මන්දනා විසින් නස්රීන් ගේ චරිතයට දායක වේ. පරිමීත් සෙති, ෂරීබ් හෂ්මි, මිර් සර්වාර්, සාකීර් හුසේන්, කුමුද් මිශ්‍රා, අර්ජන් බජ්වා, සහ රජිත් කපූර් ඇතුළු පිරිසක් විසින් සෙසු චරිතයන්ට දායක වන මෙම චිත්‍රපටයේ කැමරාකරණය බිජිතේෂ් දී සිදුකර ඇත. නිතින් බයිඩ් සහ සිද්ධාර්ත් එස් පාණ්ඩේ විසින් සංස්කරණය කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය තනිශ්ක් බචි සහ රොචක් කෝලි ගෙනි. නෙට්ෆ්ලික්ස් සමාගම විසින් බෙදාහරිනු ලබන මෙම චිත්‍රපටය RSVP Movies ඇතුළු නිෂ්පාදන ආයතන ත්‍රිත්වයක නිෂ්පාදන කර්තව්‍යයකි.

‘ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම රහසිගත මෙහෙයුමේ නොකියූ කතාව’ ලෙස හැඳීන්වෙන මෙම කතාව පිලිබඳ එහි ප්‍රධාන චරිතය රඟ දක්වන සිද්ධාර්ත් විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ‘අපේ බුද්ධි අංශය විසින් සතුරු රේඛා පිටුපස (Behind Enemy Lines) සිදු කළ මාරාන්තික රහසිගත මෙහෙයුම’ ලෙසයි.

 

[email protected]