වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
නැතිවුණු පූස් ජීවිත ලබාගත හැකි තරුවක්

යෝධ රාක්ෂයකු පරාජය කළ අප කතාවේ ප්‍රධාන චරිතය මේ හේතුවෙන්ම වීර චරිතයක් බවට ගමපුරා, රටපුරා ප්‍රචාරය වේ. එහෙත් අවාසනාවක මහත. අත්වැරදීමකින් සිය ඇඟ මත කඩා වැටුණු සීනුවක් නිසා මරණයට පත්වේ. නැවත අවදි වන ඔහු සිහි කරන්නේ පූසෙක් වූ නිසාම තමාට ලැබුණු වරප්‍රසාදයක් වූ ජීවිත නවයෙන්, අටක්ම ඔහු විනාශ කරගෙන ඇති බවයි. පළමුව මේ ගැන කිසිදු තැකීමක් නොකළද දඩයක්කාර වෘකයකු සමඟ සිදුවුණු සටනකින් පරාජය වූ පසු අප කතානායක පූසා සිය වික්‍රමාන්විත ජීවිතය පසෙකලා ‘මමා ලූනා’ නම් වූ වයස්ගත කාන්තාවක් විසින් ඇති කරනු ලබන පූස් පවුලක තවත් සුරතල් සාමාජිකයකු බවට පත්ව නිවී සැනසිල්ලේ දිවි ගෙවයි. කල් ගතවෙත්ම මෙම පූසාට, පූසෙකු ලෙස වෙස් වළාගත් බල්ලෙකු හමුවේ. ඒ සමඟම වලසුන් තිදෙනෙකුගෙන් යුත් මැර කල්ලියක්ද මුණ ගැසේ. මේ අතර මියගිය පූසාගේ සොහොන් කොතද මේ මැරයන් විසින් සොයා ගැනේ. පූසා සමඟ මිතුරුවන වලස් පවුල ඔහු වෙත පවසන්නේ තමාට නැතිවුණු පූස් ජීවිත අට නැවත ලබාගත හැකි තරුවක් ගැනයි.
මෙලෙස දිග හැරෙන ‘පූස් ඉන් බූට්ස් ද ලාස්ට් විෂ්’ නම් වූ අමෙරිකානු පරිගණක සජීවකරණ ත්‍රාසජනක චිත්‍රපටය 2011 වසරේ තිරගත වූ ‘පූස් ඉන් බූට්ස්’ චිත්‍රපටයේ දෙවැනි කොටස වේ. මෙය පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් අනතුරුව සේම ශ්රෙක් ෆ්රොරෙවර් ආෆ්ටර් (2010) චිත්‍රපටයේ සිදුවීම් වලින්ද ටික කලකට පසුව වන සිදුවීම් දාමයක් සටහන් කරයි. නිල වශයෙන් මෙය පළමු 'පූස් ඉන් බූට්ස්' චිත්‍රපටයේ සෘජු දෙවැනි කොටස (ච්ඪපඥජබ ඵඥඳභඥත) වේ. නමුත් මෙය පෙර චිත්‍රපටය නරඹා නැති අයෙකුට වුවත් නැරඹිය හැකි (ඉබචදඤ චතධදඥ) චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරී ඇත. ප්‍රධාන චරිතය (පූස් ඉන් බූට්ස්ගේ හඬට) මෙහිද ඇන්ටොනියෝ බැන්ඩෙරාස් හඬ දායකත්වය ලබා දෙන්නේය.
මෙම චිත්‍රපටය ඩ්රීම්වර්කස් ඇනිමේෂන් සහ යුනිවර්සල් පික්චර්ස් බෙදාහැරීමක් වේ. ජොඑල් ක්‍රෝෆර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ජැනුවෙල් මර්කඩෝ සම අධ්‍යක්ෂණය කර තිබේ. මාක්ස් ශ්විෆ්ට් ගේ නිෂ්පාදනයක් වූ මෙහි සල්මා හයේක්, ෆ්ලෙරන්ස් ෆු, ඔලිවියා කෝල්මන්, රේ වින්ස්ටන් ඇතුළු පිරිසක් සෙසු චරිත වෙනුවෙන් හඬ දායකත්වය සපයති. ඊයේ දින (දෙසැම්බර් 21) සිට තිරගත වන මෙම චිත්‍රපටය විනාඩි 102ක ධාවන කාලයකින් යුතු වේ. ඇමරිකානු ඩොලර් මිලියන 130ක පිරිවැයකින් නිම කර 2011 වසරේ තිරගත වූ මෙහි පළමු චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 555ක අතිවිශිෂ්ට ආදායමක් ලැබීය. එම චිත්‍රපටය බොහෝ විචාරකයන් විසින් අතිශය පැසසුමට ලක් කරන ලද අතර රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 155 දෙනෙකුගෙන් 86%ක් අනුමත කර ඇත. මෙම චිත්‍රපටයට එහි දර්ශකයේ ලැබී ඇති සාමාන්‍ය අගය 6.9/10කි. ‘පූස් ඉන් බූට්ස්’ දෙවැනි චිත්‍රපටය පළමු වැන්නට වඩා විචාරක පැසසුම් ලබා ඇත. එය රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 35 දෙනෙකුගෙන් 97%ක් අනුමත කර ඇත. එහි දර්ශකයේ සාමාන්‍ය අගය 7.8/10ක් වේ. ඇන්ටෝනියො බැන්ඩෙරාස්ගේ හඬ දායකත්වයක් ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් ආයතනයේ නිෂ්පාදන දායකත්වයත් මෙම කතාව තුළ පැරණි සුරංගනා කතාවල එන චරිත සුදුසු ලෙස ස්ථාන ගත කිරීමත් බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වී ඇත.